(අංජුල මහික වීරරත්න)
මෙරට විශ්ව විද්‍යාලවල කෘෂිකර්ම විෂය හදාරණ සිසුන්හට ජපානයේ උසස් අධ්‍යාපන ආයතන තුනක සීමාවාසික පුහුණුවක් ලබා දීම සඳහා ජපානයේ ආසියානු මානව සම්පත් බැංකුව ( Asian Human Resource Bank) එකඟත්වය පළ කර ඇත.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග එම නියෝජිත පිරිස වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී කළ සාකච්ඡාවකදී ඉහත තීරණයට එළඹ තිබේ.
කෘෂිකර්ම විෂය පමණක් නොව වැවිලි බෝග සම්න්ධව විෂය හදාරණ සිසුන් සඳහා ද මෙම සීමාවාසික පුහුණුව ලබා දෙන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ඉල්ලීමක් කළේය. මෙම සීමාවාසික පුහුණුව ලබන කාලයේ මාසිකව යෙන් 146,960ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 328,341ක දීමනාවක් ලබා දීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි. පුහුණු කාලය වසරකි. මෙම කාලයේ ඉහත දීමනාව ලබා දෙන අතරම ආහාරපාන හා නේවාසික පහසුකම් මෙන්ම ගුවන් බලපත්‍ර නොමිලයේ ලබා දීමට ද තීරණය කර ඇත.
මීට අමතරව ජපන් භාෂාව පිළිබඳ උසස් පුහුණුවක් ලබා දීම හා ජපානයේ ගොවිපොළවල උසස් තාක්ෂණික පුහුණුවක් ද ලබා දීමට කටයුතු කරන බව ජපාන නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි කියන හිටපු අමාත්‍ය වරයකුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෘෂිකර්ම සිසුන්ට ජපන් යන්න වරම්