(එච්.චන්දන සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදුවී ඇති අනතුරකින් පොලිස් නිලධාරියකු මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි.
මිය ගොස් ඇත්තේ හලාවත පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් ( 100699 ) බන්නැහැක මුදියන්සේලාගේ සදුන් මධුරංග බණ්ඩාර (23) නම් අයෙකි.
ඔහු මහව නාගොල්ලාගෙම පදිංචිව සිටි අයෙකි.
ඉකුත් 10 වැනිදා අළුයම් කාලයේ ආණමඩුව - හලාවත මාර්ගයේ පල්ලම - පහලයාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරියාව ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.ප්‍රතිකාර ලබමින් සිටින අතර තුර ඔහු 10 වැනිදා සවස 6.20 ට පමණ මිය ගොස් ඇත.
තම මිතුරෙකු හමුවීම සදහා පල්ලම ප්‍රදේශයට ගොස් ආපසු හලාවත බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටින විට පොලිස් කොස්තාපල්වරයා අනතුරට පත්ව ඇති බව පොලීසිය කියයි.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොස්තාපල් යතුරු පැදි අනතුරින් මරුට
hesa Monday, 12 February 2024 02:21 AM
පව් අප්පා පොඩි ලමයෙක්නෙ...සාදයකට පසු..
hesa Monday, 12 February 2024 02:23 AM
පව් අප්පා පොඩි ලමයෙක්නෙ...සාදයකට පසු.. ඔහුට නිවන් සුවය ලැබේවා!