IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


කොස්ගම සුන්බුන් පස්යට මිහිදන්

කොස්ගම කඳවුරේ අවි ගබඩාවේ ගින්නෙන් තැන තැන විසිරී ගිය අවි හා මෝටාර් කැබලි කඳවුරට මදක් ඈතින් පිහිටි කනත්තේ වළ දැමීම අද (7) උදේ ඇරඹීය.

බැකෝවලින් වළවල් කපා කොළ පැහැ ගෝනිවල ගෙන ආ සුන්බුන් එම වළවල්වල දමා වසා දැමිණි. එක් වළක් අඩි අටකටත් වඩා ගැඹුරුය. අඩි 10කට වඩා පළලය. එවැනි වළවල් දෙකක් එහි කපා තිබිණි.

_DSC0332 _DSC0230 _DSC0256 _DSC0286 _DSC0286_9 _DSC0320 _DSC0329

ජායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

කොස්ගම සුන්බුන් පස්යට මිහිදන්

රංග Tuesday, 07 June 2016 06:59 PM

හානිය අඩුවිමට හේතුව උණ්ඩ වල හිස් වෙනම සහ බඳ වෙනම ගබඩා කිරීමයි. කෑම්ප් එක අැතුළේ ගිනිගෙන අළු වුණේ එ්කයි. අවට ගෙවල්, වාහන හානිවුණාට පිළිස්සුම් අවමයි. (නි)

:       0       0

සෑම් Wednesday, 08 June 2016 07:19 AM

බණ්ඩාර, අධි විෂ සහිත රසායනික සංයෝග තියෙන්නේ "රසායනික අවි" වලයි . ලොව කිසිම "වගකිවයුතු රජයක්" වර්තමානයේ ඒවා භාවිතා කරන්නනේ නැහැ. (ර)

:       0       0

සම්පත් Tuesday, 07 June 2016 07:19 PM

ටිකිරි, නමින් නම් සිංහල වගේ පෙනෙන්නේ. .සිංහලයෙක් විදියට ඔයා මොනවද වළදාලා, ගොඩදාලා තියෙන්නේ (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 07 June 2016 11:28 AM

මේවගේ පිපිරීමක් සිදුවෙන කොට ජිවිත හානි ගොඩක් සිදුවෙනවා ,රණවිරුවෝ සේරම එකතුවෙලා තැනට සුදුසු නුවනින් කටයුත් කළ නිසා ගොඩක් දෙනාගේ ජීවිත බේරගන්න හැකි වුනේ ,ඒක කොච්චර වටිනා දෙයක්ද ,බෝම්බ පුපුරන්න පටන් ගත්තාම කාටද පුළුවන්නේ ළඟට ගිහින් ගිනිනිවන්න ,(හේ)

:       0       0

නිර්මල Tuesday, 07 June 2016 06:58 AM

මුලින් ගංවතුර පස්සේ ගින්න මේක බඩු මිල අඩු නොකර මන්ත්‍රී පර්මිට් ගන්න අයට දෙවියන් එවපු පණිවිඩයක්.(ම)

:       0       0

විපුල Tuesday, 07 June 2016 07:14 AM

නිසි නායකත්වයක් නැති නිසා ජනතාවගේ බදු මුදල් තමයි එදා පිච්චුනේ .(ම)

:       0       0

බණ්ඩාර Tuesday, 07 June 2016 11:49 AM

මේ ලෝහ කොටස් අපි වළලුමු.සමහරවිට අධික විෂ සහිත රසායනික සංයෝග ශේෂ කොටස් එම ලෝහ කැබලි වල ඉතුරුවෙලා තියෙන්න පුළුවන් .(හේ)

:       0       0

ශාන් Tuesday, 07 June 2016 12:31 PM

මෙම ක්‍රියාව කරන විට මෙය සුසන භූමියක් නිසා යලි යලිත් මේ බිම් වල වලවල් කපනු ඇති බවට මතක තබා ගත යුතුය.මේ දේවල් වල දැමු ප්‍රදේස යම් ආවරණ කිරීමක් කල යුතුයි මන්ද මේ ස්ථාන ඉදිරියේදී යලිත් වලවල් හැරීමක් සිදු වන්න පුළුවන් එසේම වෙඩි උණ්ඩ, මෝටාර් , කොයිවත් පුපුරා ගිය පසු ඉතිරිවන ලෝහ කොටස් අබලි ලෝහ ලෙස ප්‍රයෝජනයට නොගෙන මෙහෙම වලදාන්නේ ඇයිද කියලා මට තේරෙන්නේ නැහැ .(හේ)

:       0       0

විරාජ් Tuesday, 07 June 2016 07:44 AM

අලි පැටව් ළඟ තබාගත් අයට දඩුවම් කළෘ සේම මේවට වගකිව යුතු අයටත් තරාතිරම නොබලා දඬුවම් කළ යුතුය.(ම)

:       0       0

ටිකිරි Tuesday, 07 June 2016 12:56 PM

හෙම දේම වළදාන්නයි ගොඩදාන්නයි තමයි සිංහලයෝ කොමත් ප්‍රසිද්ධ දැන් මේ වුන බරපතල සිද්ධියත් ඉක්මනටම වළදාන්න (බ)

:       0       0

ශෂිකා Tuesday, 07 June 2016 09:28 AM

හරියටම හරි විරාජ්... මට තේරුම් ගන්න බැරි වර්ග කිලෝ මීටර් 10 ක විතර පරිසරයක් සුනුවිසුනු වෙද්දී කාටවත් හානි නොවුනේ කොහොමද කියලා. (ර)

:       0       0

පුෂ්පා කුමාරි Tuesday, 07 June 2016 09:36 AM

පව් අපේ හමුදා සොයුරන් හැම කරදරයකදීම උර දෙනවා. ඔබලාට තෙරුවන් සරනයි. (ර)

:       0       0

එස් ජයසිරි Wednesday, 08 June 2016 06:10 AM

ශෂිකා මෙහෙ ජනතාව අයින් කරපු අයුරු දන්නේ අපි තමා පන්සල් වලට පාසල් වලට ජනතාව පුළු පුළුවන් විදියට ගෙනාවා ඔක්කොම එකතු වෙලා කළේ එකයි බේරුනේ කිලෝ මීටර් 10 කට විතර හානි වුනා කියන එකනම් බොරු (බ)

:       0       0

සෑම් Tuesday, 07 June 2016 09:46 AM

වෙඩි උණ්ඩ, මෝටාර් , කොයිවත් පුපුරා ගිය පසු ඉතිරිවන ලෝහ කොටස් අබලි ලෝහ ලෙස ප්‍රයෝජනයට නොගෙන මෙහෙම වලදාන්නේ ඇයිද කියලා මට තේරෙන්නේ නැහැ . තව ටික දිනකින් රාත්‍රියට නිධන් හාරනවා වාගේ මේවාත් ගොඩ අරන් අබලි යකඩ වලට විකුනාවී .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනතාවාදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා
2024 ඔක්තෝබර් මස 03 116 0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 152 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 409 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 248 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 570 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1693 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 287 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 979 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site