IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ක්‍ෂේත්‍රය ගැන ගොඩක් අය හිතන් ඉන්නේ වැරදි විදිහට

2016-07-30-ent-58

සුන්දර රූ සපුවකට හිමිකම් කියන ඇය නිරූපණයට බොහෝ සේ ඇලුම් කරන්නීය. තෝරා බේරාගනිමින් තම කුසලතාවන් එළිදක්වන්නවා සේම, ඇගේ නාරි දේහයට දුටුවන් සිත්බන්ධනයට ලක් කරන අතර, නමින් මධුරි සෙව්වන්දිය. ඇය සාරවිට ආලින්දයට පැමිණි මොහොතකි මේ.

 

ඔයා ගැන හැඳින්වීමක් කළොත්?

2016-07-30-ent-53මම මධුරි සෙව්වන්දි. දැනට මම නිරූපිකාවක් ලෙස කටයුතු කරනවා. වැඩි වශයෙන් ෆෝටෝ ෂූට්වලට තමයි යොමු වෙලා තියෙන්නේ.

 

කොයි කාලේද නිරූපිකාවක් වශයෙන් කටයුතු කරන්න එකතු වුණේ?

මම නිරූපණ ක්ෂේත්‍රයට ආවේ 2014 වර්ෂයේ දෙරණ මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් අර්ත් පැජන්ට් එකෙන්. එකේ අවසාන තරගකාරියන් 15 දෙනා අතරට තේරී පත්වුණා.

 

නිරූපණය ගැන හදාරලාද එකතු වුණේ?

නැහැ. ඇත්තටම මම කිසිම වෘත්තීමය පුහුණුවීමකින් තොරවයි අයදුම් කළේ. මම ගොඩක් සතුටු වුණා ඒ ගැන. ඉන් පසුව මට ගොඩක් දේවල් වෘත්තීමය නිරූපිකාවන්ගෙන් සහ විවිධ දේශනවලදී ඉගෙන ගන්න ලැබුණා. ඒ තුළින් මං ගොඩක් දැනුම ලබාගත්තා.

 

දැන් වෘත්තීමය නිරූපිකාවක් වෙන්නද හිතන් ඉන්නේ?

ඔව්. ඇත්තටම ඒ වෙනුවෙන් මං කටයුතු කරනවා. ලැබෙන වැඩකටයුතුත් තෝරා බේරාගනිමින් ක්ෂේත්‍රය තුළ හොඳ නමක් පවත්වාගෙන යන්න මං උත්සාහ කරනවා.

 

නිරූපණ ගැන මොකද හිතෙන්නේ?

ඇත්තටම ගොඩක් හොඳ ෆීල්ඩ් එකක් මම හිතන විදිහට. නමුත් ඒ ගැන විවිධ අය විවිධ මට්ටම්වලින් බලන්නේ. ලංකාවේ නිරූපණ ක්ෂේත්‍රයට ගැන ගොඩක් අය හිතන් ඉන්නේ අඩු විදිහට. ඇත්තටම ඒක වෘත්තීය මට්ටමේ ක්‍ෂේත්‍ර‘යේ ඉන්න නිරූපණ ශිල්පිනියන්ට වන ලොකු අසාධාරණයක්.

 

ඇයි එහෙම දෙයක් මේ ක්ෂේත්‍රයට වෙන්නේ?

අද කාලේ නිරූපණ ශිල්පීනියන් වැඩියි. ඒ අතර වෘත්තීමය නොවන අයත් වැඩ කරනවා. ඉතිං සමහර නිරූපණ ශිල්පිනියන් විසින් කරන වැරදි වැඩ නිසා තමයි එහෙම වෙන්නේ.

 

අද ගොඩක් තරුණියන් නිරූපණය සඳහා යොමු වෙලා තියෙනවා. ගොඩක් අය හිතන්නේ මේ ක්ෂේත්‍රයට ගොඩක් පහසු එකක් කියලද?

ඒ අය අතරේ ඉන්නවා පහසුයි කියලා හිතන අය. ඇත්තටම මේ ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්න නම් ගොඩක් මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන්න ඕනේ. මේ ෆීල්ඩ් එකේ ඉදිරියට යන එක පහසු නම් නැහැ. මොකද අද කාලේ තරගකාරීත්වය ගොඩක් වැඩියි.

 

නිරූපණ කටයුතු සඳහා සාධාරණ මිල ගණන් ලැබෙනවාද?

ඔව්, ඇත්තටම. මමත් අය කරන්නේ සාධාරණ මිල ගණන්. ඒ නිසා මට සාධාරණ මිලක් ලැබෙනවා. ලැබෙන කටයුතු අනුව මම මිල ගණන් තීරණය කරනවා.

 

ඔබේ ගමනට අතහිත දුන් අය ඉන්නවාද?

ඔව් ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන්ම අම්මා, තාත්තා, මගේ සීයා, ආච්චි මම මතක් කරනවා. එයාලා මට ගොඩක් උදව් කළා. ඒ වගේම විශේෂයෙන් මගේ පෙම්වතාවත් මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. එයත් මාව දිරි ගන්වලා මගේ වැඩකටයුතුවලට ලොකු සහයෝගයක් ලබා දෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-07-30-ent-57
2016-07-30-ent-56
2016-07-30-ent-55
2016-07-30-ent-54
 



අදහස් (0)

ක්‍ෂේත්‍රය ගැන ගොඩක් අය හිතන් ඉන්නේ වැරදි විදිහට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධකරුවෙක් ගිනිඅවි-මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 06 122 0

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’


පාගමනින් පසු රෝගී වු සිසුවියන් 5ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 06 154 0

පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ


බෙලිඅත්අතේ අනතුරකින් අයෙක් මරුට: 5ක් රෝහලට
2024 ඔක්තෝබර් මස 06 292 0

බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා


සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි
2024 ඔක්තෝබර් මස 06 108 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.


සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 1103 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 2495 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39114 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25578 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 323 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1086 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 378 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site