IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


කොවිඩ් මරණ සහ ආසාදිතයින් පාලනය කරන අයුරු දයාසිරි කියයි

(ඩයනා උදයංගනී)

යම් කිසි කාලයකට රට වැසීම හෝ ඇඳිරිනීතිය පැනවීමක් සිදුකළහොත් කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඉහළයාමේ චක්‍රය පාලනය කරගැනීමට හැකිවන නිසා ඒ ගැන සාධනීයව කල්පනා කර බලන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

මේ අවස්ථාවේ රටේ වෛද්‍ය විශේෂඥයින්, විද්වතුන් මෙන්ම දේශපාලන පක්‍ෂ නායකයන්ගේ ද ඉල්ලීම වී ඇත්තේ වසංගතය පාලනයට සති දෙකකට හෝ තුනකට රට වසා දැමීම නිසා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ බලධාරීන්ගේ උපදෙස් අනුව නිසි තීරණයක් ගැනීම සුදුසු බව ද මහලේකම්වරයා සඳහන් කළේය.

රටේ පවතින ආර්ථික තත්වය අනුව එය අසීරු කරුණක් බව තමන් පිළිගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අවස්ථාවේ එන්නත්කරණය වේගවත්ව සිදුකිරීම හොඳ වුවත් එය මීට වඩා ක්‍රමානුකූල විය යුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා එන්නත්කරණය සිදුවන ස්ථානවල විශාල වශයෙන් පිරිස් ඒකරාශීවීම ද වයිරසය පැතිරයාමට හේතුවක් විය හැකි බව ප්‍රකාශ කළේය.

රට වසාදැමීම හෝ ඇඳිරි නීතිය පැනවීම වැනි ක්‍රියාමාර්ග ගත යුත්තේ දේශපාලනඥයින් නොව සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශේෂඥයින්ගේ අදහස් අනුව බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සභාපතිවරයා මේ අවස්ථාවේ සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවන ලෙස ඉල්ලා ඇතැයි කී ජයසේකර මහතා ඒ සඳහා වෛද්‍ය හා ආර්ථික විශේෂඥයින් ද කැඳවා ඔවුන්ගේ අදහස් ලබාගැනීමද වැදගත් බව සඳහන් කළේය.

රටේ ආර්ථික අර්බුදය ජයගෙන මීට වඩා ශක්තිමත්ව ගොඩ නැගීමට නම් සියලු දේශපාලන පක්‍ෂවල මතය වැදගත් වන අතර මේ අවස්ථාවේ වෛද්‍ය අදහස් අනුව ක්‍රියා කිරීමද වැදගත් බව හෙතෙම පැවසීය.

 



අදහස් (5)

කොවිඩ් මරණ සහ ආසාදිතයින් පාලනය කරන අයුරු දයාසිරි කියයි

ජනක Wednesday, 18 August 2021 09:07 PM

ඔබතුමන්ලා ඇයි කිසි දෙයක් නොකරන ආණ්ඩුවක ඉන්නේ. බලයට තියෙන තන්හාව අතහැරලා ඉල්ලා අස්වෙන්න

:       0       0

Thilak Wednesday, 18 August 2021 09:24 PM

ආණ්ඩුවේ හිටියත් නිවැරදිව දැකීම හොඳයි. ගොටභය ජනාධිපති තුමා වුනත් නිවැරදි මගට ගෙනයා හැක්කේ වැරදි වැරදි ලෙස දැකීමෙන්, මෙලෙස ජන්දයකට අපි ගියොත්...

:       0       0

kapila Wednesday, 18 August 2021 09:54 PM

ඇති යාන්තං ආන්ඩුවේ ඇමති කෙනෙක් (විධුර හැරෙන්නට) රට වහන්න කියනවා. ලබන සතියේ බතික් ඇමැතිකමට කෙලවෙයිද?

:       0       0

harsha Thursday, 19 August 2021 04:43 AM

දෙවියන්ට බාර දෙන්න කිව්වා විතරයි ඒ කියපු කෙනොව සෞඛ්‍ය ඇමතිකළා. දෙකේ පන්තියේදීත් අපි ඔහොම ඒවා කළා. හිනෙන් බයවෙලා ගිහින් කතිරය ගහලා එන අපේ උගත්, දේශපාලනය ගැන හසල දැනුමක් ඇති, ජනතාවගේ කැමැත්තනේ...

:       0       0

ලමය Thursday, 19 August 2021 09:14 AM

මේ හරක් තඩියා කවදද දොස්තර විභාගෙ පාස් වුනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 429 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 130 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 209 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 264 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 898 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 379 1

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site