රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝම්බර් 14 වැනි කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
සීමිත විරෝධතා ගොනු කරන ලෙසද වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන ,අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී පෙත්සම්කාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවීන් මාරපන මහතා කියා සිටියේ මේ පෙත්සම ජනතාවට බලපාන කටයුත්තක් බැවින් කඩිනමින් විභාගයට ගත යුතු බවයි.
මල්ගල්ලේ සුජාත විසින් ගොනුකොට ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේපාලිකා චන්ද්‍රසේකර , ගෝල්ඩන් අයිඩන් හොස්පිටලිටි සමාගම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කොට ඇති පෙත්සමේ මෙසේ සඳහන් වේ.
පසුගිය ජූලි 5 වන දින වසර පහක කාලයකට බල පැවැත්වෙන පරිදි ගෝල්ඩන් අයිලන්ඩ් හොස්පිටලිටි සමාගම යටතේ ඇති මැජිස්ටික් ෆ්‍රයිඩ් කැසිනෝ ශ්‍රී ලංකා නැමැති ආයතනයට කැසිනෝ ව්‍යාපාර පැවැත්වීම සඳහා බලපත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.
මෙම බලපත්‍රය නිකුත් කිරීමේදී පෙත්සම්කරුට ලැබී ඇති තොරතුරු අනුව මෙම බලපත්‍රය ලබා ගැනීමට ආයෝජනය කළ යුතු අවම මුදල වන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක් තැන්පත් කිරීමක් සිදුකොට ඇත.
ඊට අමතරව මෙම බලපත්‍රය ලබාගෙන ඇත්තේ පවතින නීති හා රෙගුලාසිවලට පටහැනිව ය.
ඊට අමතරව තමන්ට ලැබී ඇති තොරතුරු අනුව මෙම බලපත්‍රය ලබා ගැනීමට ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු වන රුපියල් බිලියන 10 ක මුදල ගෙවා නොමැති බව පෙත්සම්කාර හිමියන් කියා සිටිති.
මෙමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇති බව මෙන්ම රජයේ රෙගුලාසි ද උල්ලංඝනය කර ඇත.
මෙම තත්ත්වය තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත.
මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , අදාළ බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර හිමියන් විසින් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයේ මුදුනත සවිකර තිබු රුපියල් ලක්ෂ ගණනාවක අකුණු සන්නායක තබ පටි තොගයක් එහි ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කොළඹ දී සිදුකෙරිණ.
එක අරමුණකින් වැඩ කර මාතෘභූමිය මීට වඩා හොද රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර පැවති තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වි
කොස්ලන්ද අලුත්වෙල හාමිනාකන්ද රක්ෂිතයේ තිබි හිසකදින් වෙන්ව ඝාතනයට ලක්වූ තරුණයකුගේ මළසිරුරක් අද (22) පස්වරුවේ සොයාගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
Kumasaru Wednesday, 02 October 2024 07:37 AM
ලැජ්ජයි!!! ඇයි ඔබ නම් හෙළි නොකරන්නේ. ඉදිරි මැතිවරණයේදී ඔවුන් තෝරා ගැනීමෙන් වැළකී සිටීමට ඡන්දදායකයින්ට මෙම තොරතුරු අවශ්‍ය වේ.
maalaka Wednesday, 02 October 2024 09:04 AM
කොහොමද කෙරුවාව ?පොඩි මිනිහට තමයි ඔක්කොම නීති ක්‍රියාත්මක කරන්නේ ?මොන "සන්තෝසම් " ලැබුනද දන්නේ නැහැ