IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කෘෂි සහකාර නිලධාරිනියගේ ඇස්වලට තියුණු ආයුධයකින් ඇනලා

(කේ බුද්ධික කුමාරසිරි)

හෝමාගම උසාවිය පාර කුලී නිවසක් තුළදී ඉකුත් 07 වන දින ඝාතනයට ලක්වූ තරුණිය ගේ දෑස් වලට තියුණු ආයුධයකින් කිහිප වරක් ඇනීමෙන් පසු ගෙල කපා දමා ඝාතනය කර ඇතැයි එම දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකල හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් නිකුත් කල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වේ.

එලෙස සිදු වූ තියුණු ආයුධ ප්‍රහාර හේතුවෙන් ශරීරයෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසාවෙන් ඇය මරණයට පත්ව ඇති බවත් මරණකාරිය අතරවරයට හෝ දූෂණයට ලක්ව නොමැති බවත් එම වාර්තාවේ සදහන් වේ

සැකකරු ඇය ඝාතනයට යොදා ගත් සෙන්ටිමීටර 27 දිගැති වක් වූ සෙන්ටිමීටර 17 තියුණු තත්වයේ පවතින පිහියක් ද පොලිසිය විසින් සොයා ගෙන ඇත

මෙලෙස ඝාතනයට ලක් වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම සහකාර නිළාදාරිණියක් ලෙස සේවය කල ඇහැලියගොඩ ගැටහැත්ත අම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන විජේතුංග මුදියන්සේලාගේ අචිනි තුෂාරා විජේතුංග නමැති 31 හැවිරිදි අවිවාහක තරුණියකි

ඝාතනයට ලක් වූ  තරුණිය එදින සේවය නිමකර සිය මවට ඇමතුමක් ලබා දී ඉක්මනින් ම නිවෙස වෙත පැමිණෙන බවට පවසා ඇති බවත් ඇයගේ දුරකතන ක්‍රියා විරහිත වී නිවසට පැමිණීම ප්‍රමාද වීම නිසාවෙන් නිවැසියන් විසින් ඇය පිළිබදව තොරතුරක් නොමැති බවට ඇහැලියගොඩ පොලිසියට ද පැමිණිල්ලක් කර තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය

එසේම සැකකාර ඝාතකයා සමග ඇය මාස හතරකට පමණ පෙර පෙම් සබදතාවයක් ආරම්භ කර ඇති බවත් දෙපාර්ශවයම දැනුවත්ව සිට ඇති බවත් ඉක්මනින් විවාහ වීමට අපේක්ෂාවෙන් සිට ඇති බවත් සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද එම නිළධාරීයා වැඩි දුරටත් පැවසීය

හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ දැනුම් දීම මත ඝාතනයට සම්බන්ධ සැකකරු කළුතර දකුණ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබූ අතර සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි 



අදහස් (4)

කෘෂි සහකාර නිලධාරිනියගේ ඇස්වලට තියුණු ආයුධයකින් ඇනලා

Nimal Thursday, 09 November 2023 06:45 PM

දැන් ඉන්නේ තනිකර ට්‍රැක් පැනපු අය... කිසිම ඉවසීමක් නෑ. සහකම්පනය කියන එක ඇත්තේම නෑ. අපි හැම තැනකදීම කල්පනාවෙන් වැඩකරන්න ඕනෑ...

:       0       39

Santth Friday, 10 November 2023 01:18 AM

සාමාන්‍යෙයන් තිරිසන් සතෙක්වත් ඇසකට හානියක් කරන්නේ නැහැ. මේ මිනීමරුවා උල තියන්න නියෝග කළයුතුයි...

:       0       3

Senarath Friday, 10 November 2023 09:12 AM

ඇස්දෙකට පිහියෙන් අනින්න තරම් කුරීරු මේ වගේ අයව ආයුධ සොයන්න ගෙනියනවා ඇරෙන්න උසාවියේ වටිනා කාලය කා දමමින් නඩු අහලා හිරේ දමාගෙන සිටීමෙන් ඵලක් තිබේද?

:       0       14

Rohana Friday, 10 November 2023 11:59 AM

මේවගේ මිනීමරුවන්ට මේ ආත්මේ නැත්නම් ලබන ආත්මේහරි තමන්ගෙ ඇස්දෙකටත් පිහියෙන් ඇනල මැරෙන්න සිදුවනබව ඒකාන්තයි. ඒ තරමට මෙය කෲර මිනීමැරුමක්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 52 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1610 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 469 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 83 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 428 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2308 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site