IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


කොවිඩ් මර්දන කරලත් ගේන්න යයි

(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් මර්දනය සඳහා එන්නත වෙනුවට භාවිත කෙරෙන  ප්‍රතිවයිරස කරල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රජයේ  සහ  සෞඛ්‍ය බලධාරීන්ගේ ඉහළ අවධානය යොමුවී ඇත.

මෙම ඖෂධ කරල නිපදවනු ලබන්නේ ඇමරිකාවේ මර්ක් ආයතනය විසිනි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ මේ කාරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ  විද්වත් කමිටුවට දැනටමත් යොමුකර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් එම කමිටුව නුදුරු දිනකදීම සිය නිර්දේශ ලබා දෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය  අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ මෙම කරල පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවයි.

ලෝකයේ රටවල් ගණනාවක් මේ සඳහා ඇණවුම් ඉදිරිපත් කර ඇති බවත් ඇණවුම ඉක්මනින්ම බාර නොදුනහොත් ඖෂධය ලබා ගැනීම ප්‍රමාද විය හැකි බවත් මහාචාර්යවරයා සඳහන් කළේ‍ය.



අදහස් (6)

කොවිඩ් මර්දන කරලත් ගේන්න යයි

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 November 2021 04:15 PM

කරල ගේනවා නම්, කලින් එන්නත් ගෙනාවා වගේ නොකොට විනිවිද භාවයකින් යුතුව කටයුතු කරන්න. එසේම කරල් ගෙන්වීමේ අවස්ථාව පෞද්ගලික අංශයටත් ලබාදෙන්න. එවිට එයින් රජයේ කරල් හිඟයකින් තොරව දුප්පත් ජනතාව වෙත ලබාදිය හැකියි. අවශ්‍ය අයට මුදල් ගෙවා ලබාගත හැකියි.

:       1       7

NUWANSunday, 07 November 2021 07:34 PM

පිස්සුද මේක තමයි නවතම ගරානාව .එන්නත් ගැහිල්ලෙන් චාටර් වුනා. ආණ්ඩුවේ හෙන්චයියෝ දැන් කරලෙන් ගරන්න ක්‍රමයක් හදා ගනී

:       0       0

Nalin gamage Sunday, 07 November 2021 04:40 PM

මුලින්ම එන්නත, දැන් පෙත්ත... ඔප්පු කරලා තියෙන අපේම බෙහෙත් පාවිච්චි කරන්නකෝ.....

:       1       0

Ras Sunday, 07 November 2021 08:47 PM

සුද්දෙක් හැදුවත් කරල් විතරක් නෙමේ. වහ වුණත් ගෙනල්ලා මිනිසුන්ට පොවයි. අපේ දොස්තර කෙනෙකු මේ වගේම කරලක් හැදුවා නේද? තීරකය කොමිස් කුට්ටිය තමයි ඉතින්...

:       1       0

Sriland Monday, 08 November 2021 02:40 AM

බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ.... කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්...

:       1       0

Salim Monday, 08 November 2021 08:10 AM

මොනවා ඔට්ටුද??? අර හොරටම තමයි ගේන්න දෙන්නේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට අමාත්‍යාංශ තුනක්
2024 නොවැම්බර් මස 18 1167 0

අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.


කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 140 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 1136 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 364 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 348 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 175 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 633 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1810 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site