IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


”කවදාහරි මගේ අම්මා වගේ වෙන්නයි ඕනෑ වුණේ”

ත‍්‍රිශූලදීප තඹවිටගේ - මිනිමහිම (මිහිපා) මහේන්ද්‍ර කුලසිංහගේ - හිරුසඳුට ආදරෙයි (සෙව්වන්දි) රෝහණ සමරදිවාකරගේ මීදුමෙන් එහා (නිශාදි) ඉරේෂ් ලොකුබණ්ඩාරගේ නීල පළිඟු දිය (රුවන්ගි) යන චරිත සමග ආලින්දය හැඩකරන නිලූක්ෂි ප‍්‍රනාන්දු අද අපි සැඳැල්ල කතාබහට කැඳවීමු.

SAN_3653 


button නිලූක්ෂි, මේ චරිත අතරින් ඔබට වඩා සමීප චරිතය කුමක්ද?
මට හිතෙන විදියට මිහිපා සහ රුවන්ගි චරිත ගැන අනෙක් චරිතවලට වඩා මිනිස්සු වැඩිපුර කතා වෙනවා. ඒ චරිත අතින් ‘මිහිපා’ චරිතය මට ගොඩාක් ළඟයි වගෙයි.

 


button සැබෑ ජීවිතයේදී ඔබට මොනවගේ චරිතයක් වෙන්නද අවශ්‍ය වුණේ?
පැවරෙන සියලූ වගකීම් දරාගෙන, ඒවා ඉටු කරමින්, සැහැල්ලූවෙන් අවංකව ජීවත්වන චරිතයක් වෙන්නයි.

 


button සමාජයේ සිටින චරිත අතරින් ඔබට මොනවගේ කෙනෙකුගේ ආදර්ශය ගන්නද  ඕනෑ වුණේ?
කවදාහරි මට මගේ අම්මා වගේම වෙන්නයි මට  ඕනෑ වුණේ.

 


button අම්මා ලස්සනයි? හොඳයි? එහෙමද?
ඔව්, අපේ අම්මා ලස්සනයි. ඊටත් වඩා ඇය අරුත්බර වෙන්නෙ වගකීම් සාර්ථකව ඉටුකළ අපූරු කාන්තාවක් නිසයි.

 


button පවුලේ ඔබ විතරද?
අම්මා, තාත්තා, නංගිලා තුන්දෙනා සහ මම. දැන් මම සැමියා සහ දියණිය.

 


button ඔබ ඔබගේ අම්මා වගේම ඔබගෙ පවුලට වගකීම් ඉටුකළ සහ ඉටුකරන කෙනෙක් කියලා හිතනවද?
අනිවාර්යෙන්ම ඔව්. අපේ ලොකු නංගි විවාහ වුණා. ඒ වෙලාවේ මම දෙමාපියන්ට ලොකුු සහයෝගයක් දුන්නා. මට පුළුවන් විදියට මගේ උපරිමයට ඉටුකරනවා.

 


button එදා ඔබ ඉගෙන ගන්නා කාලයේදී ඔබගෙ මව බලාපොරොත්තු වුණේ ඔබ කොතැනක නතර වේවි කියලද?
නිළියක වන බව නම් කවුරුවත් හිතන්න නැතුව ඇති. ඒ තරමටම මම ලැජ්ජාශීලි වුණා. අද වුණත් කැමරාව ඉදිරියේ රඟපෑවාට මම හරි ලැජ්ජාශීලියි. කොහොම වුණත් රංගනයෙන් ජනතාව පිනවීමට ලැබීමත් මා ලද වාසනාවක්. ඉතින් මේ විදියට රටට වැඩදායි චරිතයක් වේවි කියලා අම්මා හිතන්න ඇති.

 


button ඔබගෙ කැමැත්ත වුණේ?
ලස්සනට ඇඳ පැළැඳගෙන කටයුතු කරන ලස්සන දොස්තර නෝනා කෙනෙක් පුංචිම කාලයේදී මම දුටුවා. කවදාහරි මටත් එහෙම වෙන්න ඇත්නම් කියන ආසාව එදා මට ඇති වුණා. පසු කාලයකදී පරිගණක ක්ෂේත‍්‍රයෙන් ඉහළට යන්න හිතුණා. කොහොම වුණත් පසුකාලයකදී රැකියාවක් කරන අතරතුරේදී තමයි මේ ක්ෂේත‍්‍රයට ආවේ. රංගනයෙන් සමාජයට පණිවුඩයක් දිය හැකි චරිත කිරීමේ ආසාව එහිදී ඇති වුණා.

 


button රඟපෑමේ ක්ෂේත‍්‍රයේදී ඔබ අපේක්ෂා කළ ඒ චරිත ලැබුණද?
ඔව්, බොහෝ දුරට ලැබුණා.

Sandella 06-07.indd


button ඒ චරිත අතරින් ඔබ මේ දක්වා ලැබූ ඉහළම ප‍්‍රතිචාරය?
මම රංගනයට එක්වූ පළමු ටෙලි නිර්මාණය වන අශෝක අතාවුදහෙට්ටි මහතා අධ්‍යක්ෂණය කළ සත්ෂෆාකාරය........? නාට්‍යයේ රඟපෑ චරිතයටයි. එතුමා දිනක පුවත්පතකට කියා තිබුණෙත්, සුමිත‍්‍රා පීරිස් මහත්මියට එදා වසන්ති චතුරානි හමුවූවා සේ මෙදා ඔහුට තවත් වසන්ති කෙනෙක් හමුවුණා කියලයි. ඉතින් ඒ වගේ ප‍්‍රතිචාර මේ ගමනට ලොකු ශක්තියක් වුණා.

 


button ක්ෂේත‍්‍රයේදී රඟපෑමේදී ඔබට හමුවූ විශිෂ්ඨ රංගන ශිල්පිනිය කවුද?
මගේ ඇස් පනාපිට දුටු අපූරු ශිල්පිනියන් අතරින් වසන්ති චතුරානි, ජයනි සේනානායක, චාන්දනී සෙනවිරත්න වැනි ප‍්‍රවීනතම ශිල්පිනියන් හරිම විශිෂ්ඨයි.

 


button ලෝකයේ මෙතෙක් දුටු කාන්තා චරිත අතරින් ඔබ වඩා ගරු කරන්නේ?
කතා දෙකක් නැහැ, ඒ මගේ අම්මාටයි.

 


button ඒ හැර?
වෙන කෙනෙක් ඒ තරමටම මට දැනිලා නැහැ.

 


button ඔබ සසල කළ පිරිමි චරිතය කවුද?
සංසිද්ධියක් හැටියට ගත්තොත් මගේ සැමියා තමයි.

 


button ඔබ බොරු කියනවද?
කෙනෙකුට යහපතක් වෙනවා නම් හොඳක් වෙනවා නම් ඒ නිසා ඒ බොරුව කියන්නම වෙනවා නම් කියනවා.

 


button ඔබ හොඳද? ඒ මොන වගේ දේ නිසාද?
වැරදීම් වෙනවත් ඇති. ඒත් මම සියලූ දේ කරන්නෙ හිතට එකඟවයි. ඒ නිසා හොඳයි කියලා හිතනවා.

 

 

 


button හිතට දැනෙන ගී අතරින් ගීයක් මුමුණන්න කිව්වොත්?
”දුනු කෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා
පසළොස්වක සඳ වාගේ මුහුණ පෙනෙනවා
මගේ අම්මා මට ලොව්තුරු සුවය සදනවා”

 


button නිළි ගරුත්වය රැක ගැනීමට නම් මොනවගේ හැසිරිය යුතුද?
කරන රංගන රාජකාරිය අවබෝධයෙන් ගෞරවයෙන් කළ යුතුයි. මොන දේ කළත් මම ගැහැනියක යන අවබෝධය තිබිය යුතුයි. සමාජයට පණිවුඩයක් ගෙන දෙන විදියට ගැහැනුකම තබාගෙන ආදර්ශමත් විය යුතුයි.

sadun-gamage

 



අදහස් (0)

”කවදාහරි මගේ අම්මා වගේ වෙන්නයි ඕනෑ වුණේ”

ගයාන් Tuesday, 11 August 2015 10:50 PM

මං ඇයව ඇත්තටම දැකලත් තිබෙනවා (නි)

:       0       0

ඩේවිඩ් Tuesday, 11 August 2015 11:01 PM

ලස්සන කාන්තාවක්. ඔබේ මවට ඔබේ ඇති ආදරය හා ගෞරවය ඔබේ පිළිතුරු වලින් පෙනෙනවා. විනීතව ඇඳුම් පැළඳුම් ඇඳ ඇති බව කියන්න පුළුවන්. සුබ පැතුම් (නි)

:       0       0

කුමාරි Sunday, 27 September 2015 11:46 AM

ලස්සන කාන්තාවක්. මම ඇත්තටම මේ කාන්තාව දැකලා තියෙනවා.පුදුම ආදරයක් තමයි අම්මාට තියෙන්නේ. ඇයගේ පිළිතුරු වලින්ම එය තේරෙනවා. දිරිය ආදරවන්ත කතාවක්. (නි)

:       0       0

උත්පලා Wednesday, 12 August 2015 07:32 AM

ඔබගේ නිහතමානීත්වය අගය කරනවා.....අනෙක් නිළියන්ට වැඩ සුවිශේෂි යහපත් ගති පැවතුම් ඔබ සතුව ඇති නිසා ඔබගේ ගමන් මග තුළ ජය නියතයි.අනාගත ජීවිතය සාර්ථක වේවා........... (ම)

:       0       0

පුන්සිරි Wednesday, 12 August 2015 12:33 PM

කොහොමත් දුලා අම්මල වගේ තමයි. (බ)

:       0       0

සනත් බණ්ඩාර Wednesday, 12 August 2015 04:06 AM

බොළඳ පෙම් කතාවක් උනත් සඳා ටෙලි නාට්‍යයේ ඔබගේ රංගනය විශිෂ්ටයි. ලෙස්ටර් ශුරීන්ගේ දෑස නිසා චිත්‍ර පටියේ ශ්‍රියානි අමරසේනගේ රංගනයට පසු අන්ධ චරිතයක් මා දුටු හොඳම රංගනය.(නදි)

:       0       0

රූපවතී Wednesday, 12 August 2015 12:54 PM

ලස්සන කාන්තාවක් ..! ඇත්තටම එය ලස්සනයි ඇය තම මෑණියන්ට බොහෝසේ ආදරය කරන වග අැගේ හදවතේ වචන වලින් අපිට හොදට හැගෙනවා එවැනි දරුවෙකුට කවදාවත් වරදින්නේ නැහැ ..?ඔබට සුබ අනාගතයක් ..!!! (බ)

:       0       0

ගෞරියෙල් Saturday, 15 August 2015 08:04 AM

ලස්සන විලාසිතා අපේ රටේ මොනතරම් තිබෙනවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3660 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හාරිස්පත්තුව අනුරට
2024 සැප්තැම්බර් මස 22 10 0


උතුරු කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 159 0


අම්පාර අනුරට
2024 සැප්තැම්බර් මස 22 68 0


කළුතර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 110 0


කල්කුඩා සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 125 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14673 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 65 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 234 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site