(සුජිත් හේවාජුලිගේ )
කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ පෞද්ගලික කුලී ගොඩනැගිල්ල සඳහා පසුගිය වසර පහේ දී රුපියල් කෝටි එකසිය තිස් දෙකකට වැඩි මුදලක් ගෙවා ඇතැයි අලුත්ම ගණනය කිරීම් වලදී තොරතුරු හෙළි වී තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.බ් රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසී ය .
එම කුලී ගොඩනැගිල්ල සඳහා එක් මසක් වෙනුවෙන් රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා ඇතැයිද ලේකම් වරයා කීය .
ගොඩනැගිල්ලේ ගිවිසුම් කාලය අවසන් වීමෙන් පසුව එම ගොඩනැගිල්ල පසුගිය 6 වැනිදා එහි හිමිකරුට භාර දුන් බව කි පුෂ්පකුමාර මහතා ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ හිමිකරුට භාරදුන් ආරක්ෂණ තැන්පතු මුදල වු රුපියල් කෝටි 7කට ආසන්න මුදල ඔහුගෙන් නැවත ලබා ගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේය .
ගොඩනැගිල්ලට යම් අලාභයක් සිදුවී ඇත්නම් එම මුදල අඩු කරගෙන තැන්පතු මුදලේ ඉතිරි කොටස ලබා ගන්නා බවත් එවැනි අලාභයක් සිදුවී ඇද්දැයි රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මාර්ගයෙන් වාර්තාවක් ලබාගැනීමට මේ දිනවල කටයුතු කරගෙන යන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා පැවැසුවේය .
යම් විදිහකින් හෝ එම තැන්පතු මුදල ලබා දීම ගොඩනැගිල්ලේ හිමිකරු ප්‍රතික්ෂේප කළහොත් ඔහුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාමාර්ග ගන්නා බව ද රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළේය .
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්
අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෘෂිකර්මයේ කෝටි 132 ගිල්ල සුදු අලියා බාර දෙයි
වීරවිජේ Sunday, 25 April 2021 09:48 AM
කෝටි 400-500ක් පුදලා කෝටි 7කට නඩු යනවලු.. ඔය කියපු කෙනාගෙ පිස්සෙක්වත්දූ? නෑ නිකං පරම්පරාවෙන් එන රෝග ලක්ෂණයක්ද කියල දැනගන්න ඇහුවෙ.
Nihal Sunday, 25 April 2021 12:47 PM
ඇගලුම් කම්හල් 50 ක් දාලාද දහස් ගණනකට රැකියා දෙන්නේ මොකටද? හදා දුන්න නිසා අපි බෙහෙත් ගන්නවා..