IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


”කිසිත් කියන්න බෑ”

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයන්ට අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  කළ නොතීසි අනුව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මන්තී‍්‍රවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර, නීතිඥ එම්.ඒ. සුමන්තිරන් හා ජේ.සී.වැලිඅමුණ  මහත්වරු පෙනී සිටියහ.
එක්සත් ජාතික පක්‍ෂ තේරීම් කාරක සභා සාමාජිකයන් අධිකරණය  හමුවේ පෙනී නොසිටියත් පාර්ලිමේන්තු මන්තී‍්‍රන් වන රුවන් විජයවර්ධන, අජිත් පී. පෙරේරා, ආචාර්ය හර්ෂද  සිල්වා,ඉරාන් වික‍්‍රමරත්න,කරු ජයසූරිය, පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණි සිටියහ.
 අගවිනිසුරුවරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා, නීතිඥ සාලිය පිරිස්, නීතිඥ කන්දයියා නීලකන්දන් යන මහත්වරු තීන්දුව අවසානයේ ඉන් පිටතට  ජයග‍්‍රාහී ලීලාවෙන් පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හර්ෂ ද සිල්වා සිය අතෙහි ඇඟිල්ලකින් මුව වසාගෙන මාධ්‍යයට පෙන්නුම් කළේ තමන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ අද දින දුන් තීන්දුව සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ නොකළ හැකි බවය.

ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, සිරිතුංග ජයසූරිය, සරත් මනමේන්ද්‍ර, සිරිමසිරි හපුරආරච්චි  යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර මෙම අවස්ථාව වාර්තා කිරීමට මෙරට මෙන්ම විදෙස් ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීහු රැුසක්ම පැමිණියහ.  

 



අදහස් (0)

”කිසිත් කියන්න බෑ”

ෆාතිමා Friday, 04 January 2013 10:50 AM

කිසිම ප්‍රශ්නයක් නැහැ

:       0       0

ප්‍රදීප් Sunday, 06 January 2013 09:23 AM

ප්‍රමාද වී හෝ තේරුම්ගත් එක කොච්චර හොදද? (නි)

:       0       0

ධනුක Thursday, 03 January 2013 09:36 PM

දෑත් ශක්තිමත් කරපු කවුරුවත් ඇවිල්ලා නැද්ද? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 03 January 2013 03:59 PM

කතාකරන්න දෙයක් තිබෙන ආත්ම ගෞරවයක් ඇති මිනිස්සු ටික එළියට ඇවිත් පුළුල් සංවිධානයකට එකතු වෙනවා නම් ජනතාව ඔබත් එක්ක ඉඳීවි. (නි)

:       0       0

විජේරත්න Thursday, 03 January 2013 04:12 PM

පිස්සු නැත්නම් හොඳයි (ස)

:       0       0

කල්පගේ Thursday, 03 January 2013 10:52 PM

මොනවද මන්දා අපේ අය‍ගේ අදහස්? රට පැටලිලා තියෙන වෙලාවක ඒකෙන් විනේදයක් ගන්න හදන්න එපා. (නි)

:       0       0

වීරේ Friday, 04 January 2013 12:25 PM

මෙතන විජාතික කුමන්ත්‍රණයක් ඇති බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

සිල්වා Thursday, 03 January 2013 04:18 PM

මේ සියල්ල සිදුවන ආකරය දුටුවිට අවසානයේ අපට නිදහස භුක්ති විදීමට ලැබෙනු ඇත. (නි)

:       0       0

අංජන Thursday, 03 January 2013 04:16 PM

සමහර අයගේ හිනාව දැක්කහම මට ඇතිවෙන හැගීම විස්තර කරන්න අමාරුයි. (නි)

:       0       0

ජානක පයාගල Thursday, 03 January 2013 04:18 PM

මොනවද මේ එක්සත් ජාතික පක්ශයට අද වෙලා තියෙන්නෙ?(නු)

:       0       0

කේ.හේමසිරි හිමි Thursday, 03 January 2013 04:26 PM

ජය වේවා...!(නු)

:       0       0

උපාලි Thursday, 03 January 2013 11:22 PM

අපිට පිස්සු වගෙයි මේවා දකිද්දී. (නි)

:       0       0

අර්ජුන් Saturday, 05 January 2013 12:07 PM

අනේ මන්දා

:       0       0

ටිකිරි Thursday, 03 January 2013 11:43 PM

කොන්ද පණ ඇති කීපදෙනෙක් හෝ සිටීම අපේ සතුටට කරුණකි. (නි)

:       0       0

වාසනා Friday, 04 January 2013 01:09 PM

ඒ නිසා මමත් මොකුත් නොකියමි (දී)

:       0       0

කවින්ද්‍යා Thursday, 03 January 2013 05:11 PM

මගේ රට බේරා ගැනීමට තමන්ට හැකි ශක්ති ප්‍රමාණයෙන් දායක වූ යූඑන්පී යේ සියලු දෙනාටම මගෙන් මල් මිටක්! (නි)

:       0       0

සුනිල් Thursday, 03 January 2013 05:17 PM

කිවුවත් වැඩක් වෙන එකක් නැහැ. (නි)

:       0       0

සුරංග Friday, 04 January 2013 01:17 PM

අනේ මන්දා

:       0       0

ජීව Thursday, 03 January 2013 05:21 PM

මේ අය බලයේ ඉදිද්දී මේ දෙය සිද්ධ වුණා නම් එයාලා කරන්නෙත් අරගොල්ලෝ කරපුදේම තමයි. නමුත් මෙතනදි මේ අය කරන්නෙ වෙනත්ම දෙයක්. (නි)

:       0       0

බුද්ධික Friday, 04 January 2013 02:27 AM

විභාග වෙන නඩුවක්නේ (දී)

:       0       0

සොයිසා Wednesday, 09 January 2013 02:50 PM

කියන්න එපා (දී)

:       0       0

පද්මි Friday, 04 January 2013 01:31 PM

වික්ටරි කියලා හගවන්න තමයි "වී" අකුරේ විදියට ඇගිලි පෙන්වන්නේ. (නි)

:       0       0

වරුණ Friday, 04 January 2013 03:03 AM

කවදා හරි කියාවිනේ (දී)

:       0       0

උදය Wednesday, 09 January 2013 02:58 PM

අපි බලන් ඉම්මු එච්චරයි

:       0       0

පී. සෙනෙවිරත්න Thursday, 03 January 2013 05:46 PM

මොකක්ද මේ යූ ඇන්පී එකේ ප්‍රතිපත්තිය (නු)

:       0       0

අංජන Thursday, 10 January 2013 08:46 AM

කමක් නැහැ තව ටික දවසනේ (දී)

:       0       0

චන්ද්‍රා-සිඩ්නි Thursday, 03 January 2013 05:52 PM

හරි ලස්සන ටිකිරි සිනා... (නි)

:       0       0

බමුණුගම Friday, 04 January 2013 03:30 AM

මොකද වෙන්නේ කියලා බලමු (ස)

:       0       0

පද්මි Friday, 04 January 2013 01:47 PM

ශ්‍රී ලාංකික දිරිය දියණියගේ ශක්තියට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ධම්ම Friday, 04 January 2013 01:48 PM

කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකියැයි හඟවන්නෙහි යටි අදහස මෙය ඔහු නොසිතු තීන්දුවක් කියන එකද? (නි)

:       0       0

වසන්ත Monday, 07 January 2013 01:08 PM

ගරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මැතිණියට ජයවේවා , ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවා (ස)

:       0       0

ප්‍රසාද් Friday, 04 January 2013 01:52 PM

නඩු තින්දුවක්නේ කමක් නැහැ (දී)

:       0       0

උපුල් Friday, 04 January 2013 09:06 PM

ඇත්ත...ඇත්ත... ඔබතුමාලගේ මම පිලිගන්නවා (දී)

:       0       0

හේවා Friday, 04 January 2013 07:09 AM

සමහරවිට අර කෘත්‍යාධිකාරී මණ්ඩලය යම්කිසි දෙයක් කියයි. (නි)

:       0       0

අංජලී Friday, 04 January 2013 07:11 AM

ඔය ඇගිලිදෙක ඉහළට ඔසවා පෙන්වීම බටහිරින් ආපු දෙයක්. (නි)

:       0       0

ලලිත් - කටාර් Thursday, 03 January 2013 06:19 PM

යූ.එන්.පී. යේ ප්‍රතිපත්තිය ජනතාවට සේවය කිරීම මිස බලය රැකගැනීම නොවෙයි. ජය වේවා! (නි)

:       0       0

ගාමිණී Thursday, 03 January 2013 06:17 PM

යුක්තිය සාධාරණය ඉටු උනා..!(නු)

:       0       0

සමන් Friday, 04 January 2013 07:24 AM

ජේ.වී.පී. සහ ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන්ට අපේ ආචාරය! (නි)

:       0       0

ආනන්ද ආර් Thursday, 03 January 2013 06:32 PM

ජය වේවා..!(නු)

:       0       0

බාසු Monday, 07 January 2013 10:08 PM

අනේ කාලේ වනේ වාසේ... (නි)

:       0       0

වජිරා Thursday, 03 January 2013 06:48 PM

අපි දැන් කුමක් කරමුද

:       0       0

මහේෂ් Friday, 04 January 2013 02:59 PM

දක්ෂයෝන් ඉන්නා අධිකරණයේ තීන්දුව මුළු ලක් වාසි ජනතාවම පිළිගත යුතු බව මගේ මතයයි. (නි)

:       0       0

චන්න Thursday, 03 January 2013 06:56 PM

රන් ටිකිරි සිනා... මුව මුව පාලා... (නි)

:       0       0

වීරවංශ Friday, 04 January 2013 08:32 AM

ඔව් ඔව්... ඒ අයට පෙරදිග, අපරදිග, බටහිර කොහෙන් ආපු දෙයක් වුණත් කමක් නැහැ. (නි)

:       0       0

බුද්ධික Thursday, 03 January 2013 07:33 PM

ජය අපිටයි! (නි)

:       0       0

ගාමිණි Saturday, 05 January 2013 01:25 AM

අධිකරණ තීන්දුවක් දෙන්න තියෙන එකක් නිසා වෙන්න ඇති (දී)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 04 January 2013 08:59 AM

එතකොට ඔය අන්ධයි කියන නීතියේ පිහිට පතන සාමාන්‍ය ජනතාව අර්ථකථනය කරන්නේ කවුරුන් ලෙසද? (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 03 January 2013 07:52 PM

රට අරාජික නොකරන්නට සැවොම සිතට ගත යුතුයි. (නි)

:       0       0

අජිත් Thursday, 03 January 2013 07:53 PM

කටික් නොකිවුවට හිතේ ඇති. (නි)

:       0       0

නන්දන Thursday, 03 January 2013 08:05 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (දී)

:       0       0

කුරුවිට Thursday, 03 January 2013 08:19 PM

ඉස්සර කිව්වේ සමාජයේ අපි ඔක්කොම එකයි කියලා ඒත් දැන් අපි අපිම උනත් එකිනෙකට වෙනස් (ස)

:       0       0

ශාන් Friday, 04 January 2013 09:49 AM

නියමයි ජය වේවා (ස)

:       0       0

ජයසේන Saturday, 05 January 2013 06:19 AM

තිදස පුරෙන් බිමට ඇවිත් බිහිවුණු බෝසතුනේ තව දෙදහස් පන්සීයක් සිටිය නොහැක ඉතිනේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 20 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 16 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 113 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 60 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


ජොන්ස්ටන්ට අවි 8ක් දීලා
2024 ඔක්තෝබර් මස 06 56 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය රජයෙන් ගිනි අවි 8ක් ලබාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පව


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 371 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site