IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කසිප්පු වැටලීමට ගිය කොස්තාපල් අතුරුදන්

( සිතුම් චතුරංග)

කිලිනොච්චිය , මලයාලපුරම්,  පුදුඅයියන්කුලම ඇළ ආසන්නයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් කොස්තාපල්වරයකු අද(14) සවස අතුරුදහන්ව ඇතැයි කිලිනොච්චිය පොලිසිය කියයි.

ඇළ ප්‍රදේශයේ සිදුකෙරෙන මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ තොරතුරක් මත උදෑසන නිලධාරීන් කිහිපදෙනකු එම ප්‍රදේශයේ වැටලීමක් සඳහා ගොස් සිටියදී නීති විරෝධී මත්පැන් පෙරීම සිදුකළ ස්ථානය ආසන්නයේදී නිලධාරීන් තිදෙනකු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගොස් ඇති අතර එහිදී එක් කොස්තාපල්වරයකු අතුරුදහන්ව ඇතැයි පොලිසිය පැවසීය.

එලෙස අතුරුදහන්ව ඇත්තේ කිලිනොච්චිය කොට්ඨාස දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයකි.

පොලිසිය පැවසූයේ වැටලීම සිදුකරන අවස්ථාවේ නීතිවිරෝධී මත්පැන් නිශ්පාදනය කරමින් සිටි සැකකරුවන් ඇළට පැන පිහිනාගොස් ඇති බවත් ඒ සමඟම කොස්තාපල්වරයා සමඟ තවත් දෙදෙනකු ඔවුන්ව අල්ලා ගැනීමට උත්සහ කර සැකකරුවන් පසුපස ලුහුබැඳ ඇති බවත්ය.

එහිදී කොස්තාපල්වරයා අතුරුදහන්ව ඇති අතර ඇළ ප්‍රදෙශයේ සහ කැළෑ ප්‍රදේශය සෝදිසි මෙහෙයුම් සිදුකරන බවත් පොලිසිය පැවසීය.

 කොස්තාපල්වරයා ඇළෙහි ගිලී ඇති බවට සැකපලකරන බවත් අපහැදිලි ජලය සහ මඩ සහිතවීම හේතුවෙන් ඇළෙහි අතුරුදහන්වූ පොලිස් කොස්තාපල්වරයා සොයාගැනීම දුෂ්කරවී ඇති බවත් පොලිසිය පැවසීය.

         

 



අදහස් (1)

කසිප්පු වැටලීමට ගිය කොස්තාපල් අතුරුදන්

Pablo Escobar Saturday, 16 September 2023 06:00 AM

හොඳ වැඩේ... අනුන්ගේ දේවල් හොයන්න ගියාට...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 393 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 574 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 345 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 297 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 946 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 184 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40224 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site