IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කවුරුත් හඳුනන 'සුදු නංගි'

2016-12-16-ent-01

”සුදු නංගි” චරිතය හරහා මට ලැබුණු පේ‍්‍රක්ෂක ආදරය අද දක්වාම නොවෙනස්ව පැවතීම තමයි මගේ ජීවිතේට ලැබුණු ලොකුම වටිනාකම. ඒ විදියට තමා රඟපෑ පළමු නාට්‍යය ”ජීවිතය ලස්සනයි” පිළිබඳ අභිමානයෙන් යුතුව කතා කරන්නෙ ඒ ”සුදු නංගි” නම් විශේෂ චරිතයට පණ පෙවූ අයෝමි ශානිකා.

ඇය තුළ සාර්ථක රංගන ශිල්පිනියක් සිටිනවා යැයි ඇය හඳුනා ගන්නෙත් මේ චරිතය හරහා කියලයි අයෝමි සඳැල්ලට පැවසුවේත්.

ඒ පිළිබඳ වැඩිදුරටත් කතා කරන්නට මෙවර ”සිත්ගත් රංගනය” වෙන්වන්නේ ඒ සොඳුරු රංගන ශිල්පිනිය අයෝමි ශානිකා වෙනුවෙන්.

 

අයෝමිගේ ජීවිතේ ලස්සන වුණු ”ජීවිතේ ලස්සනයි” ටෙලිනාට්‍යයට කොහොමද සම්බන්ධ වෙන්නෙ?

2016-12-16-ent-02මම මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ පුබුදු චතුරංග හරහා. ඔහු ගාල්ලෙ ඉගෙන ගන්න කාලෙ ඉඳන් අපි එකට පන්ති එහෙම ගියේ. ඉතින් ඔහු දන්නවා ඒ කාලේ ඉඳන්ම මට රඟපාන්න පුළුවන් කියලා. ඒ නිසාම තමයි මගෙන් ඇහුවෙ රඟපාන්න කැමැතිද කියලා. එතනින් පසුව තමයි පුබුදුම මේ කතාවෙ අධ්‍යක්ෂවරයාට මාත් එක්ක කතා කරන්න දෙන්නෙ.

ඒ අනුව තමයි සුසිල නිෂ්පාදන ආයතනයට ගිහින් ඔවුන්ව හමුවුණේ. එතනින් පසුව ඔවුන් විශේෂ වැඩමුළු කළා ඒ කතාවෙ චරිතවලට කට්ටිය ගන්න. ප‍්‍රවීණ පිරිස සහ නවකයන් හැමෝම දාලා වැඩමුළුවක් කළා. ඒ විදියට තමයි ටෙලිනාට්‍යයට අවශ්‍ය පිරිස තෝරාගත්තෙ.

 

මේක හරි අමුතු ටෙලිනාට්‍යයක්නෙ? එක පවුලක කතාවක්. ඉතින් කතාව ගැන මොකද හිතෙන්නේ?

එදා මෙදා තුර බිහිවුණු ටෙලිනාට්‍ය අතර විශිෂ්ටම ටෙලිනාට්‍යයක් විදියට මම අදටත් සලකන නාට්‍යයක් තමයි මේ.

ඒ මගෙ චරිතය සහ නාට්‍යය ජනපි‍්‍රය වීම නිසාම නෙමෙයි. මොකද මේ සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් හොඳ ප‍්‍රශංසා ලැබුණා. මම මේ නාට්‍යය රඟපාන කාලෙදී ස්වාධීන රූපවාහිනී සේවයේ නිවේදිකාවක් ලෙස සේවය කළා. එහිදී මට විවිධ තරාතිරම්වල පිරිස් සමඟ ගැටෙන්නට ඉඩක් ලැබුණා. ඒ දවස්වල ඒ හැමෝම කතා කළේ මේ නාට්‍යය ගැන. ඒ සඳහා සම්මාන උළෙලවල සම්මාන නොලැබුණත් බය නැතිව කියන්න පුළුවන් එය පුදුමාකාර ජනපි‍්‍රයත්වයක් ලැබුවා කියලා.

 

අදටත් ඒ සඳහා ප‍්‍රතිචාර ලැබෙනවද?

අනිවාර්යයෙන්ම, අදටත් ඒ නාට්‍යය ගැන ගොඩක් පිරිසක් කතා කරනවා. තවමත් මට ”සුදු නංගි” කියලා බොහෝ දෙනෙක් කතා කරන්නෙ. අනිත් එක ඒක පවුලේ කතාවක්නෙ. වැඩිහිටියො දරුවො කාටත් එකට ඉඳන් බලන්න පුළුවන්. ඒ වගේම එහි තිබුණු චරිතවලින් එක්කෙනෙක් හෝ පවුලක ඉන්නවා. ඒ නිසා ඒක අදටත් මිනිසුන්ට සමීපයි. මිනිසුන්ට රසවින්දනයක් වගේ පණිවිඩයකුත් මෙමඟින් ලබා දුන්නනේ. ඒකත් ලොකු විශේෂත්වයක්.

 

අයෝමිට තිබුණෙ අනිත් අයට වඩා විශේෂ චරිතයක් කරන්නනේ? කොහොමද ඒ අද්දැකීම.

ඇත්තටම මුලදී බය හිතුණා. මොකද මම රඟපාන්න ආසාවෙන් හිටපු කෙනෙක්. ඉස්කෝලෙ යන කාලෙත් රංගනය කළා. ඇත්තටම පුබුදු චතුරංග කතා කරලා මේ සඳහා සම්බන්ධ නොකරන්න මම සමහරවිට අදටත් නිළියක් නෙමෙයි. ඉතින් මට හිතුණා මම රඟපාන පළවෙනි චරිතයම අසාමාන්‍ය වුණාම මේ රඟපෑම මට කොහොම වෙයිද කියලා. පළවෙනි රඟපෑමම අසමත් වුණොත් මට නැවත රඟපාන්නත් හිතෙන්නෙ නැතිවෙයි කියලා හිතුණා. ඒ නිසා හරිම අභියෝගයක් වුණා. මේ චරිතෙ කොහොමද කරන්නෙ කියලා. සාමාන්‍ය චරිතයක් නම් දෙබස් කියන එක පහසුයි. නමුත් අපි පාසල් යන කාලෙවත් අසාමාන්‍ය චරිත කරලා නෑනේ.

 

ඉතින් කොහොමද ඒ අභියෝගය භාරගත්තේ.

මම කරපු එකම දේ තමයි අධ්‍යක්ෂවරයා එක්ක දීර්ඝව ඒ චරිතය ගැන කතා කරපු එක. ඔහු මට කිව්වෙ මේ අවුරුදු 18ක ගෑනු ළමයෙක් සතුටෙදි උපරිම සතුටවෙන, දුකේදි උපරිම දුක්වෙන හැඟීම්බර ළමයෙක්. නමුත් ඇයගෙ මොලේ වැඩිලා නෑ. පොඩි ළමයෙක් වගේ තමයි හැසිරෙන්නෙ. එච්චරම තමයි මගෙ ඔළුවට දාලා තිබුණෙ.

නමුත් රූගත කිරීම් පටන් ගත්තම අපේ රංගනයන් කරගෙන ගියා.

ඒ රංගනයන් කරගෙන යද්දී තුන්වෙන් දවසෙ තිබුණු දර්ශනයක තිබුණා මගේ අයියා කෙනෙක් විදේශ ගතවෙනවා කියලා අඬන සිදුවීමක්. ඉතින් ඒ දර්ශනය කරලා අවසන් වුණාම මෙහි අධ්‍යක්ෂවරයා මට කියපු එකම දේ තමයි හොඳට මතක තියාගන්න මේ නාට්‍යය යම්කිසි දවසක විකාශය වෙද්දී ”සුදු නංගි” චරිතය තමයි කතාවෙ චරිත සියල්ල අභිබවා ජනපි‍්‍රය වෙන්නෙ කියලා සහ රඟපැමෙන් දිගු ගමනක් යන්නට හැකි වෙනවා කියලත් කිව්වා. ඔහු ඒ කරපු දිරිමත් කිරීම මට ලොකු ශක්තියක් වුණා.

 

ඉතින් ඒ කතාව සැබෑවක් වුණාද?

මට ලැබුණු ප‍්‍රතිචාර අනුව අනිවාර්යයෙන්ම ඒ කතාව සැබෑවක්. මොකද මේ කතාවෙම තිර පිටපත් රචකයෝ 5 දෙනෙක් හිටියා.

ඒ අතර අනෝමා විජයවර්ධන, ඉන්දික ෆර්නිනැන්ඩු, අසංක සායක්කාර වගේ අය හිටියා. එහිදී අනෝමා විජයවර්ධන කියපු දෙයක් තමයි ඇයගේ බෝඩිම අසල සුදු නංගි වගේ ළමයෙක් ඉන්නවා කියලා. නමුත් මම අද වෙනකම් ඒ ළමයව දැකලා නැ. ඒ ළමයව දැකපු ඒ හැමෝම කිව්වෙ මගෙ ඇතුළත ඒ බලාපොරොත්තු වුණු කෙනා ඉන්නවා. චරිතෙ මොනවත් හදන්න දෙයකුත් නෑ කියලා. එතනින් එහාට ඒ විශ්වාසය මත මම අවුරුද්දයි මාස හතක් රඟපෑවා.

 

කතාවක් ජනපි‍්‍රය වෙන්නේ සාමාන්‍යයෙන් තරුණ පෙම්වතා, පෙම්වතියගෙ චරිත වගේ වුණත් සුදු නංගිගෙ චරිතය මෙතරම් ජනපි‍්‍රය වීම ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම හරි සතුටුයි. එදත් අදත් මඟතොටේ ගියත් ඒ ප‍්‍රතිචාර ඒ විදියටම තියෙනවා. ඒක හරි වාසනාවක්. හැම රංගන ශිල්පිනියටම ඒ අවස්ථාව ලැබෙන්නේ නෑ. මිනිසුන්ට එපා වෙන්නෙ නැති වෙන්න ආදරේ දිනාගෙන පවුලෙම සමීප චරිතයක් බවට මේ චරිතය පත්වුණා.

 

ඒ තරමට පේ‍්‍රක්ෂකයන් ආදරේ කළා?

ඔව්. ගොඩක්ම ආදරෙයි. ඒ වගේම විශේෂ දෙයක් කියන්න ඕනෑ. මේ කතාවෙ එක තැනක සුදු නංගි මැරුණා කියලා අතුරුදන් කළා. ඉතින් ඒ මොහොතේදී ගොඩක් දෙනෙකුට දරාගන්න බැරි දුකක් ඇතිවෙලා තියෙනවා. එක අම්මා කෙනෙක් මගේ දුරකථන අංකය කොහොම හරි හොයාගෙන කතා කරලා කියනවා සුදු නංගි මැරුණා කියලා ඒ දුකට එක පෙරපාසල් යන දරුවෙකුට උණ අරන් දවස් තුනක් පෙර පාසල් ගියෙ නෑ කියලා. ඉතින් ඒ අම්මා මට කියනාව ඒ දරුවත් එක්ක කතා කරන්න කියලා සුදු නංගිගෙ කටහඬින්. ඉතින් මම කතා කළා. ඒ තරමට පොඩි ළමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වාම මේ චරිතෙට ආදරේ කළා.

 

ඒ චරිතය අයෝමිටම ලැබීම ගැන මොකද හිතෙන්නේ?

ඒක ලොකු වාසනාවක් දෛවයෙන් ලැබුණු.

මොකද මම හිතන්නෙ නෑ වෙන චරිතයක් කළා නම් මේ තරම් ප‍්‍රතිචාරයක් ජනපි‍්‍රයත්වයක් ලැබෙයි කියලා. හැකියාව, දක්ෂතාවය ඇරුණම ඒක දෛවයෙන් ලැබුණු දෙයක්. ඒකට මම ස්තූතිවන්ත වෙනවා සුසිල නිෂ්පාදන ආයතනයේ සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියට. ඒ වගේම රවින්ද්‍ර විජේරත්න, තරංග දිසානායක ඒ හැම දෙනාම නිසා තමයි මම මේ තැනට ආවේ.

 

ධනු විජේරත්න

 



අදහස් (0)

කවුරුත් හඳුනන 'සුදු නංගි'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 430 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 621 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 373 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1023 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 191 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site