(සමන් පාලිත නානායක්කාර)
පවතින ධාරානිපාත වර්ෂාවත් සමග නායයාමේ අවදානමක් මතුවී ඇති බැවින් කොස්ලන්ද මීරියබැද්ද පැරණි නායගිය ස්ථානය දෙපස සහ ඒ ආසන්න ප්‍රදේශයේ පවුල් 244 ක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව පදිංචි ස්ථානවලින් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය.
කොස්ලන්ද මීරියබැද්ද පවුල් එකසිය හතළිස් හතරක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවටද මහකන්ද පවුල් විසිතුනක් මල්වැන්න තේ කර්මාන්ත ශාලාවටද දිවුල්ගසමුල්ල පවුල් අසූ එකක් කොස්ලන්ද සිංහල විදුහලට හා කොස්ලන්ද දෙමළ මහ විදුහලටද තාවකාලිකව ඉවත් කළ බවද ප්‍රාදේශීය ලේකම්වරිය කීවාය.
රාත්‍රියේ කරුවල සමග වන අලි ගැවසීම නිසා මහා කන්ද වත්ත ප්‍රදේශයේ පවුල් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කිරීමේදී සුළු බාධා එල්ලවී ඇති බව ද ආපදා සහනනිලධාරීහු පවසති. මෙම කඳවුරු වල මේ වනවිට පුද්ගලයින් 768 දෙනකු සිටින බවද හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ ඒ ජේ ප්‍රියංගිකා මහත්මිය වැඩිදුරටත් පැවසීය.
අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති
2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කොස්ලන්දේ පවුල් 244ක් ඉවත් කරති