(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලොන්නරුව කඩවලවැව ප්‍රදේශයේ පදිංචි කසිප්පු ජාවාරම්කරුවකු ගෙන් රුපියල් 9,000 ක අල්ලසක ගත් බව කියන මින්නේරිය පොලීසියේ සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවසයි.
කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයා ගෙන් එම ජාවාරම බාධාවකින් තොරව දිගටම කරගෙන යෑම සඳහා යැයි කියමින් රජයේ අරක්කු බෝතල් තුනක් ඉල්ලා ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
රජයේ අරක්කු තමා ළඟ නොමැති නිසා මෙම ජාවාරම් කරු එම බෝතල් තුනේ වටිනාකමට රුපියල් නම දහසක් ලබා දිය හැකි බව පවසා ඇතැයි කොමිසමේ එම උසස් නිලධාරියා කීය.
ඊට කැමැත්ත පළ කළ පොලිස් සැරයන්වරයා සහ පොලිස් කොස්තාපල්වරයා එම මුදල් ලබා ගත් අවස්ථාවේ වැටලීමක් සිදුකර පොලිස් නිලධාරීන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සඳහන් කරයි.
කසිප්පු ජාවාරමේ නිරතව සිටින බව කියන පුද්ගලයා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර ඇත.
ඇමරිකාව විසින් මෙහෙම ප්‍රතිචාරක බදු පනවන බව මුළු ලෝකෙම දැනගෙන හිටියත් ලංකා රජය මේ ගැන දන්නේ නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ
ඇමරිකාවේ ප්‍රතිචාරක බද්ද හේතුවෙන් ලොකු අර්බුදයක් මතුව ඇති මොහොතේ රටට අවශ්‍ය වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝ ජාත්‍යන්තරයට දුරකතනයෙන් සෘජුව ඇමතිය හැකි න
ආයතනවලට සේවකයන් ප්‍රවාහනයේදී සහ නොමිලයේ ආහාර දීමේදී පනවන ලද බද්ද ඉවත් කරන බව මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පා
පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට එම අපරාධයේ සිදුකිරීම සඳහා අවකාශ සැලසීම සම්බන්ධයෙන් වගකිවයුතු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අ
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට (සැලසුම් ප්‍රතිනිර්මාණය කිරීම) 2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වැය කර තිබු රුපියල් කෝට
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයට අයත් ජාඇල පිහිටි ලක්දිව ඉංජිනියරිං ආයතනයේදී සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කළ බස්රථ 60 කට අධික ප
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
කසිප්පුවාගෙන් අල්ලස් ගත් පොලිසියේ දෙකක් කොටු
රම්‍යවතී යාපා Thursday, 13 April 2023 12:23 PM
ඕක නවතන්න වයිමාටවත් බැහැ. ඇත්තටම කරන්න ඕන කසිප්පුවන්ට දඩයක් නියම කරද්දී මෙහෙම කරන කොස්තාපල්වරුන්ට එමෙන් තුන්ගුණයක් විතර දඩයක් නියම කිරීම තමයි... මම දවසක් කසායක් ගන්න බෙහෙත් කඩේකට ගියා ඇතුලේ කොස්තාපල් කෙනෙක් පාර දෙසට එබෙමින් මොනවද කළා... හරි කෙනෙකුට නම් එළියේ තිබුන උසස් නිලධාරින්ට (දිසාපති, උපදිසාපති වැනි ආචාරය ලැබීමට හිමිකම් ඇති) ආචාර කිරීමේදී කිහිල්ලේ ගසාගෙන යන හිස්වැසුම් දෙකම අරගෙන යන්න තිබුණා (රාජකාරි පැහැර හැරීමට) මම තවත් ටිකක් බලාගෙන හිටියා යුනිෆෝම් දෙන්නෙක් එළියට ආවා ටිකකින් තවත් එකෙක් ආවා. මම දන්නවා තිදෙනාම අසල පොලිසියේ උත්තමයින් බව කඩෙ මුදලාලි උන්ගෙන් වහනය වන ගඳ නැතිවෙන්න වැල්මී ටිකක් දුන්නා. කොහොමද ටිකිරි මොළේ..? මේක වෙන්නේ ඒ කඩේට විතරක් නොවෙයි, දිනකට කඩයක් බැගින් තෝරාගෙන තියෙනවා...