IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


‘කැස්බෑව අය වැයට විරුද්ධ මන්ත්‍රීන්ගේ සාමාජිකත්වය තහනම්’ ලොකුගේ

කැස්බෑව නගර සභාවේ අය -වැයට විරුද්ධව ඡන්දය දුන් උප සභාපති නීතිඥ හේමාල් ධර්මප්‍රිය සහ මන්ත‍්‍රි හර්මන් වටරැකගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇතැයි කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා කැස්බෑව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛා සමිති එකමුතුවේ බලමණ්ඩල රැස්විමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ පැවසීය.

‘කැස්බෑව නගර සභාවේ අය -වැය දෙවරක් පරාජය වුණා. ඒ පිළිබඳව පාක්ෂීකයන් දැනුම්වත් කිරිම මගේ යුතුකමක්. එයාලා තමයි කැස්බෑව නගර සභාව ජයග‍්‍රහණය කළේ. එම නගර සභාව පරාජයට පත්වුණාම එයට හේතුව පැහැදිලි කිරිම මගේ යුතුකමක්. ‘

අයවැයට විරුද්ධව ඡන්දය භාවිත  කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙන්නා පිළිබඳව තීන්දු ගැනීමේ අයිතිය පක්ෂයට මම බාරදී තිබෙනවා.    

කැස්බෑව නගර සභාවේ උප සභාපති හේමාල් ධර්මප‍්‍රිය

එහෙම තීරණයක් ගැන පක්ෂයෙන් දැනුම්වත් කර නැහැ. මම දුරකතනයෙන් කතාකර ඇමතිතුමාගෙන් ඇහුවා රැස්වීමට එන්නද කියලා. පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා ඇතැයි එවිට ඔහු කිව්වා. කැස්බෑව ආසනයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කිරිමේ කුමන්ත‍්‍රණයක් තියෙනවා. නගරයේ දෙවැනි පුරවැසියා ලෙස මට බලමණ්ඩල රැස්වීමට යන්න මට අවසර නැහැ. ඒකද ප‍්‍රජාත්නත‍්‍රවාදය?



අදහස් (0)

‘කැස්බෑව අය වැයට විරුද්ධ මන්ත්‍රීන්ගේ සාමාජිකත්වය තහනම්’ ලොකුගේ

අජිත් කරුණාරත්න Wednesday, 18 December 2013 09:10 AM

ආණ්ඩු පක්ෂේ කට්ටිය අයවැයට විරුද්ධව ඡන්දෙ දෙන්න හේතුවක් ඇතිනේ? මොකද එම කාරණය ගැන හොයන්නේ නැත්තේ. සභාපති හොඳ නැති නිසා අයවැයට විරුද්ධ වෙනවා නම් එයාගෙනේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන්න ඕනේ. (නදී)

:       0       0

නිහාල් Monday, 16 December 2013 10:44 PM

මේ ඇනකොටා ගන්නේ ඡන්ද දායකින් වන අපගේ දියුනුවටනේ.(අ).

:       0       0

සකුරා Monday, 16 December 2013 10:47 PM

පක්ෂ සාමාජිකයෝ අයින් කරන එක නෙමෙයි කරන්න තියෙන්නේ වැරදි හදාගන්න එක ? (අ)

:       0       0

තබුක් සිල්වා Monday, 16 December 2013 11:32 PM

මහා පිළිතුරක් ලිවීමට වැඩි කාලයක් නාස්ති නොකරමි.අද පවතින පාලනයේ වෙනසක් අවශ්‍ය කියලයි මගේ හැගිම (අ)

:       0       0

නයනජිත් Wednesday, 18 December 2013 09:12 PM

හෘද සාක්ෂියට එකඟව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට අපේ ප්‍රණාමය පුදකරමු. (නදී)

:       0       0

අස්මිත් Tuesday, 17 December 2013 01:07 AM

බැරිවුණාද බය කරලා හරි ඡන්ද ටික දින ගන්න ? (අ)

:       0       0

නුවන් Tuesday, 17 December 2013 01:11 AM

වැඩේ හරි උනත්, වැරදි උනත්, ඇමතිතුමාට පන ඇති කොන්දක් තියෙන බව පේනවා. (අ)

:       0       0

සමිත Wednesday, 18 December 2013 10:00 PM

ජනපතිතුමනි කැස්බෑව නගර සභාව විනාසයෙන් හා දුෂණයෙන් වලක්වන්න උත්සහ දරන උප සභාපති හේමාල් මැතිතුමාට සභාපතිකම දීලා මේ කැස්බෑව රැකගන්න. වෙන කිසිම මන්ත්‍රීවරයෙකුට මෙය රැකගැනීමට නොහැක. මමත් කැස්බෑවේ හොඳ ශ්‍රී ලාංකිකයෙක්(දිල්)

:       0       0

සංඛ Wednesday, 18 December 2013 10:21 PM

අද අපේ රටට අවශ්‍යව තිබෙන්නේ අවංකව රටේ අනාගතය වෙනුවෙන් තමන්ට වඩා රට ගැන හිතල කටයුතු කරන උගත් බුද්ධිමත් තරුණ නායක පිරිසක්.(දිල්)

:       0       0

සත්‍යයා Tuesday, 17 December 2013 05:26 AM

මම හැමදාමත් කියන දෙයක් තමයි යු.එන්.පී එක නැවත හදාගෙන බලයට එන්න කව්රුවත් මහන්සි වෙන්න ඕනේ නැහැ. යු.එන්.පී එකේ වැලේ වැල් නැතිව හිටිය අය තමන්ගේ පැත්තට අරගෙන මහින්ද මහත්තයා හොඳ යු.එන්.පී පාලනයක් ගෙනයනවා. දැන් ශ්‍රී ලං.නි.ප. තනිකරම පාලනය වන්නේ යු.එන්.පී එකෙන්. ඉල්ලන් කෑවට ශ්‍රී.ලං.නි.පක්ෂයේ අයට හොඳ පාඩමක්. (නදී)

:       0       0

පෙඩ්රික් Tuesday, 17 December 2013 05:30 AM

කැස්බෑවේ ජවනතාව දැන් මේ තිදෙනාගෙන් නිදහස්. අනවසර ගරාජ වලින් මාසිකව මුදල් ගැනීම සහ ආරක්ෂා කිරීම මේකට මුල. මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න. (නදී)

:       0       0

අමිල කටුනායක Tuesday, 17 December 2013 07:29 AM

කකුළුවට කෙලින් යන හැටි කියා දෙනවා.(නදී)

:       0       0

ආනන්ද ආර් Tuesday, 17 December 2013 07:47 AM

ඒ ඇමෙරිකාවේ. මෙහෙ එහෙම නැහැ නේද?(නදී)

:       0       0

රොකී Tuesday, 17 December 2013 07:53 AM

හේමාල් මහත්තයෝ, යන්න පටස් ගාලා යු.එන්.පී එකට. ඊට පස්සේ ඡන්දෙට ඉල්ලලා දිනන්න. (නදී)

:       0       0

සිරි Tuesday, 17 December 2013 08:16 AM

කැස්බෑව නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන අපට ඉතින් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටම තමයි. අසීමිත බලයක් ලැබුනහම සිදුවන අනිසි ප්‍රතිඵල වල අනිසි කරුමය කියවීමේ නිසි බලය ඡන්ද දායකයා වෙත උත්තරී තර ප්‍රජාතන්ත්‍රවාදය විසින් පිරිනමා ඇත.(නදී)

:       0       0

යසවතී Tuesday, 17 December 2013 08:28 AM

විජය කුමාරතුංග මහතා ඝාතනය කල තුවක්කුව කාගේද ?(නදී)

:       0       0

මුණසිංහ Tuesday, 17 December 2013 08:38 AM

ඔය බලලෝභීන් එලවා දැමුවේ නැත්නම් ආණ්ඩුව අමාරුවේ වැටෙනවා.(නදී)

:       0       0

ධනුෂ්ක Tuesday, 17 December 2013 08:07 PM

උප සභාපති හේමාල් මහත්තයා කලේ හොඳ වැඩක්. මමත් කැස්බෑවේ හොඳ ශ්‍රී ලාංකිකයෙක්. සභාපතිගේ වැරදි පෙන්නුවේ ඒ දෙන්න විතරයි. ඔවුන්ට කරුණු පැහැදිලි කරන්න අවස්ථාවක් දිය යුතුය. ඔවුන් ආණ්ඩුව පෙරලන්න හදනවා නෙමෙයි. අතිගරු ජනාදිපතිතුමනි හේමාල් මහත්තයට සභාපතිකම දීලා මේ කැස්බෑව රැකගන්න.(නදී)

:       0       0

යසවතී Tuesday, 17 December 2013 08:42 AM

කඩුවෙල ආදර්ශයට ගන්න.(නදී)

:       0       0

ජෙරාඩ් Tuesday, 17 December 2013 09:20 AM

හොඳ තීරණයක් ඇමතිතුමා. අවස්ථාවාදීන්ට එරෙහිව හැම පක්ෂයක්ම කෙලින් තීරණ ගත යුතුය. මෙවැනි තීන්දු ගැනීමේදී අර මහත්තයා හොඳම ආදර්ශයකි.(නදී)

:       0       0

ගමගේ Tuesday, 17 December 2013 09:21 AM

මේකේ හැටියට දැන් සන්දානේ කිසිකෙනෙකුට විරුද්දව ඡන්දය දීම කල නොහැකිද? (නදී)

:       0       0

නිරාන් Tuesday, 17 December 2013 09:33 AM

ඇත්තෙන්ම මෙයද අපේ ප්‍රජාතන්ත්‍රවාදය? (නි)

:       0       0

තිලක් Tuesday, 17 December 2013 09:30 PM

කැස්බෑව නගර සභාව විනාසයෙන් හා දුෂනයෙන් වලක්වන්න උත්සහ ගත් උප සභාපති හේමාල් මැතිතුමනි ඔබට කැස්බෑව ජනතාවගේ ප්‍රණාමය. ජය වේවා! (නදී)

:       0       0

අසෝක Tuesday, 17 December 2013 10:29 AM

ඡන්දෙ දුන්න පලියට එහෙම පලිගැනීම් කරන එක හරි නැහැ නේද? (නදී)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 17 December 2013 10:32 AM

ධර්මප්‍රිය මහත්තයෝ, ඔහොම යමු ප්‍රජාතන්තරේට තව ටික දුරක් යන්න වෙනවා. ඉවසගෙන ඔහොම යමු.(නදී)

:       0       0

නිමල් ලලිතා Tuesday, 17 December 2013 10:38 AM

මමත් පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක්. මටත් අහන්න තියෙන්නේ මේකද ප්‍රජාතන්ත්‍ර වාදය කියන එකයි.(නදී)

:       0       0

මංජු Tuesday, 17 December 2013 10:42 AM

අපිත් මේ අයට මනාපය ලබාදුන් අය වෙමු. එහෙත් මේ වන විට අපි කල වරද පිළිබද කනගාටු වෙමු.(නදී)

:       0       0

මෙන්ඩිස් Tuesday, 17 December 2013 11:05 AM

ඇත්තද? එතකොට පක්ෂ මාරු කරන අයගේ සාමාජිකත්වයට මොකද වෙන්න ඕනේ? (නදී)

:       0       0

විජේ Tuesday, 17 December 2013 11:17 AM

පක්ෂ සාමාජිකත්වය තහනම් කරනවා කියලා මිනිස්සු බය කරලා අයවැය දිනගන්නයි ඒගොල්ලෝ හදන්නේ. ඒ කියන්නේ අය වැයේ මොන වැරදි තිබුනත් පක්ෂව ඡන්දය දෙන්න ඕන කියලද ? (නදී)

:       0       0

සෑම් Tuesday, 17 December 2013 11:48 AM

ඔය කියන ඇමති තුමා පාට මාරු කරලා ආණ්ඩුවට ඇවිත් දැන් පැරණි ශ්‍රී ල නි ප අයටත් පක්ෂයේ වගකීම ගැන කියාදෙනවා.(නදී)

:       0       0

නුවන් Tuesday, 17 December 2013 12:20 PM

අද අපේ රටට අවශ්‍යව තිබෙන්නේ අවංකව රටේ අනාගතය වෙනුවෙන් තමන්ට වඩා රට ගැන හිතල කටයුතු කරන උගත් බුද්ධිමත් තරුණ නායක පිරිසක්.හේමාල් සහ විපක්ෂයේ සිටින ලෙනාඩ් කරුණාරත්න යන දෙදෙනාම උපදිධාරීන් වගේම කැස්බෑවට වාසනාවට පහලවූ දෙදෙනෙක්. මෙවන් පිරිසක් ආරක්ෂා කරගැනීම අපි සියලු දෙනාගේම වගකීමක්. පක්ෂ දේශපාලනයෙන් තොර ස්වාදීනව ආවත් මේ වගේ පිරිස ජයග්‍රහණය කරනවා. අනාගතයේ මේ රටේ පාර්ලිමේන්තුව හැදෙන්නේ මේ විදිහට. එහි පෙරලකුනුයි මේ. ඔබ දෙපලටම චිරන් ජයතු. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 18 December 2013 02:43 AM

යසවතී බොහෝ දේවල් දන්නවා. ඇගේ දැනුම මේ තීරයට අවුත් අඳුරේ අත පත ගාන නොදරුවන්ගේ මොළය වර්ධනයට හේතුවේවා! (නදී)

:       0       0

අකිල Tuesday, 17 December 2013 01:02 PM

මම නම් හිතන්නේ මේක හොදයි කියලා. පක්ෂයේ මතයට විරුද්ද වෙනවා නම් පක්ෂෙන් ඉවත් වෙලා ඡන්දය දෙන්න ඕනේ.(නදී)

:       0       0

පෙඩ්රික් Tuesday, 17 December 2013 01:06 PM

හොඳ තීරණයක් ඇමති තුමා. මේ අය යැව්වේ නැත්නම් ආණ්ඩුව අමාරුවේ වැටෙනවා. මෙය අපේ වගකීමක්.(නදී)

:       0       0

පෙඩ්රික් Wednesday, 18 December 2013 05:36 AM

හේමාල් මහත්තයට සභාපතිකම දීලා කැස්බෑව අනවසර ගරාජ වලින් මාසිකව මුදල් ගැනීම සහ ආරක්ෂා කිරීම දිගටම කරන්න.(නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 17 December 2013 01:30 PM

මයික් එක ඉස්සරහ මොනවා කීවත් පක්ෂයේ විනය නීතියක් මේ විදිහට නැහැ. මෙහෙම සාමාජිකයින්ව අයින් කරන්න බැහැ. නිකන් නඩු ගිහිල්ලා පරදින එක විතරක් වේවි. ඔය මහත්තයත් ඇවිත් තියෙන්නේ මොකක්ද පක්ෂයක විනය නීතියක් කඩාගෙන නේද?(නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 18 December 2013 06:36 AM

හෘද සාක්ෂියට එකඟව ඡන්දය දුන් මන්ත්‍රීවරුන්ට අපේ ප්‍රණාමය පුදකරමු.(නදී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 18 December 2013 07:13 AM

සභාපතිවරු තනිවම කන නිසා තමයි මේ ප්‍රශ්නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 247 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 266 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 370 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


මැතිවරණ රාජකාරි නොඑන නිලධාරීන්ට විනය පියවර ගන්නවා
2024 සැප්තැම්බර් මස 20 423 0

නම්කර ඇති මැතිවරණ රාජකාරීන් වලට රපෝර්තු නොකරන රාජ්‍ය නිළධාරීන් සහ සේවකයින්ට එරෙහිව විනයානුකූලව කටයුතු කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වේයන්ගොඩ නිදන් හෑරූ සිවුරු දැරූ අයෙක් ඇතුළු 9ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 402 1

වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පො


ඡන්ද පෙට්ටිය බෝට්ටුවෙන්
2024 සැප්තැම්බර් මස 20 741 0

මෙරට සර්ව ජන ඡන්දය බලය ලැබුණ දා පටන්ට බලපිටිය මාදූව දූපත්වාසීන්ට ඡන්දය දැමීමට ඡන්ද පෙට්ටිය ගෙනයනුයේ ඔරු පාරු හා මෝටර් බෝට්ටුවලිනි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14542 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 124 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site