IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කිව්ව විදියට වැඩ නැතිලු

මෙවර අයවැය පෞද්ගලික අධ්‍යාපනයට මඟ පාදන අයවැයක් බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සෙසු වෘත්තීය සමිති සමඟ එක්ව අයවැයට එරෙහිව අරගල කරන බව ද ස්ටාලින් මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ කොළඹ කොටුව ගුරු මැදුර ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

එහි දී අදහස් දැක්වූ ස්ටාලින් මහතා මෙසේ ද කීවේය.

‘‘මෙවර අයවැය කතාවෙන් කියා ඇත්තේ අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන අනූවක් වෙන් කර ඇති බවයි. එහෙත් පරිපූරක ඇස්තමේන්තුවේ සඳහන්ව ඇත්තේ රුපියල් බිලියන 76.9ක් පමණයි.

පසුගිය අයවැයෙන් අධ්‍යාපනයට රුපියල් බිලියන 185.9ක් වෙන් කර තිබූ බවත්  තුන් වැනි කාර්තුව අවසන් වන විටත් වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 40ක් පමණක් බවත් අය වැය කතාවේදී කියැවුණා. එය සත්‍යක් නම් අධ්‍යාපන අමාත්‍යංශයේ අකාර්යක්ෂම බව එයින්ම පෙනෙනවා. මේ ගැන අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශයක් කළ යුතුයි.

මේ ආණ්ඩුව බලයට පත් වුණේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට හයක් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කරන බවට පොරොන්දුවක් ලබා දෙමිනුයි. මෙවර අය වැයෙනුත් එය ඉටු කර නැහැ.

ලංකාවේ ගුරු විද්‍යාල 24න් දැනට ක්‍රියාත්මක වන්නේ හතක් පමණයි. මෙවර අයවැයෙන් එම ගුරු විද්‍යාල නඟා සිටුවන්නත්, ගුරුවරුන්ගේ හිඟ වැටුප් ගෙවිමටත් මුදල් වෙන් කර නැහැ. නමුත් පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට සිසුන් යෑම දිරිමත් කර තිබෙනවා.

ගුරු ක්ෂේත්‍රයේ සහ විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයේ සියලු වෘත්තිය සමිති සහ ශිෂ්‍ය සංගම් සමග එක්ව මෙම අය වැයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා.‘‘ යැයි ද ස්ටාලින් මහතා කීවේය.

ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ මහතා සහ ලංකා ගුරු සංගමයේ උප ලේකම් සුජීවා මානෙල් මහත්මිය ද අදහස් දැක්වූහ.

 



අදහස් (0)

කිව්ව විදියට වැඩ නැතිලු

සත්‍යා Wednesday, 23 November 2016 02:12 AM

මහත්තයෝ, අමතක වුණාද අධ්‍යාපනය විතරක් නොවෙයි මුළු රටක්ම හදන්න කියලා පාර්ලිමේන්තුවට රිංගාගත් වැඩි දෙනෙකු හරියට අපොස (සාපෙ)වත් සමත් නැහැ කියලා? පැණි වරකා ගහට හෙන ගැහුවහම හොඳට ඉදෙන්න තියෙන ගෙඩියටත් වදිනවා. මේක ලංකාව. (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 22 November 2016 08:00 PM

1977 පසු කිවුව විදිහට වැඩක් කළේ මහින්ද මහතා විතරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1560 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 370 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 122 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 216 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 105 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 73 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39982 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25939 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 220 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1298 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site