(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබද විමර්ශනය කිරීම සදහා ධීවරයකුට අයත් ඔරුවකින් අම්පාර කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීමට ගිය අම්පාර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීහු හතර දෙනෙක් ඔරුව පෙරැළී වතුරට වැටීමෙන් ස්ථානාධිපතිවරයා සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් හා උණ්ඩ 10 ක් අඩංගු මැගසිනයක් වැවට වැටී ඇති බව අම්පාර පොලිසිය පවසයි.
අම්පාර කොනඩුවටුවාන වැවෙන් එගොඩ කොටසේ නීති විරෝධී මත්පැන් පෙරුම් පොළක් පවත්වාගෙන යන බවට පොලිසියට ලද තොරතුරක් මත අම්පාර පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උදය කුමාර මහතා ඇතුළු නිලධාරීහු සිව්දෙනකු මෙම වැටලීමට සහභාගි වූහ.
එහිදී කොන්ඩුවටුවාන වැවෙන් එගොඩවීම සදහා ධීවරයකුගේ ඔරුවකින් ගමන් සිටියදී ඔරුව පෙරැළී තිබුණි.
කෙසේ වෙතත් අම්පාර නාවකි හමුදා කදුවරේ නිලධාරීහු කණ්ඩායමක් අද (13) දින වනවිටත් ගිනි අවිය සහ උණ්ඩ සොයා විමර්ශන සිදුකරණු ලබයි.
අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
නොවැම්බර් මස 26 දා සිට ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගා පරීක්ෂා කිරීම අවසන් බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු රාජ්‍ය නායකයන් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු පරිදි කප්පාදු කළ යුතු යැයි සඳහන් යෝජනාවක් පා
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන සඳුදා(17) පස්වරු 2.00 සිට පස්වරු 7.00 දක්වා පැවැත්වීමට පාර්ලිම
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කඩිනම් ප
මේ වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහත
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
කසිප්පු අල්ලන්න ඔරුවෙන් ගිය පොලිසියේ 4ක් වැවට වැටෙයි