(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කෙසෙල් වත්ත මාටින් පෙදෙසේ හෝටලයක්දී ටී 56 ගිනි අවියකින් 20 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
එම ගිනි අවිය සොයාගෙන ඇත්තේ කඩවත නිවසක් පිටුපස ප්ලාස්ටික් භාජනයක බහා වල දමා තිබියදීය .එම ගිනි අවි සමඟ ජීව 20 ක් ද පොලිස් බාරයට ගෙන ඇත.
එම ගිනි අවියේ රහස් අංකය මකා තිබූ අතර එය ආරක්ෂක අංශ මගින් පරිහරණය කරන ලද එකක් බව ද බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලීසිය කියයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයට තොරතුරකට අනුවඉකුත් 20 වෙනි දින කඩවත ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 25 ක ට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කෙසෙල් වත්ත ඝාතනය ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම වෙඩික්කරුවා ලෙසත් අනාවරණය වූ අතර ඊට අමතරව එම ගිනි අවිය සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි .
විභාගයට පෙර ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් මතභේදයට ලක්ව තිබූ පහ වසර ශිෂ්‍යත්ව විභාගය නැවත යළි නොපැවැත්වීමට තීරණය කල බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජය
හිසට පහර දීමකින් ඇතිවූ බරපතල තුවාලයකින් ලේ ගලමින් පුද්ගලයෙකු නිවසේ ඇඳක් මත මියගොස් සිටියදී සොයාගත් බව මාදම්පේ පොලීසිය කියයි.
ලෙබනන් හිස්බුල්ලා සටන්කාමීන්, ඊශ්‍රායල හමුදා පුහුණු කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළේය. ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා සොල්දාදුවන් තිදෙනකු මියගොස්, 100
පාලන මිලට සහල් අලෙවි කළ නොහැකි නම් සහල් අලෙවිය වර්ජනය කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර තොග සහ සිල්ලර වෙළඳ සංගමය පවසයි.
රජය විසින් වැඩි කරන ලද පොහොර සහනාධාරය අද සිට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ආන්දෝලනයට තුඩු තුන් 2024 පහ වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය යළි නොපැවැත්වීමට තීරණ කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කෙසෙල්වත්ත ඝාතනයේ වෙඩික්කරු මාට්ටු