IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ක්ෂේත්‍රය කැපිලි කෙටිලිවලින් පිරුණු තැනක්

20160726Madushani-1වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා බොහොමයකින් මේ දිනවල ඔබ දකින නිසංසලා මධුෂානි මෙවර 'සාරවිට' තරු කතාබහ අරඹන්නට අපි සූදානම් වුණෙමු. වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක වන ඇය ඉදිරියේදී රංගන ශිල්පිනියක ලෙසද කටයුතු කරන්නට සූදානමින් සිටියි. මේ දිග හැරෙන්නේ අප ඇය සමග කළ කතාබහයි.

 

20160726Madushani-2නිරූපිකාවක් වෙන්න හිතුවේ ඇයි?

නිරූපණ ක්ෂේත්‍රයට පුංචි කාලේ ඉඳලා ලොකු කැමැත්තක් ආසාවක් තිබුණා. ඒ වගේම ගොඩ දෙනෙක් කිව්වා මට නිරූපිකාවකට තියෙන්න ඕනා 'ෆේස්' එකක් තියෙනවා කියලා. ඉතින් ඒ ඉල්ලීම් මත තමයි නිරූපණ ක්ෂේත්‍රයට යොමු වුණේ. මුලින්ම සම්බන්ධ වුණේ 'මනාලියන් දැක්මවල්' වලට. ඒ තරගවලට ඉදිරිපත් වෙලා මම ගොඩක් ජයග්‍රහණත් අරගත්තා. ඊට පස්සේ, නිරූපිකාවක් විදිහට විවිධ විලාසිතා දැක්මවල්වලට යොමු වුණා. පසුව ඒ හඳුනා ගැනීම් මත තමයි වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනාවලට දායක වෙන්න අවස්ථාව ලැබුණේ.

 

දැනට කොපමණ ගීත රූප රචනා ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා?

මගේ මතකේ හැටියට ගීත රූප රචනා 10ක විතර මම දැනට දායක වෙලා තියෙනවා. 'නිල් දෙනෙත්', 'පුංචි සිහිනේ', 'දුර ඈතක සිටියත්', 'ඔබ ළඟ අවසාන මොහොතේ', 'ඉන්න ළං වී', 'මට අහිමි' ඒ අතරින් කිහිපයක්. මේ දිනවල 'සඳ කීවා' කියන ගීතයේ රූප රචනාවේ මම පෙනී ඉන්නවා. ඉදිරියට තවත් ගීත රූප රචනා කිහිපයක් විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා. නිලුක වීරසිංහ ගයන 'ඉන්න ළං වී' හා මංජුල වැල්ලවත්තගේ ගායන කරන 'දුර ඈතක සිටියත්' කියන ගීත අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රිය ගීත රූප රචනා දෙකක්.

 

ගීත රූප රචනාවලටම වැඩි තැනක් දෙන්නේ ඇයි?

අද ගීතයක් කරන හැමෝම ගීත රූප රචනාවක් සිදු කරනවා. මොකද, ගීතයක් ජනප්‍රිය වෙන්න ප්‍රධාන දායකත්වයක් ගීත රූප රචනාවෙන් ලැබෙන නිසා. ඒ වගේම අද හොඳ ගීත රූප රචනා බිහිවෙනවා. අනික ගීත රූප රචනාවල අපිව දකින කොට අපිත් මිනිස්සුන්ගේ මතකයේ රැඳෙනවා. ඒ නිසා තමයි ගීත රූප රචනාවලට මම වැඩි දායකත්වයක් දෙන්නේ. 

 

රඟපාන්න කැමැත්තක් නැද්ද?

ටෙලිනාට්‍යය කිහිපයක මම දැනට රඟපාලා තියෙනවා. ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමා යටතේ මේ දිනවල මම රංගනය පිළිබඳව හැදෑරීම් කරනවා. ඉදිරියේදී නිරූපණයට වගේම රංගනය පැත්තටත් වැඩි අවස්ථාවක් දෙන්න තමයි බලාපොරොත්තුව.

 

'ස්වර්ණ කුමරිය' තරගයටත් ඔබ ඉදිරිපත් වුණා නේද?

ඔව් ස්වර්ණවාහිනි නාළිකාව හරහා සංවිධානය කළ 'ස්වර්ණ කුමරිය' තරගයටත් මම ඉදිරිපත් වුණා. එහි අවසන් තරගකාරියන් 12 දෙනා අතරට එන්න මට අවස්ථාව ලැබුණා. මම හිතන්නේ එය මගේ කලා දිවියේ මා ලබපු එක්තරා ජයග්‍රහණයක් කියලා.

 

ක්ෂේත්‍රය ගැන මොකද හිතෙන්නේ?

කැපිලි කෙටිලිවලින් පිරුණ තැනක් කියලා තමයි හිතෙන්නේ. හැමෝම නැහැ. නමුත්, කිහිප දෙනෙක් ඉන්නවා මේ ක්ෂේත්‍රය එහෙම වැඩ කරන. 'ස්වර්ණ කුමරිය' තරගයට මම ඉදිරිපත් වුණ අවස්ථාවේ මාව රූපවාහිනියෙන් දැකපු සමහරක් අය ඒ තරගයට සුදුසු නෑ කියලා මාව අවසන් තරගකාරියන් 12 දෙනාගෙන් ඉවත් කරන්න කියලා එම ආයතනයට ඊ මේල් පණිවිඩ පවා යවලා තිබුණා. නමුත්, ස්වර්ණවාහිනි ආයතනය ඒ දේවල් පිළිගන්නේ නැතිව මාව අවසන් තරගකාරියන් 12 දෙනා අතරට යොමු කරලා තිබුණා. මේ වෙලාවේදී ඒ ආයතනය මගේ හෘදයාංගම ස්තුතිය පිරිනමන්න මම කැමතියි. ඊට අමතරව පුවත්පත්වල මුල්පිටුවේ කවර කරන්න එපා මගේ ආර්ටිකල්ස් දාන්න එපා මගේ මියුසික් වීඩියෝවලට මාව ගන්න එපා කියලා ඔය පිරිසම කියලා තියෙනවා. මම දන්නවා ඔය දේවල් කරන පිරිස නමුත්, මට කවුරුවත් එක්ක සමගත් ගැටලුවක් ඇති කරගන්න වුවමනාවක් නැහැ. මොකද, මේ ක්ෂේත්‍රය තුළ මම දිගු ගමනක් යන්න අපේක්ෂා කරගෙන ඉන්න කෙනෙක්. ඔය දේවල්වලට මාව වට්ටන්න බැහැ.

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - දීපාල් ගෝමස්

20160726Madushani-3 20160726Madushani-4 20160726Madushani-5

 



අදහස් (0)

ක්ෂේත්‍රය කැපිලි කෙටිලිවලින් පිරුණු තැනක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 455 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 1036 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 388 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 176 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 561 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1319 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39093 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25572 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 321 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1079 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site