(පද්මසිරි ගාර්දියවසම්)
වීදි වටිනාකම රුපියල් දහසක් වන කසිප්පු බෝතලයක් රු එක්දහස් පන්සියයකට විකිණීම පිළිබඳව ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අම්බලන්තොට ,මාමඩල ,ඇලේගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු කඩුවලින් සහ කැතිවලින් කපාකොටා පොලුවලින් පහරදී ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පැවසීය .
මෙලෙස ඝාතනය කර ඇත්තේ අම්බලන්තොට ,මාමඩල , පදිංචි හෙට්ටිආරච්චිගේ ප්‍රභාත් ඉන්දික ( අවු: 29) ,හේවා කුමානායක රසික ප්‍රියදර්ශන (අවු:45) සහ මාධව උදයංග මල්ලිකාරච්චි ( අවු: 34) යන තිදෙනාය .
රසික සහ මාධව යන දෙදෙනා ප්‍රභාත් ඉන්දික යන අයගේ ඇලේගොඩ නැගෙනහිර පිහිටි නිවසේ සිටියදී අට දෙනෙකු ගෙන් පමණවූ සැකකරුවන් පිරිසක් කඩු,කැති,පොලු රැගෙන එම නිවසට කඩා වැදී පහරදී ඇතැයි පොලිසිය පැවසීය .
සැකකරුවන්ගෙන් පස් දෙනෙකු නිවසේ සිටි ප්‍රභාත් ඉන්දික යන අයගේ මව විසින් හදුනාගෙන ඇත. ඔවුන් මාමඩල ඇලේගොඩ බටහිර පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය .
----------------------------------------------------------------
(සනත් ගමගේ, පද්මසිරි ගාර්දියවසම්,සහ චන්ද්‍රසේන ගමගේ)
අම්බලන්තොට මාමඩල ,බැමිණියන්විල ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් කපාකොටා පුද්ගලයන් තිදෙනකු ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි .
ඝාතනයවී ඇත්තේ රුවන් ,නුවන් ,පොඩී යන නම්වලින් හදුන්වන අවුරුදු 29.35 ,45 වයස් වල පසුවන අය බව පොලිසිය පවසයි .
නීති විරෝධී මත්පැන් පෙරීමේ ආරවුලක් මත දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් මෙම මිනිස් ඝාතන සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි .
අම්බලන්තොට පොලිසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි
.
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කසිප්පු වලියකට තුනක් මරලා
Perera Monday, 03 February 2025 06:42 AM
ඔහොම වෙන එක හොඳයි.. මුන් මුන් ගහගෙන උන්ට නිසි දඬුවම් දීගන්නවා
ජයනාත් Monday, 03 February 2025 09:27 AM
මරණ දඬුවම ක්‍රියාත්මක කරන තුරු අපරාධ නැවැත්වීමට අපහසුයි.
soma Monday, 03 February 2025 09:42 AM
කසිප්පු දැන් දැන් ඇල් වතුර වගෙ සාමාන්‍ය දෙයක් වෙලා ලෝකෙන් උතුම් රටේ. වෙච්ච දෙයක් කිව්වලු.
ජයසුන්දර Tuesday, 04 February 2025 08:26 AM
ඔව් ඒක ඇත්ත. මුන් ඒවාට වතුරද කොහෙද කලවම් කරලා විකුනන්නේ. බෝතල් 1ක්වත් බීවොත් තමයි ටිකක් හරි දැනේනේ. මුන් ඒවත් හොරට පෙරන්නේ. කාට කියන්නද මේවා. ඒවා හොයලා බලන්න කව්රුවත් නැනේ
මාමා Monday, 03 February 2025 11:04 AM
නිතරම බීමතින් ඉන්නව දකින්න ලැබෙන ඔහු මම හඳුනන කෙනෙක් නිසා ඔහුට බීමත් කමේ ආදිනව කිව්වා කීප දවසක්ම. අන්තිමට ඔහු කිව්වෙ - මාමෙ මම බොන්නෙ මගෙ සල්ලි වලින් . වෙන කෙනෙකුට නම් මම හොඳ දෙකක් කියනව කියල. හරි පුතේ යන කොට ඔය බිම දාල තියෙන සිලි උර සාක්කුවඕ දාගෙන පලයන් කියල මම නිකන් හිටියා. මම තීරණය කලේ මේ වැනි අය වැඩි වැඩියෙන් බොන එක හොඳයි කියල. සත්‍ය සිදු වීමක්.
ගුණරත්න Monday, 03 February 2025 12:18 PM
කසිප්පු බොන්නේ නීත්‍යානුකූල මත්පැන් මිල අධික නිසා, ගණන් වැඩි කළා කියලා මිනිස්සු බොන එක නවත්වන්නේ නැහැ. ඒකෙන් වාසිය කසිප්පු වෙළෙන්ඳන්ට....
Gamini❤️ Tuesday, 04 February 2025 08:34 AM
මිනිස්සු කුමක් හෝ සතුටක් විඳින්න කැමතියි. හැම මිනිහම එකම දේට කැමති නෑ. මිනිස්සු විවිධාකාරයි, අදහස් විවිධාකාරයි. බීමේ ආදීනව ඔවුන් නොදන්නවා නෙමෙයි. නමුත් තමන් විඳින සතුට අමතක කරන්න කැමති නෑ. කවුරුවත් කීවට මිනිස්සු ඕක නවත්තන්නේ නෑ. ගොඩක් දුරට ඔය විඳින සතුට වෙනුවට වෙන දෙයක් තෝරා ගැනීමෙන් ඕක නවත්තන්න පුළුවන්. ඉන්න ප්‍රදේශය, ඇසුරුකරන අය වෙනස් කිරීමෙන් ඕක පහසුවෙන් කරන්න පුළුවන්.