(සුජිත් හේවාජුලිගේ )
ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන් ඇතුළු සාමාජිකයන් එකසිය විස්සකට ආසන්න පිරිසක් පසුගිය වසර දෙකේදී ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ පොලී වාරික ගෙවා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවූ මානසික ව්‍යාකූලත්වයන් හේතුවෙන් සියදිවි හානිකර ගෙන ඇතැයි තොරතුරු වාර්තාවන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
මේ අතර රටේ 2021 වර්ෂය වනවිට සිටි සියයට 12ක දුප්පතුන් සංඛ්‍යාව 2022 වර්ෂය වනවිට සියයට 26 ක් දක්වා වර්ධනයවී ඇති බවත් මෙය අවස්ථාවක් කරගත් බොහෝ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ආර්ථික වශයෙන් ගොඩඑන මාර්ගයක් ලෙස ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපෘති හතු පිපෙන්නා සේ හඳුන්වා දෙන බවත් මන්ත්‍රීවරයා කීවේය.
ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රියාත්මක වන සමහර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සියයට 70ක පමණ ඉතා අධික වාර්ෂික පොළියක් අය කරන බවද ඔහු පෙන්වා දුන්නේය.
ඉහත සඳහන් කළ සියදිවි හානිකර ගැනීම්වලට අමතරව වාර්තා නොවන එවැනි මරණ මීටත් වඩා වැඩිවිය හැකි බව පවසන මන්ත්‍රීවරයා ක්ෂුද්‍ර මූල්‍ය ණයවල හිරවී සිටින විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන්කිසියම් සහන වැඩපිළිවෙළක් නොපමාව ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ඉල්ලා සිටී.
ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකිවූ කාන්තාවන් ඇතුළු පිරිස් රට අතහැරයාම, සිය ගම්බිම්වලින් පලා යෑම වැනි ක්‍රියාමාර්ගවලට යොමුවීම නිසා කුඩා දූ දරුවන් සිටින පවුල් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අනාථ භාවයට පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වන්නේ යැයිද වලේබොඩ මහතා පැවසුවේය.
සමහර කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණයකරුවන්ගේ අතවර සහ වෙනත් හිරිහැරවලට ලක්වීම වැඩිවන තත්වයක්ද පෙනෙන්නට ඇතැයි හෙතෙම සඳහන් කළේය.
විධිමත් නියාමනයකට හෝ පාලනයකට ලක් නොවූ බොහෝ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන රටේ ජනතාව දැවැන්ත ලෙස සහ සූක්ෂම ආකාරයෙන් සූරා කමින් සිටින බවත් රජය ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර පොලීසියේද සහය ලබාගෙන සුදුසු ක්‍රියාමාර්ග නොපමාව ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ගාමිණී වලේබොඩ මහතා ප්‍රකාශ කළේය.
නියාමනයකට ලක් නොවූ ශුද්ධ මූල්‍ය ආයතනවල කළු කඩ ණය ජාවාරම්වලට ජනතාව ගොදුරුවීම රටේ දැවැන්ත අර්බුදයක් බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම
දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ක්ෂුද්‍ර මූල්‍ය රකුසා ගැන හෙළිදරව්වක්
Semasingha Thursday, 16 February 2023 12:37 PM
වැලේබොඩයත් ඕවට වග කියන්න ඕනේ
himal Thursday, 16 February 2023 01:26 PM
ක්ෂුද්‍ර මූල්‍ය නෙවෙයි කෙළින්ම පොළී මුදලාලි කියලම කතා කරන්නේ නැත්තේ ඇයි? හොයලා බලන්න කඩකරන මුදලාලිලාටත් මේ වගේම ණයදෙන පොළී මුදලාලිලා ඉන්නවා. ගිනි පොළීගන්න. ඒ ගිනි පොළිය අල්ලන්නේ බඩු මිලෙන්...