මුර සංචාරයේ යමින් සිටි පොද්දල පොලිසියේ කොස්තාපල්වරයෙකුට පොද්දලදී පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි.
කොස්තාපල් රෝහලට ඇතුළු කළ බවත් සැකකරු හොයන බවත් පොලීසිය කියයි.
පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.
බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.
2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොස්තාපල්ට පිහි පාර
සමීර Friday, 06 September 2013 10:12 AM
රටේ නීතියක් නැහැ. අමිල සහ උපාලි කියන විදිය හරි . වරුණ වගේ අය දැන් බලන්නේ හැමදේම වාසි පැත්තෙන් (නි)
මහගෙදර ඇඹිලිපිටිය Friday, 06 September 2013 11:04 AM
පෝද්දල තියෙන්නේ දකුණු පළාතේ ගාල්ල පැත්තේ නේද? එහෙමනම් මේක සුළු දෙයක්.(නදී)
ධම්ම Friday, 06 September 2013 11:10 AM
පොලීසිය ගැන ප්‍රසන්න හැගීමක් ඇත්තෙම නෑ වගේ අදහස් දාන අය තුල. (නදී)
පිටිගල Friday, 06 September 2013 11:32 AM
පොලිසිය ගැන ප්‍රසන්න හැගීම් පහල වෙන්නේ නැහැ නොවැ ආයිබෝවන් කරන්නෙම අප්‍රසන්න වැඩ නේ.පොලිසිය සම්බන්ධ අමාත්‍යංශ මාරු කලත් මොනවා මාරුකලත් වැඩක් වෙන්නේ නැහැ. තමන් පොලිස් නිලධාරියෙක් තමන්ගේ වගකීම මේකයි කියල තේරුම් අරගෙන පරණ ආකල්ප වෙනස් කර ගන්න කල්. එකට වග කියන්න ඕනේ මහා තැන් වල ඒ. සී. කාමර වල ඉන්න උත්තමයෝ.උන් නාන්සේලා පොලවට බැහැලා බිම පයතියලා වැඩ කලොත් මේ අවුල විසදා ගන්න පුළුවන් වේවි මයේ හිතේ.(නදී)
ජගත් Friday, 06 September 2013 11:33 AM
පොද්දල ජයන්ත ද දන්නේ නැහැ.(නදී)
ගාල්ලේ සංජීව Friday, 06 September 2013 11:49 AM
කලින් කව්ද කිව්වා නේද ගුටි කාලා නම් එන්න එපා,, උන්ඩ එක්ක තුවක්කු දීල තියෙන්නේ,, කියල..අනික මුර සංචාරේ තනියම යනවා මම නම් දැකල නැහැ,, මේක හොර සංචාරයක්ද දන්නේ නැහැ,,?(නදී)
පිටිගල Friday, 06 September 2013 12:42 PM
ඒ කලින් කියපුව දැන් ඔට්ටු නැහැ. කියපු කෙනා දැන් කොහෙද ඉන්නේ. ඔය ඔක්කොම ප ...... ෂෝ.(නදී)
වරුණ Friday, 06 September 2013 01:15 PM
ගාල්ලේ සංජීව,රාළහාමිලාට ගුටිකාලා පොලිසියට එන්න එපා කියපු පොලිසියේ ලොකු මහත්තයාව මට මතක් වුණා (නි)
චාන් Friday, 06 September 2013 08:43 AM
පොලෝසියේ මහත්තුරු දැන් තනිවමත් මුර සංචාරයේ යනවාද? එහෙමනම් මෙයා වෙන සංචාරයක ගිහින්වත්ද?(නදී)
අමිල Friday, 06 September 2013 08:53 AM
ජනාධිපති තුමනි, ඔබ තුමා ජනාධිපතිධූරය බාර ගනිද්දී ඇතිකරනවායැයි බර හඬින් කියූ නීතියේ පාළනය ඇති නොකිරීමෙන් මුළු රටම දින දින අගාධයට ඇද වැටෙමින් පවතී. මෙලෙස ගියහොත් ඔබ තුමන් පෙන්නන්නට යන ආසියාවේ ආස්චර්ය්‍ය දැක බලාගැනීමට අනාගතයේදී පුරවැසියන් ඉතිරි නොවනු ඇත.(නදී)
වරුණ Friday, 06 September 2013 09:03 AM
පරණ තරහ කාරයෙක් වෙන්න ඇති?නැත්තම් කලින් කපු ජරාවක් නිසා රිටන් එක එන්න ඇති කොස්තාපල් උන්නැහේට?(නදී)
උපාලි Friday, 06 September 2013 09:28 AM
අමිල, මාත් ඉන්නවා ඔබ එක්ක.(නදී)