(නිමල කොඩිතුවක්කු)
කෘෂි බෝග සඳහා හානි පමුණුවන වනජීවීන් පිළිබඳ සංගණනය ජාතික කර්තව්‍යයක් සේ සලකා එයට සහයෝගය දෙන්නැයි රටේ සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගෘහ ආශ්‍රීතව සැරිසරන බෝග හානි සඳහා වගකිව යුතු ප්‍රධාන වන සතුන් ලෙස හදුනාගෙන ඇති වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් ඉලක්ක කරගනිමින් ලබන මාර්තු 15 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට 8.05 දක්වා විනාඩි පහක කාළයක් තුළ මෙම සංගනනය සිදුකරන බව එහි අතිරේක ලේකම්(කෘෂි සංවර්ධන) දිස්නාරත්නසිංහ මහත්මිය පැවසුවාය.
එම කාල සීමාව තුල තම ගෙවත්ත/වගා බිම/පාසල/පුණ්යේභූමි/ හා වෙනත් පොදු ස්ථාන නිරීක්ෂණය කර එම අවස්ථාවේ අදාල පරිශ්‍රයේ සිටින වඳුරන්, රිලවුන්, දඬු ලේනුන් හා මොණරුන් සංඛ්්‍යාව ගණන් කර සංගණන පත්‍රිකාවේ සටහන් කිරීම සිදු කළ යුතු බවත් තිරේක ලේකම්වරාය කීවාය.
මෙම සංගනනයේ දත්ත පදනම් කරගනිමින් මෙම සතුන් පාලනය සඳහා කළමනාකරන ක්‍රම ඉදිරියේදි සැලසුම් කරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ(3)පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.
මෙම සංගනනය ගෘහ ආශ්‍රීතව පමණක් සිදු වන බවත් නිවැරදි තොරතුරු ලබාදීමෙන් ඒ සඳහා සහයෝගය දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් අතිරේක ලේකම්වරිය පැවසුවාය.
මෙම සංගනන කටයුතු දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රදානත්වයෙන් පවත්වන බවත් ග්‍රමසේවා නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ගම් මට්ටමෙන් තොරතුරු රැස් කරන බවත් ඇය කීවාය.
මේ පිළිබඳව දැනුවත් කිරිම, සංගණන පත්‍රිකා නිවෙස් හා අනෙකුත් පරිශ්‍ර වෙත බෙදා දීමසහ සංගණනයෙන් පසු පත්‍රිකා නැවත එකතුකර ගැනීම යන වගකීම් ග්‍රාම නිලධාරි/සමෘද්ධි සංවර්ධන නිලධාරි/ආර්ථික සංවර්ධන නිලධාරි/කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරයා වෙත පවරා ඇති බවත් ඇය තවදුරටත් පැවසුවාය.
බස් - ලොරි සහ ගිලන් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියාමනයෙන් තොරව යෝග්‍යතා සහතික නිකුත් කරන බව ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ අනුකාරක
මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන
බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්
නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්
අශෝකමාලා රත්නායක . Tuesday, 04 March 2025 12:22 AM
විනාඩි 5න් නම් කරන්න බෑ..රිලව් රංචුව එන්නෙ වෙලාව බලල නෙමේ..අද 10 ට එන රිලව් රංචුව හෙට එන්නෙ හවසට ..එහෙම ඇවිත් දවසට කුරුම්බා ගෙඩි 10 විතර බොනව..දඩ ලේන දවසෙම පොල්ගස් උඩ..උකුස්සා වගේ සතුන් දැන් නෑනෙ..ඒ නිසා තමයි ..සත්ව ගහනය අසමතුලිත වෙලා තියෙන්නෙ..
Mahesh Tuesday, 04 March 2025 09:29 AM
බරපතළම ලෙසට අපේ වගාවට නම් හානි කරන්නෙ පොල් හොරු පමණයි .උන්ට කියල අඩුමිලට පොල් ගෙන්වාගන්න මිනිස්සුත් හොරු කඩන පොල් ගබඩාකර ගන්න මිනිස්සු ඒවා විකුණන මින්ස්සුත් වගාවට බරපතළම හානි කරන සතුන් හැටියට හදුන්වා ගන්න පුලුවන්. ඒත් ඒ සත්තු රාත්‍රියේ එනවා දහවල් කාලයේ එනවා .උන් ගැනත් ආකෘති පත්‍රිකාවේ කොටසක් වෙන් කරන්න .නිකම්ම සතුන්ට පමණක් වරද පටවන්න එපා