IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ක්ෂේත්‍රයට තවමත් මම ආධුනිකයි

2016-11-21-ent-102

නිරූපණයට මෙන්ම රංගනයටද නවකයෙකු වන වෙනුරි රන්දුලා සමගින් මෙවර ‘සාරවිට’ තරු කතා බහ අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වුණෙමු. මේ වන විට කලා නිර්මාණ කිහිපයකටම සිය දායකත්වය ලබාදී ඇති ඇය ඉදිරියේදී රංගනයට වැඩි දායකත්වයක් ලබාදීමට අපේක්ෂාවෙන් සිටියි. මේ ඒ පිළිබදව ඇය දැක්වූ අදහස්.

 

ඔබ නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද?

2016-11-21-ent-104මම කැමති රංගන ශිල්පිනියක් වෙන්න. නමුත්, නිරූපණ කටයුතුවලටත් කාල වෙලාව අනුව සම්බන්ධ වෙන්න කැමතියි. මම රැකියාවක් කරන ගමන් තමයි කලා කටයුතුවලට සම්බන්ධ වෙන්නේ. කොටින්ම කිව්වොත් කලා කටයුතු කරන්නේ විනෝදයට.

 

ක්ෂේත්‍රයට ඔබගේ පැමිණීම සිදුවන්නේ?

මම ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් වැඩි කාලයක් නැහැ. තාත්තා තමයි මාව මේ ක්ෂේත්‍රයට යොමු කළේ. ටෙලිනාට්‍යවල හා වෙළෙඳ දැන්වීම්වල පොඩි පොඩි දර්ශනවලට පෙනී ඉඳලා තියෙනවා. දැන් තමයි මේ ක්ෂේත්‍රය ගැන අවබෝධයකින් කටයුතු කරන්නේ.

 

දැනට දායක වෙලා තියෙන කලා කටයුතු?

සම්පත් බැංකුවේ වෙළෙඳ දැන්වීමක පෙනී ඉඳලා තියෙනවා. මේ දිනවල විකාශය වන ‘මගේ ආදර අවනඩුව’ ටෙලිනාට්‍යයේ මම රඟපානවා. ඉදිරියේදී තවත් කලා කටයුතු රැසකටම දායක වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මගේ රැකියාවත් එක්ක ලැබෙන නිදහස් කාලයේදී තමයි මේවාට යොමු වෙන්න හිතාගෙන ඉන්නේ.

 

නවකයෙක් විදිහට මේ ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

මේ ක්ෂේත්‍ර තුළ හරියට හිටියොත් තමන්ගේ නමත් තියාගෙන ඉස්සරහාට යන්න පුළුවන්. ගොඩක් අය මේ ක්ෂේත්‍ර ගැන වැරදියට තේරුම් ගෙන තියෙනවා. ඒත්, ඒ අය හිතන තරම් මේ ක්ෂේත්‍ර තුළ වරදක් මම දකින්නේ නැහැ. කොටින්ම කියනවා නම් මේ ක්ෂේත්‍ර නරක තැනක් නෙමෙයි.

 

රැකියාවක් කරන අතරේ මේ වැඩවලට කාලයක් හොයාගන්න එක අපහසුයි නේද?

ඔව්, ඒත්, මේ හැම වැඩක්ම සමබරව කරගෙන යනවා නම් කලා කටයුතුවලට ඉඩක් හොයාගන්න එක අපහසු දෙයක් නෙමෙයි.

 

මොනවද මේ ක්ෂේත්‍ර හරහා ඔබට තියෙන ඉලක්ක?

මේ ක්ෂේත්‍රවලට තවමත් මම ආධුනිකයෙක්. ඒ නිසා මේ හැම දෙයක් ගැනම ලොකු අවධානයක් වගේම අධ්‍යයනයක් කරන්න ඕනා කියලා හිතනවා. ඒවා තමයි මගේ මුල්ම ඉලක්ක. ඊට පස්සේ රංගන ශිල්පිනියක් වෙන්න ස්ථාවර වෙන්නත් මම කැමැත්තෙන් ඉන්නවා. ලැබෙන හැම වැඩක්ම භාරගන්නේ නැතිව මට ගැළපෙනවා කියලා හිතන කලා කටයුතු පමණක් මම තෝර ගෙන වැඩ කරනවා.

 

උදවු කළ අය කවුද?

මගේ පවුලේ අය තමයි මට ගොඩක්ම උදවු කරන්නේ. විශේෂයෙන්ම මගේ තාත්තා. ඔහු නිසා තමයි මම අද මේ තැනට ආවේ. ඊට අමතරව ඡායාරූප ශිල්පි ඉමේෂ් නුවන්දකට විශේෂයෙන්ම ස්තුති කරනවා. ඊට අමතරව මා වටා හොඳ යාළුවෝ පිරිසක් ඉන්නවා. ඔවුන් හැම වෙලාවෙම මගේ කලා කටයුතුවලට උදවු කරනවා.

 

බුද්ධික සේනාධීර/ඡායාරූප - ඉමේෂ් නුවන්දක

 

2016-11-21-ent-106
2016-11-21-ent-105
2016-11-21-ent-103
2016-11-21-ent-101



අදහස් (0)

ක්ෂේත්‍රයට තවමත් මම ආධුනිකයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1514 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 166 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 54 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 116 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 64 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site