(අංජුල මහික වීරරත්න)
කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අගුණකොලපැලැස්සේ තම ගෙවත්තේ කාබනික පොහොර යොදා සිදු කළ එළවළු වගා අස්වැන්න නෙලා ගත්තේය.
වම්බටු, පතෝල, රාබු, ගෝවා, නෝකෝල්, මෑ කරල්, මිරිස්, මාළු මිරිස්, තක්කාලි, නිවිති, කරවිල ආදී උඩරට, පහතරට සහ වියළි කලාපයේ වැවෙන සියලු එළවළු අමාත්‍යවරයා විසින් වගා කර තිබේ.
“අපිට අවශ්‍ය සහල් මම මගේ කුඹුරෙන්ම ලබාගන්නවා. එළවළුත් මම වගා කරලා තියෙනවා. හැම කෙනෙක්ටම තමන්ට තියෙන සුළු ඉඩක වුණත් යම්කිසි බෝගයක් හෝ දෙකක් වගා කළ හැකියි.
වස විසෙන් තොර කාබනික වගාව මම හැමදාම අනුමත කරනවා. එමඟින් අපිට වාසි රැසක් ලබාගත හැකියි. කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ කටයුතු කරන හැම නිලධාරියෙක්ම තම ගෙවත්තේ කුමන බෝගයක් හෝ වගා කළ යුතුයි. අනිත් අයට ආදර්ශයක් වීමට අපි හැමෝම කටයුතු කළ යුතුයි ” යැයි ඇමතිවරයා එහිදී සඳහන් කළේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෘෂි ඇමති එළවළු කඩයි
ලමය Wednesday, 31 August 2022 11:36 AM
මෙයා මොනවා කරත් අපට මොකද? මේ කවුද?
nimalWednesday, 31 August 2022 05:31 PM
මහින්ද අමරවීරගේ පතෝල වැලෙහි වෙනත් පතෝල කරල් නොමැත. මෙම පතෝල කරලද වෙළෙඳපලින් ගෙන්වාගෙන ඡායාරූපයකට පෙනී සිටි බව පැහැදිලි වේ.
GOVIRALA Wednesday, 31 August 2022 11:50 AM
අඩුපාඩු අවම මහපොළවේ ජීවත් වන චරිතයක් බව පෙනේ...
චන්දන Wednesday, 31 August 2022 11:56 AM
අපිත් එළවළු වවනවා. අස්වනු නෙලනවා...
fairoos Wednesday, 31 August 2022 12:28 PM
ඔබතුමාට වගේ අපිට ඉඩම් නැහැ.. ඉඩම් තිබුණොත් පොහොර නැහැ. වහල්ලුන්ට කොහෙද මේවා තේරෙන්නේ...?
jayasekara Wednesday, 31 August 2022 02:25 PM
වවන්නේ කවුරුවත් වෙන්නැති. නමුත් කඩන්නේ වෙන කෙනෙක්...!
amara Wednesday, 31 August 2022 03:09 PM
අම්මෝ නේද අමරේ..?
G.D.Dayaratne Wednesday, 31 August 2022 03:47 PM
ඇමතිතුමෝ, බොළඳ වැඩ කරන්න එපා...