IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කෞෂාල්-කවීෂා ශූරතා දිනති

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය හා ක‍්‍රීඩා මණ්ඩලය 39 වැනි වරටත් සංවිධානය කළ සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලියේදී මරදාන ශාන්ත ජෝසප් විදුහලේ කෞෂාල් මානවඩු පිරිමි ශූරතාව දිනාගත්තේය. ධර්මාශෝක විද්‍යාලයේ පී.ඩබ්ලිව්. කවීෂා තරිඳුනී කාන්තා විවෘත ශූරතාව දිනා ගත්තාය. ඩයලොග් සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැති මෙම මුහුදු පිහිනුම් තරගාවලිය අම්බලන්ගොඩ තානායම පිටුපස මුහුදු තිරයේදී පැවැත්විණ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ශාරීරික හා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂක රෝහණ කරුණාරත්න මහතා සහ ධර්මාශෝක විදුහල්පති එම්.ජී. ඕ.පී. පණ්ඩිතරත්න, නියෝජ්‍ය විදුහල්පති විකුම් ප‍්‍රියලාල්, ක‍්‍රීඩා ලේකම් විරාජ් චමින්ද, තරග ලේකම් ආර්.එම්. ක‍්‍රිෂාන්ත, පිහිනුම් ශූරියක වන ආර්.එම්. ධම්මිකා යන අයගේ ප‍්‍රධානත්වයෙන් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ. පිරිමි විවෘත අංශයේ දෙවැනි ස්ථානය අම්බලන්ගොඩ මාදම්පා විද්‍යාලයේ මනෝජ් ද සිල්වාට ද, එහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ කැලූම් සමීර ද සිල්වාට ද, සිවු වැනි ස්ථානය ශ්‍රී ලංකා යුද හමුදාවේ රොෂාන් පීරිස්ට ද, පස්වැනි ස්ථානය යසස් සංජයට ද හිමිවිය. කාන්තා අංශයේ දෙවැනි ස්ථානය ධර්මාශෝක විද්‍යාලයේම ටී. චලනි දර්ශනීටද, තෙවැනි ස්ථානය අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ඉමාෂා සෙව්වන්දිටද, සිවුවැනි ස්ථානය ආර්.ඩබ්ලිව්.ඞී. ද සොයිසාට ද, පස් වැනි ස්ථානය කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයේ සෙනාලි පෙරේරාට     හිමිවිය. මෙම පිහිනුම් තරගාවලියේ ලාබාලම ක‍්‍රීඩකයා ලෙස අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ෂෙහාන් ද සිල්වා සම්මාන දිනාගත් අතර ලාබාලතම කී‍්‍රඩිකාව ලෙස මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ විහංගා දිල්මිණි සම්මාන දිනාගත්තාය. දිවයිනේ පාසල් හා ජල ක‍්‍රීඩා සමාජවල පිහිනුම් ක‍්‍රීඩක ක‍්‍රීිඩිකාවෝ 600ක් පමණ මෙම පිහිනුම් තරගාවලියට සහභාගි වූහ.

(ඡායාරූප- කරන්දෙණිය / එම්. සුසිල් ප‍්‍රියන්ත)
ලාබාලම ක‍්‍රීඩකයා ෂෙහාන් ද සිල්වා (දකුණේ), ක‍්‍රීඩිකාව විහංගා දිල්මිණි (වමේ) ශූරතාව: කෞෂාල් මානවඩු (මැද), අනුශූරතාව: මනෝජ් ද සිල්වා (වමේ), තෙවැනි ස්ථානය: කැලූම් සමීර (දකුණේ) ශූරතාව: කවීෂා තරිඳුනි (මැද), අනු ශූරතාව: චලනි දර්ශනී (වමේ), තෙවැනි ස්ථානය: ඉමාෂා සෙව්වන්දි (දකුණේ)      



අදහස් (0)

කෞෂාල්-කවීෂා ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 764 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2026 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 414 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 163 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 184 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1533 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14618 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 31 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 109 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site