IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කැවුම් කිරිබත් අරං පොලිසි එති

දඹුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා 17 මාසයකට පසු දඹුල්ල පොලිසියෙන් පිළියන්දලට මාරුවක් ලැබීය.

ඔහුගේ සේවය අැගයීමටත්, සමු ගැනීමටත් ගම් නියම්ගම්වලින් බොහෝ පිරිස් පොලිසියට ආහ.

කැවුම්, කොකිස් කිරිබත් රැගෙන ආ ඔවුන්  සමඟ මහා සංඝරත්නය ද වැඩම කළහ.

සමරකෝන් මහතාගේ පියාත්, සීයාත් පොලිසියේ සේවය කළහ.

දඹුල්ලේ හෙරොයින් මත්කුඩු හා කසිප්පු උවදුර බොහෝ දුරට තුරන් කිරීමටත්, පවුල් ආරවුල් විසඳීමටත්, අපරාධ අවම කිරීමටත් ඔහු ගත් ක්‍රියාමාර්ග බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.

ඔවුහු බොහෝ දෙනෙක් හඬා වැටුණාහ.

මිනිස්සු ද, ගැහැණු ද හැඬූහ. සිවිල් සංවිධාන නායකයෝ ද හැඬූහ. දඹුල්ල පොලිස් ඉතිහාසයේ මෙවැනි සමු ගැනීමක් මෑතකදී වාර්තා නොවීය.

DSC05840 DSC05858 DSC05864 DSC05888 DSC05899 DSC05902 DSC05908

DSC05878 DSC05894 DSC05897



අදහස් (0)

කැවුම් කිරිබත් අරං පොලිසි එති

ගමගේ Tuesday, 19 January 2016 07:08 AM

හොද මනුස්සයෙක් නොවේ නම් ලංකාවේ කිසිම කෙනෙකුට මෙහෙම කිසිවෙක් සළකන්නේ නැහැ (බ)

:       0       0

දේවසිරි Tuesday, 19 January 2016 07:08 AM

පිළියන්දල කියන්නේ වැඩිපුරම අනවසර ගරාජකරුවන් සිටින තැනක්. (නි)

:       0       0

සිරිනිමල් Monday, 18 January 2016 04:17 PM

සංවේදී අවස්ථාවක දර්ශන පෙළක්. ඔබතුමාට නිදුක් නීරෝගී අනාගතයකට සුබ පැතුම්! ගෞරවාන්විත සේවයක් කිරීමට හැකියාවක් ලැබේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 04:25 PM

මේ ගැන අහන/කියවන අපිටත් ඇඬෙනවනේ. (නි)

:       0       0

විජිත් Monday, 18 January 2016 04:21 PM

වන සිවුපාවුන් වැනි අය අතරෙත් මෙවැනි දෙව් ගති ඇති මිනිසෙක් සිටී යැයි ඇසීමත් සතුටකි. තමනුත් අන් අයමෙන්ම මිනිසෙක් බව අමතක නොකළ මහත්මයාණෙනි, ඔබට වාසනාවන්ත අනාගතයක් පතන අතරම සියලුම දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය හා තුනුරුවන්ගේ පිහිට නොඅඩුවම ලැබේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

දහම් Monday, 18 January 2016 04:36 PM

හිටියොත් හොඳට හැදී - දෙවියොත් නමට වදී... පිළියන්දලටත් ගෞරවනීය සේවාවක් දෙන්න. (නි)

:       0       0

පියවතී Monday, 18 January 2016 04:54 PM

මේ වගේ අය ඉන්න තිබුනේ ඇඹිලිපිටියේ (නි)

:       0       0

චන්ද්‍රා Monday, 18 January 2016 05:04 PM

ඔබතුමාට දීර්ඝායු වේවා! (නි)

:       0       0

සුනෙත් හේමන්ත Tuesday, 19 January 2016 01:03 PM

මමත් දඹුල්ලේ සහ මෙතුමා දඹුල්ල ජනතාවට කර ඇති සේවය මෙතකි කියා කියන්න අමාරුයි. හදවතින්ම අවංකව කතා කරන පොලිස් නිලදාරියෙක් මම දැක්කේ මොහුගෙන් විතරයි. (ර)

:       0       0

සේනක Monday, 18 January 2016 05:08 PM

මේ නිලධාරියාට අපේ සුභාශිංසන! (නි)

:       0       0

සුනෙත් හේමන්ත Tuesday, 19 January 2016 01:08 PM

පිටිගල මිලානෝ - මම දඹුල්ලේ, සාරනාත් මහතා මේ ආණ්ඩුවට කලිනුත් දඹුල්ලේ තමා සේවය කලේ. ඔහු හොඳ කොන්ද පන තියෙන නිලදාරියෙක්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Monday, 18 January 2016 05:33 PM

අසංකගේ කතාවෙත් යම්කිසි සත්‍යයක් තිබෙනවා ඇති. (නි)

:       0       0

ලලිත් Monday, 18 January 2016 06:01 PM

මෙච්චර හොඳ නම් ඇයි එතුමා යවන්නේ? (නි)

:       0       0

චමල් Monday, 18 January 2016 12:17 PM

මෙන්න නියම පොලිසිය. මෙතුමා දඹුල්ලට කරලා තියෙන සේවය මෙච්චරයි කියන්න බැරි තරම්. (ර)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 18 January 2016 06:26 PM

ෆෙඩ්රික්, හඳහන බලලාම ඕවා ලියන්න. (නි)

:       0       0

සම්පත් Monday, 18 January 2016 12:36 PM

මෙවෙනි නිලධාරියෙක් අපේ ප්‍රදෙශයට පැමිණීම සාදරයෙන් පිළිගනිමු ......(කෞ)

:       0       0

සුපුන් Monday, 18 January 2016 06:42 PM

කෝ මේ සාමාන්‍ය ජනතාව? ඔක්කොම පොලිසියනේ අඬන්නේ (නි)

:       0       0

රිචි බාලසුරිය Monday, 18 January 2016 07:02 PM

පොලිසියට ගරුත්වයක් ලබාදෙන මෙවැනි පොලිස් නිලධාරින්ට රටවැසියනුත් මෙසේ සැළකීම දෙවියන් පිදීමක් වැනිය. අමනුෂ්‍ය පොලිස් නිලධාරීන් අතර මනුස්සකම දන්නා මෙවැනි නිලධාරීන් දෙවියන් මෙනි (නි)

:       0       0

කපිල Monday, 18 January 2016 12:37 PM

මෙවැනි අවංක, දක්ෂ, බුද්ධිමත් සහ උසස් ගති ගුණ වලින් පිරිපුන් පොලිස් නිලධාරීන් පොලිසියටත්, රටටත් වටිනා ආදර්ශයක්. ඔබගේ ඉදිරි ගමනට මගෙන් උණුසුම් සුභපැතුම් !(කෞ)

:       0       0

ටිකිරි Monday, 18 January 2016 07:14 PM

මේවා දකින්නත් අපේ ඇස් වාසනා කරලා තියෙන්න ඕනෑ (නි)

:       0       0

තෙහාන් Monday, 18 January 2016 12:38 PM

මේ වගේ රත්තරන් මිනිසුන් ඉන්න පොලිසිය කොච්චර වාසනාවන්තද? (කෞ)

:       0       0

රදේ - බර්ලින් Monday, 18 January 2016 07:34 PM

මේවා දකින අපේ ඇස් වලටත් කඳුළු එනවා. (නි)

:       0       0

හේවා Monday, 18 January 2016 07:42 PM

මෙවන් පින්වත් පොලිස් නිලධරීන් අනෙකුත් පොලිස් ස්ථාන වලත් ඉන්නවා නම් මොනතරම් පිනක්ද? (නි)

:       0       0

හේවාවිතාරණ Monday, 18 January 2016 07:56 PM

මා දන්නා තරමින් තම පරම්පරාවෙන් පොලිසියට බැඳුනු පොලිස් නිලධාරීන් මහඟු සේවයක් සහ අවංක සේවයක් කරනවා (නි)

:       0       0

ජනහිත Monday, 18 January 2016 08:36 PM

මම ඔබතුමා ගැන මොකුත්ම දන්නේ නැතිවුණත් මට පෙනෙන්නේ ඔබතුමා මනුෂ්‍යයෙක් නොවෙයි දෙවියෙක් කියලයි. ඉතින් ඔබ යන යන තැන මල් පිපේවා! ජනතාවට සේවය කිරීමට ශක්තිය වගේම සියලුම දෙනාගේ සහයෝගය නොඅඩුව ලැබේවා යන්න මගේ පැතුමයි. (නි)

:       0       0

කුමාරසිංහ Monday, 18 January 2016 09:23 PM

මහජනතාවටත් දුක ඇති ගොඩක් (නි)

:       0       0

කෝසල Monday, 18 January 2016 09:24 PM

හොඳ මහත්තයෙක් අපිට නැතිවුණා (නි)

:       0       0

රන්ජිත් Monday, 18 January 2016 09:55 PM

ෆෙඩ්රික් කියන්නේ ඇත්ත. අනේ මේ සාරානාත් මහතාටවත් මේ ගැන යමක් කරන්න ලැබේවා. (නි)

:       0       0

සමරපාල Monday, 18 January 2016 10:49 PM

මට මේ ඡායාරුප ටික බලලා අඬන එක නවත්වාගන්න බැහැ. ලොකු වේදනාවක් එනවා. මේ ඡායාරූප මතක්වෙද්දි මට ඇඬෙනවා. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 18 January 2016 12:53 PM

මේ මනුෂ්‍යාව සර්වබලධාරී දෙවියන් ආරක්ෂා කරන්නට ඕනා. (ර)

:       0       0

ප්‍රසාද් Monday, 18 January 2016 10:56 PM

මගේ ජීවිතේටම මෙහෙම සමුගැනීමක් දැක්කමයි. ඔහු ඉතා උතුම් ගති ඇති කෙනෙක් බව පෙනේ. පොලිස් දෙපාර්තමේන්තුවේ "දුර්ලභ මැණිකක්" වගෙයි. (නි)

:       0       0

විමුක්ති Monday, 18 January 2016 01:04 PM

පොලිස් නම කන මිනිස්සු අතරේ දෙවිවරු වගේ මිනිස්සුත් ඉන්නවා ආයූබෝවන්. (ර)

:       0       0

දුමින්ද Monday, 18 January 2016 12:59 PM

කඳුලක ගැඹුර. (ර)

:       0       0

පිටිගල මිලානෝ Monday, 18 January 2016 11:09 PM

රනිල් මහත්තයා වගේ කෙනෙක් පුටුවේ ඉන්නතුරු මේ පොලිස් මහතාට බයනැතුව අවංකව තම රාජකාරිය ලංකාවේ ඕනෑම අස්සක මුල්ලක කරන්න පුලුවන්වෙයි, බය නැතුව. ඔබට ජය පතමි! (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Monday, 18 January 2016 01:07 PM

ඔබ උතුම් මිනිසෙකි. ඔබ මෙලොවට බිහිකළ දෙමව්පියන්ට පින්.! (ර)

:       0       0

හේරත් Monday, 18 January 2016 11:21 PM

මිනිසුන් අතර දෙවියෙක්. මෙය සියලු දෙනාටම ආදර්ශයක් වේවා! ඔබට බුදු සරණයි! (නි)

:       0       0

ජයන්ත දසනායක Monday, 18 January 2016 01:02 PM

දකින්න ආස හිතෙන පිතුර ටික. පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශමත් නිලධාරියෙක්. සුභ පැතුම්.! (ර)

:       0       0

යසපාල Monday, 18 January 2016 11:30 PM

ඇත්තටම දුකහිතෙනවා අපිටත් (නි)

:       0       0

දිසානායක Monday, 18 January 2016 11:58 PM

මගේ ඇහැටත් කඳුලක් ඉනුවා. හැමෝම මෙහෙම වෙනවා නම් පොලිසීය කොච්චර හොඳද? (නි)

:       0       0

සරණපාල Tuesday, 19 January 2016 10:03 AM

අපගේ හෘදයාංගම ස්තුතිය ඔබ තුමාට. හැබැයි ඔබතුමා පරිස්සම් වන්න ඔබගේ කට්ටියගෙන්ම. මම දන්නා ඔය වගේම පිදුම් ලද පොලිස් නිලදාරියෙක් අද නඩු පටලවල හිරබත් කනවා.(ම)

:       0       0

රෝහිණී Monday, 18 January 2016 01:14 PM

මෙන්න මෙහෙම තමයි පොලීසිය වැඩ කළ යුත්තේ. නැතුව එතෙන්ට එන හැමෝවම උසාවි දාන​.පහරදීලා කූඩුවට දාන යුගය ඉවත් කරන්න හැකි,මෙවැනි නිලධාරීන් අගය කළ යුතුයි. අහිංසක ජනතාවට තේරුම් කර දුන්නාම ,ඒ අය තේරුම් ගන්නවා. නීතිඥයන් අකමැති වෙයි ඒත්. (බ)

:       0       0

රංග Monday, 18 January 2016 01:15 PM

යහපත් නිලධාරීන්ටත්, ඇඹිලිපිටියේ පොලිසියේ අයටත් එකම සැලකීම...!! ස්ථාන මාරු...!! (බ)

:       0       0

ජයවර්ධන Tuesday, 19 January 2016 12:26 AM

අජිත්, ඔබවැන්නන් මේ සමාජයට පිළිල බව අමුතුවෙන් කිවයුතු නොවේ (නි)

:       0       0

නිරන්ජන් Monday, 18 January 2016 01:10 PM

මේ තමා නියම රාජ්‍ය සේවයේ නියුතු නිලධාරී සැබෑ දෙවිවරු ඔබට සුබ ගමන් තවත් පළාතකට කොන්ද කෙලින් තියන් සේවය කරන්න ලැබේවා (බ)

:       0       0

අබය Tuesday, 19 January 2016 12:26 AM

පිළියන්දල කියන්නේ අපේ ගම්පළාත. දඹුල්ලේ රාජකාරිය කළාසේම අපිටත් යහපත් ආකාරයට, දේශපාලකයන්ට ගැති නොවී රාජකාරිය කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. හැබැයි මෙහෙ ඉන්නේ දඹුල්ලේ වගේ ගැමියෝ නම් නෙමෙයි. පිළියන්දලිනුත් ඔයාකාරවම සමුගැනීමක් සිදුවුණොතින් දක්ෂ පොලිස් නිලධාරියෙක් හැටියට ඔබේ නම පවතිනවා ඇත. (නි)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 19 January 2016 12:51 AM

හොඳ අයට වැඩිකල් ඉන්න ලැබෙන්නේ නැති එක තමා දුක. (නි)

:       0       0

සම් Monday, 18 January 2016 01:19 PM

පිළියන්දලටත් ඔබ වගේ කෙනෙකුගේ සේවය ලැබීම අගය කරමි. (ර)

:       0       0

නෙළුම් Tuesday, 19 January 2016 12:53 AM

කාන්තාවන්ට නම් දුක වාවාගන්න බැහැ වගෙයි. මටත් දුකයි (නි)

:       0       0

අරුණ Monday, 18 January 2016 01:23 PM

වහාම පොලිස්පතිතුමා කරරන්නට ඕන. (ර)

:       0       0

කෙනත් Tuesday, 19 January 2016 01:41 AM

එතුමා වැනි අය රටටම වාසනාවක්! (නි)

:       0       0

ෆෙඩ්රික් Monday, 18 January 2016 01:35 PM

පිළියන්දල කියන්නේ අපරාධ මරමස්ථානයක්. අනවසර ගාරාජ පොලිසියෙ ප්‍රධාන අදායම. රථවාහන ලොක්ක ත්‍රී වීල් ගොඩක හිමිකරුවෙක්. අනවසර ගරාජ වලින් මුදල් ගෙන අපරාධ කරන්නේ මිනිහ (බ)

:       0       0

නලීන් Monday, 18 January 2016 01:38 PM

ඔබව බලන්න මම පිළියන්දලට එනවා . ප්‍රණාමයකි !(කෞ)

:       0       0

කමල් Tuesday, 19 January 2016 02:09 AM

මම නම් අපේ පොලිස් ස්ථානාධිපති කවුද කියලාවත් දන්නේ නැහැ. (නි)

:       0       0

අසංක Monday, 18 January 2016 01:36 PM

මේකට සාමාන්‍ය ජනතාවත් දුක් උනානම් මේක හොඳ ප්‍රවෘත්තියක් වෙන්න තිබ්බා.මේ මනුස්සයා ගැන දන්නෝ දනිති .කෙසේ වෙතත් මෙම මාධ්‍යවේදියා ද පොලිසිය පිම්බීම ගැන වැඩිපුර හිතන බවත් පාඨකයෝ දනිත්.(කෞ)

:       0       0

දැකුම් Tuesday, 19 January 2016 02:09 AM

මට නම් හිතෙන්නේ අජිත් වගේ අයට තමයි මළ සමයං කියලා. ඇත්තටම අපි මේ වගේ ආදර්ශමත් නිලධාරීන් අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

අමිල Tuesday, 19 January 2016 02:13 AM

හොඳ පොලිස් නිලධාරියෙක්. මේ වගේ පොලිස් නිලධාරීන් රටටම වාසනාවක් (නි)

:       0       0

සරත් Tuesday, 19 January 2016 10:28 AM

ඔබතුමා ආදරෙන් සාදරෙන් පිළියන්දලට පිළිගනිමි හොද හිත ඇති මිනිසුන් ඉන්න පළාතක් කැස්බැවේ (බ)

:       0       0

ප්‍රගීත් Tuesday, 19 January 2016 02:20 AM

රාජකාරිය අකුරටම කළාම කාටත් හොඳ පැසසුම් ලැබෙනවා. (නි)

:       0       0

ලක්ෂ්මන් කුමාර Tuesday, 19 January 2016 02:40 AM

රටට අවශ්‍ය වන්නේ මෙවැනි මිනිසුන්ය (නි)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 19 January 2016 10:42 AM

හොඳ මිනිසාට කඩදාසි සහතික වැඩක් නැත. ඔබ තුමා මහත් ධනයක් හම්බ කර ඇති පොහොසතෙක් බව ඉහත ලිපියෙන්ම වැටහෙනවා. ඔබට ජයවේවා! (ම)

:       0       0

සෙන්සාන් Tuesday, 19 January 2016 02:59 AM

අපගේ දේශපාලකයින්ට හොඳ ආදර්ශයක්. ඔවුන් වෙනුවෙන් එක කඳුලක් හෙලන්න එක මිනිහෙක් ඉන්නවාද කියලා විමසලා බලන්න (නි)

:       0       0

නුවන් Tuesday, 19 January 2016 03:03 AM

පිටිගල මිලානෝ, එතකොට මේ මහත්තයා අවංකව සේවය කරලා තියෙන්නෙ රනිල් මහත්තයා නැති කාලෙක නෙමෙයිද? (නි)

:       0       0

හෙට්ටිආරච්චි Monday, 18 January 2016 02:18 PM

ගොඩක් සංවේදී අවස්ථාවක් (බ)

:       0       0

සිරිපාල Tuesday, 19 January 2016 03:08 AM

රටේ නීතිය රජකරන්නේ සමාජය යහපත් වන්නේ නිවැරදි දැක්මත් තියෙන නායකයින් සිටින විටයි. නුවන්ලා වගේ අයට රනිල් මහත්තයාගේ වටිනාකම තේරුම් ගන්න අමාරුයි. (ස)

:       0       0

රොෂාන් Monday, 18 January 2016 02:14 PM

මම මීට කලින් මෙතුමා රාජකාරි කරපු අවස්ථා 2ක් දැකල තියෙනවා. නිහතමානී පොලිස් නිල දරුවෙක් (කෞ)

:       0       0

නෙත්මි Tuesday, 19 January 2016 05:54 AM

ඔබ රටට සම්පතක්. ලොවටම ආදර්ශයක්. ඔබට දීර්ඝායු වේවා! (නි)

:       0       0

පාර්තිපන් Tuesday, 19 January 2016 04:57 PM

නියම පොලිස් නිලදරියක්. ඔබතුමාට ජය වේවා.! (ර)

:       0       0

ලක්මාල් Tuesday, 19 January 2016 03:27 AM

ඔබට ජය (කෞ)

:       0       0

කැලුම් Tuesday, 19 January 2016 03:34 AM

ඔය ප්‍රවෘත්තිය කරලා තියෙන්නේ තුට්ටු දෙකේ මාධ්‍යෙව්දියෙක් නොවේ රටට වැඩක් කල මනුස්සයෙක් ඔය මනුස්සයා කළ එක දෙයක් තමුන්ට කරන්න පුලුවන්ද මම අභියෝග කරනවා ඔය කාංචන කියන මාධ්‍යෙව්දියා කල එක දෙයක් මට කරලා පෙන්වන්න. සාරානාත් කියන්නෙත් ඒ වගේ කෙනෙක් ඔය කාකි කෝට් එක දාගත්තට ඊට යටින් හොද මනුස්සයෙක් ඉන්නේ (කෞ)

:       0       0

නුවන් විජේවර්ධන Tuesday, 19 January 2016 03:34 AM

මහත්මයාණෙනි, මම ද ඔබට හිස නමා ආචාර කරමි.(කෞ)

:       0       0

සෑම් Tuesday, 19 January 2016 05:59 AM

පිළියන්දල පොලිසියට අරක්ගත් භූතයා මේ දිනවල පස්ස බිම ඇනිලා යන එන මං නැතිවයි ඉන්නේ .එයාට බලය තිබුනානම් මේ වගේ පොලිස් 'මහත්තයෙකුට' වැඩ කරන්න පුළුවන් තැනක් නොවෙයි පිළියන්දල කියන්නේ (බ)

:       0       0

හේමාල් Tuesday, 19 January 2016 03:48 AM

පොලිස් දෙපාර්තමේන්තුවටම ආදර්ශමත් නිලධාරියෙක්. සුභ පැතුම්.! පිළියන්දලටත් ඔබ වගේ කෙනෙකුගේ සේවය ලැබීම සතුටක් ........ (කෞ)

:       0       0

නිහාල් Monday, 18 January 2016 02:31 PM

ශ්‍රී ලාංකිකයන් පිදිය යුත්තන්ට පිදීම උතුම් ලෙස කරනවා.මේ චායාරුප වලින් පෙනෙනවා .(කෞ)

:       0       0

තිස්ස Tuesday, 19 January 2016 03:49 AM

මේ තමා නායකයෝ කියනේ ...ඔබ තුමාටත් සිය පවුලත් තෙරුවන් බෙලෙන් රැකදේව!!! (කෞ)

:       0       0

චන්දික Tuesday, 19 January 2016 03:52 AM

හොද රජයේ සේවකයෙක් වාගේ.(බ)

:       0       0

නිරාන් Tuesday, 19 January 2016 06:29 AM

ඔබත් අපේ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර වැනි අවංක ජාතියට ආදරේ නිලධාරියෙක් ඔබට දිනකදී මුළු ලක් වැසියාම ආදරේ කරාවි. පූජිත මහතාටත් ඔබටත් තෙරුවන් සරණයි ! (බ)

:       0       0

ජගත් ලියනගේ Tuesday, 19 January 2016 04:15 AM

මේ වගේ අය පොලීසියට වැඩි වැඩියෙන් අවශ්‍ය යුගයක් තමයි දැන්. එතුමාට තෙරුවන් සරණයි. (ම)

:       0       0

අසංක Tuesday, 19 January 2016 04:15 AM

දැන් එහෙනම් පිළියන්දලත් හදන්න තියෙන්නේ අඩු තරමේ කසිප්පු ටිකවත් නතර කරන්න... ලොකුගේ එ්කට ලේසියෙන් ඉඩ දෙන එකක්නම් නෑ (බ)

:       0       0

සංජීව Tuesday, 19 January 2016 04:17 AM

ඔබතුමා යුග පුරුෂයෙක් .. පුරන් අප්පු කිව්වා එය වගේ තව දෙන්නෙක් හැදුවනම් සුද්දොන්ට රට යටවෙන්නේ නැහැ කියල.. ඒ වගේම තමයි මේ පොලිස් නිලදරුවා වගේ තව 10 දෙනෙක් හිටිය නම් පොලීසිය අද අහන බැනුම් 50% වත් අඩු කරගන්න පුළුවනි.. (බ)

:       0       0

අජිත් Monday, 18 January 2016 03:21 PM

මළ සමයං (බ)

:       0       0

සමන් Monday, 18 January 2016 03:28 PM

දඹුලු ඉතිහාසයට නෙවේ ලංකාවේ පොලිස් ඉතිහාසයටම මෙහෙම සමුගැනීමක් නොවෙන්න ඇති.(කෞ)

:       0       0

ශාන් සෞදි Tuesday, 19 January 2016 04:18 AM

මෙන්න නියම පොලිසිය. මෙතුමා දඹුල්ලට කරලා තියෙන සේවය මෙච්චරයි කියන්න බැරි තරම් මගේ ජීවිතේටම මෙහෙම සමුගැනීමක් දැක්කමයි. ඔහු ඉතා උතුම් ගති ඇති කෙනෙක් බව පෙනේ ඉතින් ඔබ යන යන තැන මල් පිපේවා! ජනතාවට සේවය කිරීමට ශක්තිය වගේම සියලුම දෙනාගේ සහයෝගය නොඅඩුව ලැබේවා යන්න මගේ පැතුමයි ඔබතුමාට දීර්ඝායු වේවා! (බ)

:       0       0

සුරංග Tuesday, 19 January 2016 04:19 AM

පින්තුර ටික දැක්කම හිතාගන්න පුළුවන් මෙතුමා මිනිස්සුත් එක්ක කොපමණ ලෙංගතුව සේවය කරලා තියෙනවද කියල. අපේ රටට අවශ්‍ය කාකි බෑය දාගෙන ඒකෙ රැස්පොට් එක පෙන්නන අය නෙමෙයි. මෙන්න මේ වගේ මහත්මයින්, ශ්‍රේෂ්ඨ නිලධාරීන්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 129 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 153 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1870 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2751 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2056 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36866 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site