IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියට පෙර අශාන් (38) - ගයාන් (35) පෙරමුණ ගනිති

ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නහ සන්නද්ධ බලකාය විසින් ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමය (ස්ලාඩා) සමග එක්ව සිව්වැනි වරටත් සංවිධානය කරනු ලබන ‘කැවල්රි සුපර් ක්‍රොස්’ තරගාවලිය හෙට උදෑසන 9.00 සිට පාන්ගොල්ල යුද හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

තරග ඉසව් 22 කින් සමන්විත වන මෙවර තරගාවලියට යතුරු පැදි ධාවකයන් සහ මෝටර් රියදුරන් 200 කට පමණ ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිතය.

සියැට් - ස්ලාඩා ශූරතාව සඳහා පවත්වනු ලබන තරගාවලි 5 න් 2 ක් මේ වන විට නිමාවී ඇති අතර කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලිය එහි තෙවැන්නයි. පසුගිය තරගාවලි දෙකට අනුව ප‍්‍රසාද ලකුණු සටහනේ මෝටර් රථ අංශයෙන් අශාන් සිල්වාද (ලකුණු 38), යතුරු පැදි අංශයෙන් ගයාන් සඳරුවන්ද (ලකුණු 35) පෙරමුණට පැමිණ සිටිති.

මෝටර් රථ කණ්ඩායම් අංශයෙන් අශාන් සිල්වා සහ ඉර්ෆාන් ෆෝර්ඞ් නියෝජනය කරන මාග්නි රේසිං කණ්ඩායමත්, යතුරු පැදි අංශයෙන් ගයාන් සඳරුවන් සහ ඔහුගේ සොහොයුරු ශානුක සඳරුවන් නියෝජනය කරන හොණ්ඩා කණ්ඩායමත් පෙරමුණේ පසුවෙති.

පසුගිය වසරේ කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේ හොඳම රියදුරා බවට පත්වූ අශාන් සිල්වාට මෙවර තම ශූරතාවය රැකගැනීමට පසිඳු පීරිස්, දිනේෂ් දෙහෙරගොඩ, අරවින්ද පේ‍්‍රමදාස, ජනක ඩයස්, රියාස් ෆාරුක් වැනි ප‍්‍රබල තරගකරුවන්ගෙන් තරමක අභියෝගයක් එල්ල වනු නොඅනුමානය.

'ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්' තරගාවලියේදී මෙන්ම ‘සීගිරි රැලි ක්‍රොස්’ තරගාවලියේද හොඳම මෝටර් රථ ධාවකයා බවට පත්වී තිබීම අශාන්ට යම් තරමක වාසිදායක තත්වයකි.

මෙහි පසුගිය වසරේ හොඳම යතුරු පැදි ධාවකයා සහ ජාතික ශූරයා වූ ගයාන් සඳරුවන්ට මෙවර අභියෝග කිරීමට සිටින කී‍්‍රඩකයන් අතරේ ෂෙහාන් සී. අධිකාරි ඉදිරියෙන්ම සිටී.

ටි. වී. එස්. කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය යතුරු පැදි කණ්ඩායම මේ වන විට තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර ඇති හෙයින් ඔවුන්ගේ පැමිණිමද ගයාන්ට තරමක හිසරදයක් වනු ඇත. යොවුන් යතුරු පැදි ධාවක ඉශාන් දසනායකද ටි. වී. එස්. කණ්ඩායමේ සාමාජිකයකු වන අතර ඇතිවී තිබෙන ආබාධ තත්වයක් හේතුවෙන් තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්වයක පවතී.

ශෙහාන් සී අධිකාරි පසුගිය අපේ‍්‍රල් මාසයේ පැවති 'ෆොක්ස් හිල් සුපර් ක්‍රොස්' තරගාවලියේ හොඳම යතුරු පැදි ධාවකයා බවට පත්වූ අතර, අනතුරුව මැයි මාසයේ පැවති 'සීගිරි රැලි ක්‍රොස්' තරගාවලියේ හොඳම යතුරු පැදි ධාවකයා බවට පත්වූයේ ගයාන් සඳරුවන්ය. ඒ අනුව මෙම කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියේදී මොවුන් දෙදෙනා අතර ඉතා උණුසුම් තරගයක් බලාපොරොත්තු විය හැක.

සුපිරි යතුරු පැදි තරග ඉසව්ව මෙවර කී‍්‍රඩකයන් කිහිප දෙනෙකුටම විවෘතව පවතින අතර උදේශ් වෙඩිසිංහ, ආනන්ද වෙඩිසිංහ, සුරාජ් පෙරේරා, තුසිත ගුණසේකර සහ උදික ශ්‍රීමාල් මලවිගේ ඒ අතර ඉදිරියෙන්ම සිටිති.

 



අදහස් (0)

කැවල්රි සුපර් ක්‍රොස් තරගාවලියට පෙර අශාන් (38) - ගයාන් (35) පෙරමුණ ගනිති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 438 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 454 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 751 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 570 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 400 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 740 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site