හාස්‍ය තේමාව රැගත් ‘මගෝ ඩිගෝ ඩයි’ චිත‍්‍රපටය නිෂ්පාදනයට දායක වූ ජනිත මාරසිංහ යනු චිත‍්‍රපට කිහිපයකටම නිෂ්පාදන දායකත්වය සැපයූ නිෂ්පාදකවරයෙකි. ඒ අතරින් ඔහුගේම නිෂ්පාදනයක් වන ‘කිව්වද නහී - නොකිව්වද නහී’ නමින් නිර්මාණය වූ චිත‍්‍රපටය හෙට අනිද්දාට තිරගත වීමට නියමිතය. බොහෝදෙනා අර්ථවත් රසය සොයා යනවිට හාස්‍ය සමග සිනමා නිර්මාණයක් එළිදක්වන ජනිත මාරසිංහ ඒ ගැන අපට මොනවද කියන්නෙ බලමු. මාරසිංහ කිව්වාම අපට එක්වර මතකයට එන්නේ ප‍්‍රකට චිත‍්‍රපට නිෂ්පාදකවරයෙකු සුගතදාස මාරසිංහයි. ඔබ ඒ පරපුරේ කවුද? සිංහගිරි ෆිල්ම්ස් වෙනුවෙන් ‘හාරලක්‍ෂය’, ‘හිතට හිත’, ‘ඔන්න බබෝ බිල්ලෝ එනවා’, ‘පුංචි බබා’, ‘හිඟන කොල්ලා’ වැනි චිත‍්‍රපට නිර්මාණය කළ සුගතදාස මාරසිංහ අපේ මහප්පා. නමුත් මා චිත‍්‍රපට නිෂ්පාදනයට අත ගැසුවේ ජනිත ෆිල්ම්ස් නමිනුයි. ඊට පෙර චිත‍්‍රපට මෙරටට ගෙන්වීම සහ ඒ අංශයට අදාළ ව්‍යාපාර කළා. නමුත් අපි මොන විදියකින් හෝ අපේ සිංහල චිත‍්‍රපට කලාව සරසන්න ඕන. ඒ නිසා මෙලෙසින් නිෂ්පාදනයට පිවිස සිටිනවා. ‘කිව්වද නහී, නොකීවද නහී’ ඇයි මේ විදියට සරල නමක් යොදා තිබෙන්නේ? මේ කතාවේ අගක් මුලක් සිදුවීමක් තියෙනවා. අර අපි කතාවට කියන්නෙ ‘ගෙදර ගියොත් තෝ නසී, මග හිටියොත් අඹු නසී’ කියලා. අන්න ඒ වගේ මේ කතාවටත් අගක්, මුලක් තියෙනවා. මේ චිත‍්‍රපටයට අමතරව ඉදිරියේදී තිරගත වීමට නියමිත ‘රන් කෙවිට - දෙක’ සහ ‘කුස පබා’ සඳහාද සම නිෂ්පාදනයට දායක වුණා. මේ චිත‍්‍රපටය හාස්‍ය විතරක් පදනම් වූ එකක්ද? මුළු පවුලටම එකට සිට නැරඹිය හැකි චිත‍්‍රපටයක්. රන්ජන්, ටෙනිසන් සහ අර්ජුන තිදෙනාම එකට එක්ව ප‍්‍රධාන චරිතවලට දායකත්වය ලබාදෙනවා. පසුගියදා ස්වර්ණවාහිනී ‘ඩාන්ස්ටාර් ඩාන්ස්’ හැඩ කළ මේනකා පීරිස් මෙහි කතා නායිකාවයි. ඊට අමතරව රෙක්ස් කොඩිප්පිලි, ආනන්ද වික‍්‍රමගේ, චංචලා වර්ණසූරිය ඇතුළු ප‍්‍රකට නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා. ලාල් ප‍්‍රියදේව මහතා අධ්‍යක්‍ෂණය කළ මෙහි සංගීත නිර්මාණය කළේ නීල් වර්ණකුලසූරිය ප‍්‍රමුඛ සන්ෆ්ලවර් වාදක මඬුල්ලයි. කැමරාකරණය ලලිත් තෝමස් ගෙන්. සුනිල් විමලවීර, චන්ද්‍රදාස ප‍්‍රනාන්දු රචනා කළ ගීත වලට නීල් වර්ණකුලසූරිය, ශානිකා, නෙල්සන් වාස්, අභිෂේකා විමලවීර, කසුන් චාමිකර සහ තරංග ලක්මාල් ගායනයෙන් එක්ව සිටිනවා. මෙය හරියටම තිරගත වෙන්නේ? සැප්තැම්බර් මාසයේදී තිරගත වේවි. සඳුන් ගමගේ
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කිව්වද නහී නොකිව්වද නහී