IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කසල තේ කිලෝ 4000ක් කටුගස්තොටින් අල්ලයි

මහනුවර කුරුණෑගල මාර්ගයේ විශාල ප්‍රමාණයේ ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 4000ක් සමග දෙදෙනකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 



අදහස් (0)

කසල තේ කිලෝ 4000ක් කටුගස්තොටින් අල්ලයි

න්තාරක Sunday, 03 November 2013 10:29 PM

අපි තරම් කරුම කරපු පිරිසක් මේ ලෝකේ නැහැ (දී)

:       0       0

කුමාර Sunday, 03 November 2013 03:37 PM

කසල තේ යනු මොනවද ? ඔය කියන කසල තේ සල්ලිවලට සැම පැක්ටේරියකින්ම නිතියානුකුලව විකුනනවා නේද?මේවා නැවත මහජනතාවට විකුනනවා. අනේ ඔය අල්ලන කසල තේ විද්‍යාත්මකව අර්ථ දක්වන්නකෝ...(නදී)

:       0       0

පද්මිණි Sunday, 03 November 2013 10:56 PM

හිතේ කහට තියෙන ඇත්තෝ කරන ඔය වැඩෙන් ලංකාවේ නම කැත වෙන බව තේරෙන්නේ නැද්ද. හැම අවුරුද්දෙම කරන පුරුද්දට මේ සැරෙත් පිරිසිදු කසල තේ වලින් කිලෝ පහක් ,හයක්, ගෙන්න වෙනවා. මේ රටේ යාලුවන්ටත් එක්ක. (දී)

:       0       0

චමත් [ලංකාව] Sunday, 03 November 2013 03:49 PM

ලෝකයේ ඉතා උසස්ම තේ නිපදවන රට ලංකාව වුනාට ,එවැනි උසස්ම පිරිසිදුම තේ බීමට හැක්කේ ලංකාවේ කියෙන් කි දෙනාටද.? ඇත්තටම අපි බොන්නේ මේ වගේ කසල තේ තමයි. තේ විතරක් නොවේ ලංකාවේ නිපදවන අපනයනය කරන ආහාර ද්‍රව්‍යද ඉතාමත් උසස් ජාත්‍යන්තර ප්‍රමිතියේ ඇත. එවැනි පිරිසිදු උසස් තත්වයේ ආහාර ලංකාවේදී අපිට මිලට ගැනීමටවත් ලැබෙන්නේ නැත.(නදී)

:       0       0

චමත් [ලකාව] Monday, 04 November 2013 01:49 AM

ලෝකප් ප්‍රසිද්ධ තේ සමාගම් කරන තවත් වැඩක් තමයි, ලංකාවේ ඉතාම උසස් තත්වයේ තේ මිලට ගෙන, තත්වයෙන් බාල වෙනත් රටවල [ඉන්දියාව,කෙන්යාව] තේ සමග මිශ්‍ර කර එම තේ "සිලෝන් ටි " යනුවෙන් නම් කර වෙළද පොලට මුදා හැරීම. ඇත්තටම මේ මිශ්‍ර කිරීම හා ඇසුරුම් කරනු ලබන්නේ විදේශියන් හිදීය. තේ කර්මාන්තය පිලිබදව දන්නා අය මෙහි අදහස් දක්වනවා නම් ,ඔවුන් එය සනාත කරනු ඇත. මා දන්නා පරිදි විදේශියන්හි තේ වලට ඉතාම ඉහල හොද නමක් තබා ගෙන ඇත්තේ ඩිල්මා නමැති, ශ්‍රී ලාංකික පවුලේ තේ සමාගමයි. ඔවුන්ගේ තේ වල තත්වය ඒ තරම් ඉහලය.(නදී)

:       0       0

ලාල් කැන්ඩි Monday, 04 November 2013 01:57 AM

වන්නි තිලක් ඔබ හරි. වරද තියෙන්නේ රජයේ රජය මේ සදහා පිලියමක් යෙදිය යුතුයි .(නදී)

:       0       0

සෑම් Monday, 04 November 2013 02:27 AM

කසල තේ වලට ඇමති කෙනෙකුත් ඉන්න එකේ අමාත්‍යන්සයකුත් හැදුවා නම් තමා හොඳ (නදී)

:       0       0

උපාලි Monday, 04 November 2013 03:44 AM

චමත්[ලංකාව], ඔබ හිතනවද ලංකාවෙන් අපනයනය කරන ආහාර ද්‍රව්‍ය "ඉතාමත් උසස් ජාත්‍යන්තර තත්වයේ" කියල? පිටරට සිටින මගේ මිතුරන් කීප දෙනක් කිව්වා ඒ ගොල්ල මිලට ගන්න ගොරක, සියඹලා වැනි දේ ඇටයි පොතුයි කෙඳියි ඔක්කම එක්ක තියෙන්නේ, තම්බපු හාල් ගල් වැලි එක්ක තියෙන්නේ, පැකට් කල දෙල් කොස් වැනි දේ තම්බෙන්නේ නැහැ, කිතුල් හකුරු කියල එවන්නේ "සීනි හකුරු" ආදී වශයෙන්. ලංකාවේ ප්‍රසිද්ධ 'අපනයන කාරයෝ' තමයි යවල තියෙන්නේ. හැබැයි, යම් යම් තේ වර්ග ගැන නම් ඒ අයගේ විදේශික මිතුරන් පවා වර්ණනා කරන හොඳ තත්වයේ බවත් කිවා.(නදී)

:       0       0

සැම් Monday, 04 November 2013 05:40 AM

ඕස්ට්‍රේලියාවේ තියන තේ අන්තිම බාල ඒවා. දිල්මා ඉතාම හොඳට වෙළඳ ප්‍රචාරය කරනවා. නමුත් තේ වල විශේෂ හොඳක් නෑ.මම ලංකාවේ ඉන්න කාලෙ දෙනියාය සහ හේයස් වතු දෙකෙන්ම හොඳ තේ බීල තියන නිසා වෙනස දන්නවා (දී)

:       0       0

චමත් [ලංකාව] Monday, 04 November 2013 01:06 PM

උපාලි, මෙහෙම දෙයක් වෙන්න පුළුවන්.ලංකාවෙන් අපනයනය කරන ආහාර ද්‍රව්‍ය වල තත්වය යවන රට අනුව වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට කිව්වොත් මැදපෙරදිග රටවල් වලට ඔබ කියනා වැනි බාල බඩු යවන්න පුළුවන් .නමුත් බටහිර රටවල් වලට එවැනි බාල බඩු යැව්වොත් ඒවා මිලට ගන්නා පාරිභෝගිකයා නැවත එම අපනයන සාමාගමට අයත් බඩු මිලදී ගැනීමෙන් වලකිනවා. එසේ වෙනවා කියන්නේ එම සමාගම් තමුන්ට තිබු වෙළඳපොල නැති කරගත්තා කියන එකයි. ඒ අඩුව පුරවන්නට ලොව පුරා තිබෙන ආසියාතික අපනයන සමාගම් සියයක් පමණ සැදී පැහැදී සිටිනවා. මැදපෙරදිග වෙළඳාමට වඩා අපනනකරුවන්ගේ වැඩි අවධානය තියෙන්නේ බටහිර වෙළදාම කෙරෙහියි. ඒකට හේතුව මැදපෙරදිග රටවල් වල විකුණන මිලට වඩා දස ගුණයකටත් වඩා වැඩි මිලකට එකම භාණ්ඩය බටහිර රටවල්වල විකිණීමට හැකිවීමයි. එම නිසා ඔබ කියනා ආකාරයේ බාල බඩු බටහිර රටවල් වලට නම් අපනයනය කරනවා කියා සීතීමට අපහසුයි. (ස)

:       0       0

වන්නි ලතා Monday, 04 November 2013 01:19 PM

සෑම්, ඔයාට වගේ අපිට දන්නා අදුරන අය නැහැනේ දෙනියාය,හේයස් වතු වලින් හොද තේ කොළ ටිකක් ඉල්ලගෙන බොන්න. ඒක හන්දා අපි එදා ඉදන් අද වෙනකම් කසල තේම ගහනවා.(නදී)

:       0       0

ලාල් - නුවර Monday, 04 November 2013 02:50 PM

මේ කසල තේ ගැන මහජන සෞඛ්‍ය පරික්ෂකවරු හොයන්නැද්ද .දැන් රට පුරාම වැටලීම් කරනවා නේද ?? (ස)

:       0       0

වන්නි තිලක් Sunday, 03 November 2013 10:20 PM

කුමාර, කසල තේ කියන්නේ තේ කර්මාන්තශාලා අතුගාල ඉවත දමන තේ කොළ සහ බිම වැලි කුණු ආදිය සහිත කුණු ගොඩක්. මේවා ගොඩක් එකතු වුනාම වෙන්දේසි කරලා විකුනනවා ඉවත්කරගෙන යන්න. වරද එතනයි. මේවා එදිනෙදා කොම්පෝස්ට් පොහොර වලකට දාල විනාශ කරනවා නම් තේ නිෂ්පාදකයින්ට හොඳයි. මේවා බොරු ලේබල් ගහල හොරෙන් පිට රටට විකුණන නිසා ලංකාවේ තේ නාමයට සිදුවන හානිය මේ කුණු ගොඩ වෙන්දේසි කිරීමෙන් ලැබෙන මුදලට වඩා වැඩියි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2602 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මැදවච්චිය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 22 0


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 105 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 80 0


අදත් තැනින් තැනට වැස්ස
2024 සැප්තැම්බර් මස 22 12 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රත්ගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 333 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14650 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 51 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 224 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site