(රංජිත් රාජපක්ෂ)
කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ.විජේසිංහ මහතා පත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
නාවලපිටිය ප්‍රදේශයේ අද (06) දින පැවති මාධ්‍යය හමුවකදි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියයි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කියා සිටියේ අමාත්‍යංශයේ හිටපු ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ඔහුගේ පුද්ගලික හේතුවක් මත සිය තනතුරෙන් ඉල්ලා අස්විමේ ලිපිය තමන්ට භාරදුන් බවයි.
හිටපු ලේකම්වරයා අස්විමට වෙනත් කිසිදු හේතුවක් නොමැති බවත්,තම අමාත්‍යංශයට අවශ්‍යය කාබනික විෂය පිලිබදව මනා දැනුමක් ඇති අය නිසා තම අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් වයඹ විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයා පත් කිරිමට තිරණය කල බවයි.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට
මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික
රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස
රුපියල් ලක්ෂ 80 කට ආසන්න වටිනාකමකින් යුත් රටබීම බෝතල් 210 ක් සහ සිගරැට් 50,000 ක් ලොරි රථයකට පටවමින් සිටි සැකකරුවකු 3 වැනි හරස්වීදිය ප්‍ර දේශයේදී අද (6) අත්අඩංග
අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෘෂිකර්ම අමාත්‍යංශයේ අලුත් ලේකම් ගැන ඇමැති කියයි
kamal Sunday, 06 June 2021 02:44 PM
කාබනික පෝට් සිටිය පටන් ගන්නයි යන්නේ...!!!
කල්පනාMonday, 07 June 2021 05:31 PM
පැලෑටියකට හෝ ගසකට අවශ්‍ය සෝඩියම්, ගෙන්දගම්, මැග්නීසියම් වැනි සියළුම පෝෂණ වර්ග කාබනික පොහොරවල තිබේද කියා දන්නා කෙනෙක් කියන්න.
chandima Sunday, 06 June 2021 02:57 PM
මොන ලේකම්ලා දැම්මත් ලේකම්ට ඕනැ දේ කරන්න ගියොත් උන්දැ ගෙදර...
දිසා.....ගම්පහ Sunday, 06 June 2021 03:09 PM
අමාත්‍යතුමනි, ඔබ ගෙන ඇත්තේ හොඳ තීරණයක්. විය යුත්තේ මෙය තමයි. අදාල ක්ෂේත්රය සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති තැනැත්තන් එම තනතුරුවලට පත් කළ යුතුයි. වැඩ බැරි තැනැත්තන් තනතුරුවලට පත්කිරීම හේතුවෙන් මේ රටේ ආයතන පත්ව ඇති ආකාරය පෙනෙන්නට ඇත. සිංගප්පූරුව සංවර්ධනය කිරීමට යොදාගත්තේද ක්ෂේත්රයන් සම්බන්ධයෙන් දැනුමක් සහිත උගතුන් අදාල ස්ථානයන්ට යෙදවීමයි. පමාවී හෝ අපිත් දැන්වත් හරි දේට යොමු වෙමු. ඔබතුමාට ජය ශ්‍රී !
banda Sunday, 06 June 2021 03:32 PM
මහාචාර්ය තුමා කඩ යන කෙනෙක්ද? එසේ නොවේවා!!!!
pradeepa Sunday, 06 June 2021 03:37 PM
බුද්ධිමතුන් 100 එක්ක වැඩ කරන්න පුලුවන් ඒත් නූගත්තු එක්ක නම් බැ
අප්පුහාමිMonday, 07 June 2021 07:09 AM
ඉවසාගත නොහැකි තරම් පීඩනයක් ඇතිවුනාමත් සමහරක් තීරණ ජනතාවට අහිතකරබව තේරුනාම ජනතාව ගැන එට ගැන අනුකම්පා හැගමක් ඇති ඕනෑම කෙනෙකුට එය පුද්ගලික හේතුවක් වෙනවා.
Rajith Sunday, 06 June 2021 04:51 PM
ගොඩක් හොඳ තීරණයක්... පරිපාලන සේවයේ කට්ටිය තමන් ලේකම්ලා වෙන්න ඕනෑ කියලා හිතාගෙන හැමදාම තමන්ට වැඩ ගොඩක් සුදුසුකට්ටිය යටකරගෙන හිටියේ... මේ ආණ්ඩුව වැඩකරන්න පුළුවන් කෙනාට තැනදෙන එක ඉතාම අගය කළ යුතුයි. රටට අවශ්‍ය වැඩකරන සහ හැකියාවක් තියෙන අය..
Prse Sunday, 06 June 2021 04:59 PM
ඔබ හරි පුද්ගලයින් තෝරා තිබෙනවා... ඔබට අපේ ආචාරය..!!!
Rajin Sunday, 06 June 2021 05:01 PM
වයඹ විශ්ව විද්‍යාලයේ "කෘෂිකර්ම පිඨයේ උප කුලපතිවරයා"? මම දන්නා තරමින් නම් විශ්ව විද්‍යාලයකට ඉන්නේ උපකුලපතිවරු එක්කෙනයි. පීඨවල ප්‍රධානියා පීඨාධිපති. අනේ මන්දා...!
Bishan Sunday, 06 June 2021 06:32 PM
ලේකම් නම් වැඩකාරයෙක් වගේ. හැබැයි ඇමතියා ලෝකේ කාලා වතුර බොන පොරක්...
MO77 Sunday, 06 June 2021 06:39 PM
මේ ඇමැතිවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලිපිකරු තනතුරටවත් සුදුසු නෑ..
නිලන්ත Sunday, 06 June 2021 07:31 PM
කෘෂිකර්මේ දන්න කෙනෙක් ඕනෑ නම් පේරාදෙණියෙන් තෝරා ගනිල්ලා. කඩේ යන වහලෙක් ඕනෑ නම් වැඩ බැරි වුණත් නියමයි.
Lalith m Sunday, 06 June 2021 07:33 PM
ඇමති මොනවා කිව්වත් එහෙමයි කියන ලේකම් කෙනෙක් අමාත්‍යාංශ වලට වැඩක් නැහැ. හරි දේ කරන බය නැති කෙනෙක් ඕනෑ. කාබනික පොහොර නිෂ්පාදනය හා ඉලක්කගත අරමුණු ඉටු කර ගැනීමට අවශ්‍ය නම් අවුරුදු පහක් වත් ඕනෑ. බීජ වලින් වෙනස පටන් ගන්න ඕනෑ. ඒ අතර වතුවල යෙදීම සඳහා රසායනික පොහොර කලකට අවශ්‍ය වෙනවා. නැති නම් අස්වැන්න අඩුවීම නිසා නැති කරදරයක් වෙලා රැකියා විරහිත ප්‍රශ්න ගොඩක් එනවා.
parakkramaSunday, 06 June 2021 08:15 PM
මොන පිස්සුද?
සිරිබිරිස්Monday, 07 June 2021 07:13 AM
උගත්කමෙන්ම සියල්ලම කරන්න බැහැ.වත්මනෙහි ගනන් නොගත්තාවුනත් පලපුරුද්දක් නැතිව වැඩකලාම සිදුවන්නේ විශාල පාඩුවක් කියල ඉක්මනින්ම අවබෝධවේවි.විශ්ව විද්‍යාලයේ උපකුලපති ඉවත්කලාම කෘෂිකර්මය කරන දරුවන්ටත් දෙයියන්ගේම පිහිටයි
ගැමුණු Sunday, 06 June 2021 08:43 PM
හිටපු ලේකම්තුමා ඉතා හොඳ ප්‍රායෝගික දැනුමක් තියෙන පුද්ගලයෙක්. කණගාටුයි.
de silva Sunday, 06 June 2021 09:52 PM
පොහොර හිඟය නිසා දළුවල බර සතියෙන් සතිය අඩුවෙලා. කඩන කුලියවත් ගෙවාගන්න බැරි තත්වයක් උදාවෙන්න ඉටන් අරන්.. ඉදිරියට තේ පිටරටින් ගෙන්වන්න වෙනවා. මේ මනුස්සයාට එකවර හැදුණු පිස්සුව මොකක්ද? පොහොර තිබුණා නම් ලොක්ඩවුන් අස්සේ වගාවක් වත් කරගන්න තිබුණා... දැන් බැහැ.
sam Sunday, 06 June 2021 09:55 PM
දැන් කාබනික පොහොර ගැන කතාකරන මහාචාර්යවරු මෙතෙක් මේ ගැන කතා නොකළේ මන්ද?
surath Monday, 07 June 2021 01:01 AM
දෙවියෝ පය නොගහන තැන්වල දේශපාලන යක්කු හිටි පිනුම් ගහනවා... රට නම් කවදාවත් ගොඩ එන්නේ නැහැ.
ලුම්බිණි Monday, 07 June 2021 07:09 AM
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වුණ පමණින් අමාත්‍යාංශයක ලේකම් වෙනන බැහැ
ලලින්ද්‍ර Monday, 07 June 2021 10:39 AM
ශුද්‍ර ජීවින් නැති කාබනික පොහොර වගේ තමයි පීඨයකට උපකුලපතිලා ඉන්න බව දැනගත්තේ අද...
Kan Monday, 07 June 2021 11:28 AM
ලේකම් වරයෙක්ගේ කාර්ය භාරය දෑන් ඉන්න ඇමතිලා තියා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වත් දන්නේ නැද්ද කොහේද? කාබනික පොහොර විෂය පිළිබඳ ඕනෑතරම් අමාත්‍යාංශ තියෙන ආයතනවල ඉන්නවනේ. ලේකම්වරයා අදාල විෂය පිළිබඳ වගේම දක්ෂ පරිපාලකයෙක් විය යුතුයි....
Nuwan Monday, 07 June 2021 11:56 AM
ගොවියාට නිසි වෙලාවට පොහොර ටික දෙන්න බැරි වැඩ බැරි ටාසන්... අනික කාබනික පොහොරවලට එක රැයකින් මාරු වෙන්න බැහැ කියලා මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද දෙයියනේ.. අනික මේ කොරෝනා වසංගතේ අස්සේ සාගින්නකුත් ආවාම මරු... පොහොර බෙදුවේ නැත්තේ ගොවියාව කුඹුරෙන් ඉවත් කරන්න කියලා තමයි මටනම් හැඟීම..