IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කිවූ ගණන දෙන්න බැරි උනාට දුකයි

ගම්පහ දිස්ත්‍රික්කයේ  තරුණ කටයුතු සඳහා   රුපියල් ලක්ෂ හතලිහක මුදලක්   ලබා දීමට තමන් පොරොන්දු උවද එය ඉටුකිරීමට  නොහැකි වීම ගැන බෙහෙවින් කනගාටුවන බව  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී  උපේක්ෂා ස්වර්ණමාලි  තරුණ සේවා සභාවේ ගම්පහ දිස්ත්‍රික් වාර්ෂික මාධ්‍ය හමුව අමතමින් පැවසුවාය.

කෙසේ වෙතත් ඒ වෙනුවට රුපියල් ලක්ෂ විසි එකහමාරක  මුදලක් අනුමත කර ගත් බව ඇය කීවාය.

‘‘ අද මාධ්‍ය සාකච්ඡාවක් තියෙන බව දැනුම්වත්ව  නෙමෙයි මෙතනට ආවේ. ගම්පහ දිස්ත්‍රික් තරුණ සම්මේලනයේදී මම පොරොන්දු වු  ලක්ෂ 40  අනුමත කර ගැනීමට  නොහැකි වීම ගැන  මට ලොකු දුකක් දැනුනා.

මට ආසනයක්  නැහැ.  කොහොම උනත් ලක්ෂ විසි එක හමාර මුළු දිස්ත්‍රික්කයේම තරුණ, තරුණියන්ගේ වෘත්තීය පුහුණු කටයුතු සඳහා මම ලබා දෙනවා.

මගේ එකම ඉල්ලීම සුදුසු දරුවන් තෝරාගෙන වෘත්තීය පුහුණුව ලබා දෙන්න. ඒ සඳහා තරුණ දරුවන් යොමුකරන්න නිලධාරීන් උනන්දු වෙන්න.‘‘ 

ගම්පහ  දිස්ත්‍රික් තරුණ කටයුතු අධ්‍යක්ෂිකා කුමුදුනී දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් කැඳවා තිබු වාර්ෂික මාධ්‍ය හමුවට දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරී විජිත දේවපක්ෂ, මීරිගම පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන බාර නිලධාරී නිමල් ජයවික්‍රම යන මහත්වරුන් ඇතුළු තරුණ සේවා නිලධාරීහු  රැසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

   DSCF9476 DSCF9480     

 

 

 

 

 



අදහස් (0)

කිවූ ගණන දෙන්න බැරි උනාට දුකයි

බුද්ධි Friday, 12 September 2014 04:31 PM

එයා අඩුම ගානේ සමාව හරි ගන්නවනේ. (නි)

:       0       0

මහේෂ්‍ Monday, 15 September 2014 12:56 AM

එහෙමවත් කියන එක ලොකු දෙයක්නේ! (නි)

:       0       0

නියෝමාල් Friday, 12 September 2014 04:56 PM

අනුන්ගේ ඕපා දුප නෙවෙයි හොයන්න ඕනා රන්ජිත් රට ගැනයි. අවදියෙන් ඉන්න. ඔය වගේ නායිකාවෝ තමා රට හදන්න එන්නේ ඉස්සරහට. ආදර්ශවත් චරිත හැදෙන පරපුරට. දෙවියන්ගේම පිහිටයි අපේ මව්බිමට. (නදී)

:       0       0

ගමගේ Friday, 12 September 2014 06:13 PM

මෙයාට ඔහොම නම් ඡන්දෙ දුන්න අයට කොහොම දුක ඇද්ද? (නදී)

:       0       0

නුවන් Friday, 12 September 2014 06:54 PM

ගිලෙන්න යනකොට පිදුරු ගහෙත් එල්ලෙනවා කියන්නේ ඕක තමා. (නි)

:       0       0

සේනක Saturday, 13 September 2014 11:46 AM

ඔයාට ඡන්දෙ දීලා අපි කොච්චර කණගාටු වෙනවාද කියලා ඔයා දන්නේ නැහැනේ. (නි)

:       0       0

සීලා Friday, 12 September 2014 08:09 PM

මිනීපෙට අමතක වෙලා වගේ මෙතුමිය මොන පක්ෂයෙන්ද කියලා පාර්ලිමේන්තුවට ආවේ. මතකද කළු අැදගෙන ගිහිල්ලා අනික් පැත්තට ගියා. අපේ මිනිසුන්ට තියෙන්න මාළුවාට තියෙන මතකයක් (නදී)

:       0       0

සඳුන් පෙරේරා Friday, 12 September 2014 08:41 PM

සිංහල බෑ, ඉංග්‍රීසිත් බෑ, දේශපාලනයත් බෑ, රංගනයත් බෑ. පුළුවන් වුර්තිය කරගෙන ඉන්න තිබුනනේ. ගම්පහ ජනතා පැතුමට ජයවේවා. (ස)

:       0       0

ඉන්දික Friday, 12 September 2014 08:56 PM

මෙලෝ රහක් නැහැනේ. (ස)

:       0       0

ජයසුරිය Friday, 12 September 2014 11:43 PM

මිනිපේ, භාෂාවේ ප්‍රශ්නයක් නැත්තේ මොකද ? සිංහල භාෂාව හරියට බැරි කෙනෙක්ව, පාර්ලිමේන්තුවට එවපු අයටයි ගහන්න ඕනේ. (නදී)

:       0       0

බංඩාර Saturday, 13 September 2014 12:29 AM

නිලදාරිතුමා ප්‍රබෝදයෙන් ඉන්නේ කොහොමද (නදී)

:       0       0

සමන්ති Saturday, 13 September 2014 12:56 AM

නමේ විදියට වැඩ නැහැ (නදී)

:       0       0

රෙජී Monday, 15 September 2014 04:32 AM

එතරම් වත් නිහතමනිවීම ගැන අපි සැහීමකට පත්විය යිතු වෙනවා (අ)

:       0       0

අසනී පෙරේරා Saturday, 13 September 2014 01:29 AM

රුවනිත්, රංජිතුත් හරි කියලා මම හිතන්නේ. මෙයාගේ අැදුමෙනුත් එ්ක පේනවා. අරාබිකරේ අදින අැදුමක් නොවැ මේ ඇදගෙන ඉන්නේ. මිනීපෙට පිස්සු ද කොහෙද? (නදී)

:       0       0

අනුර පනාගොඩ Saturday, 13 September 2014 01:28 AM

මන්ත්‍රී වෙන්න කලින් නම් හොඳ පෙනුමක් තිබ්බා පෙනුම ගොඩක් අඩු වෙන්න කලින් ඔය නොදන්නා දේශපාලනයෙන් ඉවත් වෙලා තමන් දන්න දේ කරන්න (නදී)

:       0       0

සත්‍යයා Saturday, 13 September 2014 01:53 AM

බොරු කීම භාෂා ප්‍රශ්නයක් නොවෙයි. නිළියක් වෙලා හිටියනම් බොරුව නාට්‍යය රඟ දක්වෙනතුරු පමණයි වලංගු වෙන්නේ. දේශපාලනය සදා කාලයටම නඩත්තු වෙන්නේ බොරුවෙන්. ඉතින් ඕක ඉගෙන ගන්නේ නැතුව අරයගෙ මෙයාගේ ඕන කමට මැති සබේට ඇවිල්ලා ඉල්ලන් කනවා. අනේ පව්! (නදී)

:       0       0

අනුර Saturday, 13 September 2014 01:55 AM

එක අතකට පබා නංගිට දොස් කියන්න බෑ. ඡන්දය දුන්න නිසානේ පාර්ලිමේන්තුවට ගියේ. මීට පස්සෙවත් තමන්ගේ වටිනා කතිරය කල්පනාවෙන් සලකුණු කරන්න බුද්ඩි මට්ටම අතින් ගම්පහ දිස්ත්‍රික් ජනතාව ඉදිරියෙන් ඉන්නේ. ආයේ මෙහෙම වුනොත් අර උෟරාගෙ තිත්ත අරින්න කරපු දේ මතක් වෙනවා (නදී)

:       0       0

සමන් Friday, 12 September 2014 12:37 PM

වාඩි වෙලා ඉන්න නිලධාරීන්ගේ මුහුණු බැලුවහම නම් කිසිම ප්‍රබෝධමත් ගතියක් නැහැ. ඔහොම ඉඳන් කොහොම තරුණ කටයුතු දියුණු කරයිද මන්දා. (නදී)

:       0       0

සෙනවි Saturday, 13 September 2014 02:27 AM

දැන් තමයි බණ්ඩාරනායක මැතිනිය වගේ චරිතවල වටිනාකම කොතෙක්ද කියල තේරෙන්නේ එකම එක සමාන කම දෙන්නම ගම්පහ (නදී)

:       0       0

මහාසේන Friday, 12 September 2014 01:00 PM

දැන් තේරෙනවා ඇතිනේ නිකන් බොරු සෝබනේට කියන කතාවල ප්‍රතිපලේ. බැරි දේ නොකරන් අබරෝ කිව්වලු (නදී)

:       0       0

සෑම් Friday, 19 September 2014 02:25 PM

මෙයාගේ යූ ටියුබ් වීඩියෝ දැක්කම අනේ මගේ දන්න සිංහලත් අමතක වෙනවා. (ස)

:       0       0

රුවනි කාරියවසම් Friday, 12 September 2014 01:06 PM

සිංහල කතා කර ගන්නවත් බැහැ. ජන්දේ දුන්න තරුණ අයට දෙයියන්ගේම පිහිටයි. ආයෙම පත් කරගන්න හොදයි. (නදී)

:       0       0

බමුණු Saturday, 13 September 2014 03:08 AM

මොනවා කොරන්නද අපේම කරුමේ තමයි. ගම්පහ වැසියන්ට ජයවේවා! (නදී)

:       0       0

ජෙහාන් Friday, 12 September 2014 01:18 PM

ඊළඟ මැතිවරණයේදී කතිරය ලකුණු කරනකොට අපිත් ඔබ තුමියට අපේ කනගාටුව ප්‍රකාශ කරන්න බලාපොරොත්තුවෙන් මේ ඉන්නේ. (නදී)

:       0       0

පිටිගල Saturday, 13 September 2014 03:31 AM

ආයෙත් නම් ගම්පහ මිනිස්සු මේ වගේ මෝඩ වැඩ කරන්නේ නැහැ. කරගන්න දෙයක් කාලේ ඉවර වෙන්න කලින් කර ගන්න. (නදී)

:       0       0

සමරජීව Saturday, 13 September 2014 06:26 PM

ඇයි අර සමහර නිලධාරීන්ගේ මූහුණු නිකන් කජු ලෙලි, ගොරක ලෙලි වගේ ඇදවෙලා, ඇඹරිලා ගිහින් තියෙන්නේ....? (නි)

:       0       0

අනුෂා Saturday, 13 September 2014 04:38 AM

අනේ ඉක්මනට පාර්ලිමෙන්තු මැතිවරණයක් තියන්නේ නෑනේ. ගම්පහ අය දැන්වත් තණකොල පුන්නක්කු අතහැරලා බත් කනවද දන්නේ නැහැ (නදී)

:       0       0

කසුන් ධර්මවංශ Saturday, 13 September 2014 07:50 PM

මිනිපේ, භාෂාව ප්‍රශ්නයක් නැහැ කියලා කියන්න බැහැ.. රටක ජනතාව නියෝජනය කරන කෙනෙක්, රටේ අනන්‍යතාවය වෙනුවෙන් ඉදිරිපත් කළ හැකි කෙනෙක් වුණාම තමන්ගේ රටේ අනන්‍යතාවය වන භාෂව හරියට කතාකරගන්න බැරි නම් ඇති වැඩේ මොකක්ද? (නි)

:       0       0

අර්ජුන රණවන Friday, 12 September 2014 02:10 PM

මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විපාක දෙනවිට කළ පවුද එකතුවන බව මම නොදනිමි (නි)

:       0       0

චමත් ඉතාලිය Friday, 12 September 2014 02:22 PM

රුවනි,හරියට සිංහල කතා නොකළා කියලා ප්‍රශ්නයක් නැහැ, වැඩ කරනවා නම්....ජෙහාන් නම් මෙයාට ගිය පාර ඡන්දෙ දීලා වගෙයි පෙනෙන්නේ (නි)

:       0       0

ලසන්ත Friday, 12 September 2014 02:27 PM

ඔබ කිවුව දේවල් ඇත්ත නම් දැන් ඔය ඉන්න තැන ඉන්න විදියක් නැහැනෙ? ඡන්දය ඉල්ලුවෙ ඉතින් අනිත් පැත්තෙ ඉඳලනෙ. (නි)

:       0       0

මාලින්ක Saturday, 13 September 2014 05:34 AM

අපි මෙයාට ඡන්දෙ දුන්නේ මේ ආණ්ඩුවෙන්,,කල කෙනෙහිලි කම් නිසා ,,දැන් ආණ්ඩුවට දෙන්න ගිහින්,,මෙලෝ දෙයක් දන්නෙත් නෑ. කතාකර ගන්නත් බෑ. අාසනේකුත් නෑ, ටෙලියක් කරගෙන ඉන්නේ නැතුව, (ස)

:       0       0

මංජු Friday, 12 September 2014 02:28 PM

රඟපෑමේ හිටියා නම් ඔයතරම් දුකක් අද නැහැ නේද? (නි)

:       0       0

සමන් Saturday, 13 September 2014 06:09 AM

මිනිපේ, ඔයා කන්නේ පුන්නක්කු නෙමේ නේද? (නදී0

:       0       0

පැතුම් මිහිරංග Friday, 12 September 2014 02:48 PM

කට පියාගෙන ඉන්න තාක් මෝඩයාත් පණ්ඩිතයෙකි. අඩුම තරමින් කතා කරන්නවත් ඉගෙන ගත්තා නම් වටිනවා නේද? (නදී)

:       0       0

මිල්හාන් ඉක්බාල් Saturday, 13 September 2014 06:24 AM

ගම්පහ ජනතාව අයෙත් මේවගේ මෝඩකම් නොකරයි කියල මම සිතනවා. විවාහෙත් සුන් , දේශපලනෙත් සුන් දැන් රසිකයොත් සුන් .(අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 17 September 2014 10:13 PM

සිංහල ටිකක් හොරයි වගේද? (නි)

:       0       0

ශිරෝමි- පිළියන්දල Saturday, 13 September 2014 06:38 AM

ආහ් මාලිංක ඔයත් මෙයාට ඡන්දෙ දුන්න කෙනෙක්ද?(අ)

:       0       0

තනුර Friday, 12 September 2014 03:03 PM

ඔබ තුමියට අපේ සුභ පැතුම්. (නදී)

:       0       0

චන්න Saturday, 13 September 2014 06:52 AM

අපේ රටේ මිනිස්සු වටිනා ඡන්දෙ පාවිච්ච් කරන්නේ මේ වගේ පුද්ගලින් පත්කරන්න... හරියට පුංචි කෙල්ලක් දහම්පසලක කතාවක් කරනවා වගේ (අ)

:       0       0

ගැමුණු Friday, 12 September 2014 03:09 PM

අපිටත් දුකයි (නදී)

:       0       0

දිණුෂා කරුණාරත්න Friday, 12 September 2014 03:13 PM

මෙයා දේශපාලනය ගැන මොනවද දන්නේ (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 17 September 2014 11:31 PM

මෙයට බැනලා වැඩක් නැහැ.තේරෙන්නේ නැති නිසානේ හිතෙන හිතෙන දේ කියන්නේ. කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා තේරුම්ගන්න බැරුව පිටඔපයට මනාප දුන් අයට මඩු වලිගෙන් තලන්න ඕනෑ. රටක පාර්ලිමේන්තුව කියන්නේ කෝලම් මඩුවක්ද? (නි)

:       0       0

සත්‍යයා Sunday, 14 September 2014 01:52 AM

බොරු කීම භාෂා ප්‍රශ්නයක් නොවෙයි. නිළියක් වෙලා හිටියා නම් බොරුව නාට්‍යය රඟ දක්වෙනතුරු පමණයි වලංගු වෙන්නේ. දේශපාලනය සදාකාලයටම නඩත්තු වෙන්නේ බොරුවෙන්. (නි)

:       0       0

ආනන්ද Friday, 12 September 2014 03:25 PM

මේ වගේ අය පාර්ලිමේන්තුවට එවපු අය දැන් මොනවා හිතනවා ඇද්ද? (නදී)

:       0       0

තිලක් Friday, 12 September 2014 03:34 PM

නිලි කමේම හිටියා නම් හොඳා වගේ (නදී)

:       0       0

කසුන් Saturday, 13 September 2014 07:53 AM

ඕකට තමයි කියන්නේ කල කම් පලදෙනව කියලා. යු එන පී ඡන්ද අරන් පාර්ලිමේන්තුවට ගිහින් ඒ ජනතාව මුල කලා. දැන් ඡන්දෙ ලග නිසා වෙන්නැති කිඹුල් කදුළු හලන්නේ (නදී)

:       0       0

ෆඩ් Saturday, 13 September 2014 08:03 AM

මේක බයිස්කෝප් එකක දෙබසක් ද ?(අ)

:       0       0

චමින්ද Sunday, 14 September 2014 02:32 AM

මේ යන විදියට ඉදිරියේදී අරාබි බස අපිට වැදගත් වේවි වගෙයි (නි)

:       0       0

පද්මාවතී Sunday, 14 September 2014 02:50 AM

ඔය ටිකවත් අනුමත කර  කරන්න යන සේවය අගය කරනවා  (නි)

:       0       0

මිනිපෙ Friday, 12 September 2014 03:59 PM

රුවනි, භාෂාවේ ප්‍රශ්නයක් නැහැ. ඒක ඈදලා ගන්න එපා. මේ කාන්තාව අවංක කෙනෙක් වගේ. (නදී)

:       0       0

රන්ජිත් Friday, 12 September 2014 03:59 PM

මෙයාගේ සිංහල වගේම තමයි ඉංග්‍රීසිත්. දෙකම හරියට බැහැ. නමුත් හොඳට අරාබි බස කතාකරනවා. (නදී)

:       0       0

කාෂ්මීර Saturday, 13 September 2014 09:08 AM

අපේ ලංකාවේ ඉන්නේ මෝඩ මිනිස්සු. දේශපාලනය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති කොච්චර ඉන්නවද පාර්ලිමේන්තුවේ? ලංකාවට යන කලක්! (නි)

:       0       0

ගුණසේකර Friday, 12 September 2014 04:10 PM

දැන්වත් රට ගැන හිතන්න පුරුදු වන්න (නදී)

:       0       0

ජොනතන් Saturday, 13 September 2014 09:47 AM

මේවාට තමයි කියන්නේ නියම කාටූන් කියලා. සමහරු දේශපාලනය ගැන දන්නා දෙයක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 165 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 868 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1850 5

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1156 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 476 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 292 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38043 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25054 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 789 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site