IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කසුප් ඔටුන්න සොයන්න ගිය 7ක් සීගිරි පොලිසියේ

සීගිරිය අභය භූමියේ ගල්ලි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක නිධානයක් තුළ කාශ්‍යප රජුගේ ඔටුන්න සොයා ගෙන එය ලබාගැනීමට පැමිණි පුද්ගලයින් 7 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන් පැමිණි මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයන් වත්තල, ගල්ගමුව, දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඔවුන් සතුව තිබී දුරදක්නයක් සහ මාලිමා යන්ත්‍රයක්ද සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගල් ලිඳ පුරාවිද්‍යාත්මක ස්ථානය සීගිරියට කිලෝ මීටර් එක හමාරක් නැගෙනහිරින් මහ වන මැද පිහිටි ස්ථානයකි. මීට පෙරදස එම ස්ථානයේ කාශ්‍යප රජුගේ කඩුව ඇතැයි කියමින් නිදන් හෑරූ පිරිසක් අත් අඩංගුවට ගනු ලැබූහ.

 

 

 



අදහස් (0)

කසුප් ඔටුන්න සොයන්න ගිය 7ක් සීගිරි පොලිසියේ

සත්‍යයා Tuesday, 09 June 2015 02:06 AM

පැරදුණු රජතුමාට ඔය ඔටුන්න ලබාදෙන්න පිරිසක් උත්සහා කරන්නේ කුමටද කියලා මිනිසුන්ට තවම තේරුම් ගන්න අමාරුයි. ඔය ඔටුන්න දාගෙනම තමයි කාශ්‍යප සියතින්ම ගෙළ සිඳගත්තේ. (නි)

:       0       0

සඳුන් Tuesday, 09 June 2015 02:11 AM

මොකක්ද මේ අත්අඩංගුවට පත්වෙන්න හේතුව. දැන් වෙන අය සෙට් වෙලාද වැඩේට? කොහොම වුණත් දැන් මෙහෙම අල්ලන එක හොඳයි. (නි)

:       0       0

සුනිල් Tuesday, 09 June 2015 03:43 AM

කඩුව හොයාගත්ත එකේ එයාට ඔටුන්නත් ඕනි කිව්වද? හොයාගත්තත් කොහේ දාන්නද ඔලුවක් නැතුව? (ස)

:       0       0

චන්න බුවනක Monday, 08 June 2015 02:09 PM

මේ අයට රජ කාලේ දඬුවම් දෙන්න ඕනි. (අ)

:       0       0

අචිනි Tuesday, 09 June 2015 03:45 AM

චන්න, රජකාලේ කිව්වේ පහුගිය රජතුමාගේ කාලේ වගේ දඬුවම්ද? එහෙනම් ඇමතිකමක් සමග හොඳම වරප්‍රසාද තමයි ඉතින් (නි)

:       0       0

සමන්ති Monday, 08 June 2015 03:14 PM

ඉස්සර රජකාලේ රාජකුමාරයෙක් මේ කඩුව අරන් නැත්ද? කන්ගැට්ට ගෙන්වත් අහමු? (බ)

:       0       0

නිහාල් Monday, 08 June 2015 06:19 PM

අවුරුදු 1500 පමණ ඔටුන්නක් නොදිරා තියේද? (නි)

:       0       0

ජෙහාන් Tuesday, 09 June 2015 06:29 AM

කවුද දන්නේ සිගිරි ලලනාවන්ගේ රු සපුවේ රහස් වට්ටෝරු සොයන්න ගියාද කියලා. ප්‍රභූ බවලතියන් තිරිහන් වෙන්න වයස අඩුවෙන් වැදගත් ලියකියවිලි වලට දෙන රටේ ඔය ටික වුණත් වෙන්න පුළුවන්. (ම)

:       0       0

විද්‍යා Monday, 08 June 2015 08:14 PM

කලින් ඕවා හොයපු අය වෙනුවට අලුත් කට්ටියක් එම පුරප්පාඩුව පුරවලා වගේ (නි)

:       0       0

සුනිල් Tuesday, 09 June 2015 07:01 AM

නියම කතාව ජෙහාන් (නි)

:       0       0

සුපුන් Tuesday, 09 June 2015 07:11 AM

හැබැයි අපේ එක් කෙනෙක් නම් ඕක දැනගත්තොත් කියනවා කමක් නැහැ ඕවා තියෙන්නේ ගන්න තමා කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 251 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 1372 1

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති
2024 සැප්තැම්බර් මස 25 1549 0

නව ආණ්ඩුකාරවරු හතර දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (25) දිවුරුම් දුන්හ.


ශිෂ්‍යත්ව පත්‍රය පිටවීම: අධ්‍යාපන ලොක්කෝ මානව කොමිසමට
2024 සැප්තැම්බර් මස 25 543 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්ෂන් සභාවද විශේෂ විමර්ශනයක් අර


ඉකුත් ආණ්ඩුවේ අමාත්‍යංශ වාහන ගාලු මුවදොර ගොඩගහලා
2024 සැප්තැම්බර් මස 25 1749 3

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවේ අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ අමාත්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ නිලධාරීන් භාවිතා කළ ‘සුපිරි’ වාහන විශාල සංඛ්‍යාවයක් ක


‘‘ජනපතිගේ කකුලෙන් අදින්න එපා‘‘
2024 සැප්තැම්බර් මස 25 1791 1

මේ රටේ දේශපාලඥයන් කරපු ජඩ වැඩ හින්දා, වෛරී දේශපාලනය තමයි අනුර කුමාර මහතාගේ ජයග්‍රහණයට හේතු වුණේ,යැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ පැව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37036 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24402 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 600 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 235 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site