IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


කෘෂිකර්ම ලේකම්ට ලොකු වැරදීමක්

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ වස විස නැති එළවළු හා පළතුරු ආදිය අලෙවි කරන පොළට රටේ ප්‍රධාන පුරවැසියා අද (7) දෙවැනි දිනටත් පැමිණියේය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගනිමින් කථාව කළේ ලේකම්වරයෙකි.

ඔහු අවසර ගත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අවසරයි යනුවෙනි. එසේ කියනවාත් සමගම එහි අසල සිටි පුද්ගලයෙක් ඔහුට ඇඟිල්ලෙන් ඇන්නේය. ඔහුගේ කථාවට ලොකු විසක් එකතුවූ බව ඔහුට තේරුම් ගියේය. ඒ විස නැති කරගැනීමට දෙවරක්ම ඔහු ජනපති සිරිසේන මහතාගෙන් සමාව ඉල්ලා සිටියේය. 

සිරිසේන මහතා එය වැරදීමක් බව තේරුම් ගෙන සිටියේය. ඔහුගේ සිනහවෙන් ඒ බව පැහැදිලි විය.

මෙවැනි සිද්ධි මීට පෙරද වාර්තා විය. ඒත් මෛත්‍රිපාල සිරිසේන ජනපති එවැනි දේ කිසිම ගණනකට ගත්තේ නැත. වැරදීම මිනිස් ගතියක් බවත් අදත් පසක් විය.

 



අදහස් (0)

කෘෂිකර්ම ලේකම්ට ලොකු වැරදීමක්

කෝපිටිය Tuesday, 08 March 2016 02:27 PM

තාමත් කාටත් දැනෙන්නේ ඒ නම විතරයි. මොකද රටට වැඩක් කළ අයගේ නම් තමයි මිනිස්සුන්ගේ හිත්වල හැමදාම තියෙන්නේ (හේ)

:       0       0

නන්දලාල් ද සිල්වා Monday, 07 March 2016 08:12 PM

ගුරුන්ටත් අකුරු වරදිනවා කියන්නේ මෙවැනි දේවලට තමා. මේක කෘෂිකර්ම ලේකම්ට වෙච්ච වැරදීමක් නෙමෙයි. එයාගේ ඔලුවත්, හිතත් තවම පරිභ්‍රමණය වෙන්නේ මහින්ද වටායි. කට බොරු කිවුවත් දිව බොරු නොකියනවා කියන කතාව යළිත් වරක් මෙහිදී හොඳින්ම සනාථ වී තිබෙනවා. මෙවැනි දෙයක් මහින්ද පාලන සමයේ සිදුවුණා නම්, ලේකම් මෙලහකටත් රැකියා විරහිත පෝලිමේ අග සිටගෙන ඉන්නවා වෙන්නත් තිබුණා. ජනපති සිරිසේන මැතිතුමාට මගේ ආචාරය !!!!! (නි)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 08 March 2016 09:52 AM

ඇයි මහින්ද රාජපක්ෂත් නිතරම වරද්දා ගන්නේ?? මාතෘභූමියට ආදරෙයි කියන්නේ එයාගේ පවුලට ආදරෙයි කියන එක වරද්දගෙනනේ(කෞ)

:       0       0

ජනනාත Tuesday, 08 March 2016 03:38 PM

ඔය කියන දේ වැරදීමක් නොවෙයි. හිතාමතාම ඉන්න ජනාධිපති තුමාට අවමන් කරන්න කියන කතා. (බ)

:       0       0

මහින්ද - කැලිෆෝර්නිය Tuesday, 08 March 2016 06:19 AM

මෙවැනි වැරදි වලට විනය පරීක්ෂණයක් තියලා දඬුවමක් දෙන්න අවශ්‍යයි. (ම)

:       0       0

සහන් Friday, 11 March 2016 10:13 AM

ඔව් ඉතින්. කාටද මෙයාව අමතක කරන්න පුළුවන් ? (ර)

:       0       0

ලාල් Monday, 07 March 2016 06:30 AM

තාම ජිවත් වෙන්නේ ඒ හීන ලෝකේ.(හේ)

:       0       0

රංජිත් සිල්වා Thursday, 10 March 2016 07:32 AM

මටනම් මහින්දට වඩා නිම්මි ගැන දුක තමා. (අ)

:       0       0

පාඨලී Monday, 07 March 2016 06:50 AM

තාමත් රටේ මිනිස්සුන්ට මතකය තියෙන්නේ මහින්ද නමයි. (ර)

:       0       0

කරුණාරත්න Saturday, 12 March 2016 03:11 AM

එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. නම් දෙක විතරනේ වෙනස් (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Monday, 07 March 2016 07:21 AM

අද රජයේ නිලධාරීන් වැඩි දෙනෙකුගේ ඔලු බහුබූත වලින් පිරි ඇත . බොහෝ විට ඔවුන් කියන කරනදේය ඔවුන්වත් නොදනිති. (ර)

:       0       0

නිම්මි Wednesday, 09 March 2016 02:56 PM

නිමල් හරි. වැඩක් කරපු මිනිස්සු විතරයි ඉතිහාස ගත වෙන්නේ. මහින්දට අපහස කරපු අයට අද මොකද වෙලා තියෙන්නේ? සේභිත හිමි පාටලී රාජිත එම්.ඩෟ.ඒ.කේ,විශ්වා වර්ණපාල...... එක නිසා මහින්දට අපහස කරන අය පරිස්සමෙන්. (කෞ)

:       0       0

ෂෙහාන් Monday, 07 March 2016 07:35 AM

ඕක ලොකුවට කියන්න දෙයක් නෙවේ නේද? චන්ද්‍රිකා ගියාට පස්සේ මහින්ද පිලිගන්නත් කීදෙනෙක් චන්ද්‍රිකාගේ නම කිව්වද? (ර)

:       0       0

ශ්‍රීමාලි Monday, 07 March 2016 07:37 AM

මේවා වැරදීම් නෙවෙයි - හිතා මතා කරන වැඩ .. ජනපති කෙනෙක් එන උත්සවයක කියන කරන දේවල් වල පෙරහුරවක් අනිවාර්යන්ම තියෙනවා , කතාවල් කොලයක ලියාගන්නවා , මේක මහින්දට ලකුණු දැමීමක්. (ර)

:       0       0

සෑම් Tuesday, 08 March 2016 03:14 AM

තාමත් මහින්ද අමාත්‍යංශ ලේකම්ලගේ හිතේ හොල්මන් කරනවා (නි)

:       0       0

අතුල Monday, 07 March 2016 08:42 AM

මේවා යටිකූට්ටු වැඩ.(හේ)

:       0       0

හේමන්ත Monday, 07 March 2016 02:36 PM

මෑත කාලයේ ලොකු වගකීමක් ඇතුව රට නිදහස් කර ගත්තු පුද්ගලයා.සිංහල මිනිසුන්ගේ සිතෙන් මෙතරම් ඉක්මනට ඔහුට ඈත් වෙන්න බැහැ.(හේ)

:       0       0

නුවරඑළියේ වසන්ත Monday, 07 March 2016 09:11 AM

කොහොමත් ඔය ලොකු පුටුවල ඉන්න ගොඩක් දෙනෙකුට මෙලෝ සිහියක් පතක් නෑ. කරන්නේ මොනවද ? කියන්නේ මොනවද ? කියලා වගේ වගක් නෑ. (ර)

:       0       0

ජගත්‍ Wednesday, 09 March 2016 12:16 AM

ඕවා සැළසුම්සහගතව කියන දේවල් කියලයි මට හිතෙන්නේ. වැරදුනා කිව්වම ඉතින් හරිනේ සේරම. මහින්දගේ වටේ හිටිය වන්දිබට්ටයෝ තාම ඉන්නේ ඒ ලෝකෙම තමයි. (නි)

:       0       0

දර්ශන Wednesday, 09 March 2016 12:19 AM

ලේකම්වරයා පහුගිය කාලේ ඉඳලා ඉන්න කෙනෙක් නම් ඉතින් අහන්න දෙයක් නැහැ. විනය පර්ක්ෂණ තිබිය යුතුයි. මෙහෙම අය තවමත් සංස්ථා, ලොකු ලොකු කාර්යාංශ වල හොල්මන් කරනවා. ඔය කට්ටිය දතකට මැදගෙන ඉන්නේ නැවත බලයක් එනකම්. මේ යහපාලන කට්ටය ඒ අයව නළවනවා තාම. ඕවායේ ප්‍රතිඵල එනකොට තමයි තේරෙන්නේ (නි)

:       0       0

රජීව් Monday, 07 March 2016 03:04 PM

හිනාවෙන්නේ නැතුව අඬන්නද ඉතින්. (බ)

:       0       0

නිම්මි Monday, 07 March 2016 03:25 PM

ඕක තමයි ඇත්ත.(හේ)

:       0       0

උපාලි Monday, 07 March 2016 09:25 AM

අවුරුද්දක් ගතවෙලත් තවමත් අමාත්‍යංශ ලේකම්වරයෙකුට ජනාධිපතිගේ නම පැටලෙනවා නම් ඔහු ලේකම් තනතුරට සුදුස්සෙක් නෙමෙයි. (බ)

:       0       0

උපාලි ජී Monday, 07 March 2016 09:36 AM

පාටලී, රටේ මිනිස්සුන්ට මහින්ද විතරක් නෙමෙයි, එතුමාගේ මුළු පරම්පරාවම තව සැහෙන කාලෙකට අමතක වෙන්නේ නෑ. (ර)

:       0       0

සුසන්ත Tuesday, 08 March 2016 04:55 AM

වැරැදි කා අතිනුත් වෙනවා ඕක හිතන්න දෙයක් නෑ.(හේ)

:       0       0

ඉන්දික Wednesday, 09 March 2016 05:53 PM

"වැරදීම මිනිස් ගතියක්“

:       0       0

මහින්ද Thursday, 10 March 2016 05:40 AM

රටේ මිනිසුන්ගේ හදවත්වල තිබෙන්නේ මහින්දගේ නම විතරයි නායකයකු හැටියට. (නි)

:       0       0

නිමල් Wednesday, 09 March 2016 08:31 AM

හිතට ගතට වැදුන දේ කාලාන්තරයක් පවතිනවා (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 104 0

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 1956 2

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2257 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2955 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1298 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 278 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37880 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24964 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 754 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site