IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


කංසා අපනයනය කරන හැටි ඇමැති කියයි

(තිලකරත්න දිසානායක)

මෙරට ඩොලර් අර්බුදයට විසදුමක් වශයෙන් කංසා ආශ්‍රිත ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය අරඹමින්, කුමන බාධා පැමිණියද එම ඖෂධ අපනයනය කිරීම ඉදිරි කාලයේදී ආරම්භ කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා යක්කල දී පැවසීය.

මෙරට කංසා නිෂ්පාදනය කළද කිසිදු අයුරකින් දුම් පානයයක් ලෙස හෝ වෙනයම් ක්‍රමයකට කංසා මත් ද්‍රව්‍යයක් ලෙස යොදා ගැනීමට ඉඩ තබන්නේ නැහැ. විදේශයන්ගෙන් පැමිණෙන සංචාරකයින්ට ආයුර්වේද ප්‍රතිකාර හා ආයුර්වේද පංචකර්ම ක්‍රම හදුන්වා දීම සිදු කරමින් ඒ තුලින්ද විශාල වශයෙන් ඩොලර් ඉපයීම පිනිස පියවර ගනු ලබනවා. මේ සදහා යක්කල ආයුර්වේද රෝහල් පරිශ්‍රය ආශ්‍රිතව කොළඹ - මහනුවර මාර්ගයෙහි යක්කල ප්‍රදේශයේ ආයුර්වේද කලාපයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නවා.

යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයට අලුතින් බදවාගත් සිසු සිසුවියන් සදහා සම්ප්‍රදායක චාරිත්‍රානුකූලව අත්පොත් තැබීමේ උත්සවයෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (13)

කංසා අපනයනය කරන හැටි ඇමැති කියයි

de silva Wednesday, 21 September 2022 11:58 PM

මොන පිස්සොද? මුන්ට පුළුවන්ද රට මේ වැටිලා තියන අගාධයෙන් ගොඩ ගන්න. මුන් තව අවුරුදු 3 ක් පාර්ලිමේන්තුවෙ ඉන්දන් පිස්සු කෙළියොත් අපි ඉවරෙටම ඉවරයි. වහාම රොත්ත පිටින් එලවන්න ඕනි. අලුත් ඡන්දයක් ඕනි. අපිට කැමති කෙනෙක් පත්කරගන්න.

:       8       10

chandima Thursday, 22 September 2022 01:45 AM

කංසා නොහොත් මරිජුවානා නොහොත් කියන මේ ගස වවා නිකම් නිකන් රට යවලා මුදල් උපයන්නට බැහැ. ඒවා නිසි ලෙස නිස්සාරණය කළ යුතුයි. ඒ සඳහා ඉතා මිල අධික කාබන් ඩයොක්සයිඩ් නිස්සාරණ යන්ත්‍ර එකක්වත් අපේ රටේ තිබිය යුතුයි. මේවා ඉතා මිල අධිකයි. ඇමෙරිකාව වැනි රටවල පවා මේ නිස්සාරණ යන්ත්‍ර ඇත්තේ වගාකරුවන් කිහිප දෙනෙකුට පමණයි. අනිත් වගාකරුන් තම නිෂ්පාදන වෙනත් නිස්සාරණ කරුවන් හරහා නිස්සාරණය කරගන්නවා. හැබැයි වැඩේ කරන්න බැරි දෙයක් නම් නොවෙයි.

:       0       13

Saman Thursday, 22 September 2022 01:51 AM

මෙච්චර හදිසි ඇයි දන්නවද? හොර ඉඩම් අරන් ඕක වගා කරගන්න පුළුවන්නේ. ඒ ගමන් අත උඩින්ම කලු කඩ බිස්නස් එක පටන් ගන්නත් පුළුවන්නේ.

:       7       9

ramila asiri Thursday, 22 September 2022 08:13 AM

මේ පොළවේ පැළවෙන ඕනෙම දෙයක් හදලා පිටරට යවන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕනෑ.

:       0       0

සෝමසිරි Thursday, 22 September 2022 08:57 AM

ඔය කියන කාබන් ඩයොක්සයිඩ් නිස්සාරණ යන්ත්‍ර වලින්ද ? අතීතයේ හෙළයන් ඖෂද නිෂ්පාදනය කරේ ?

:       3       0

podi mole Thursday, 22 September 2022 01:33 PM

ඔය කියන බම්බු හෙල මන්තරෙ ජපකරල තමයි පොහොර වලිනුත් කෙලවගත්තෙ

:       0       2

lakvidu Thursday, 22 September 2022 01:44 PM

වසූරිය, කක්කල් කැස්ස, ගලපටලය, මැලරියාව, පෝලියො, අපෙ රටෙන් තුරන්කලෙ ඔබෙ කියන ඔය හෙල වෙදකමෙන්ද? අඩුගානෙ ඔහෙගෙ හෙලවෙදකමෙ හරිහමන් පනුබෙතක්වත් තියෙනවද. ඉස්සර අනන්ත අප්‍රමාන පොඩිලමයි පනුවො හිරවෙලා මරුන. හෙල ගොවිතැන කොරන්න ගිහින් පොහොර වලිනුත් කෙලවගත්ත මදිවෙලාද? මුන්ටනම් විලිලජ්ජාවක් නැහැනෙ.

:       0       2

Wimal Thursday, 22 September 2022 09:59 AM

ඇමැතිලාට නියම ජොබ් එක... පඩි, ගෙවල්, වාහන එපා කියලා කැපවී වැඩ කරාවි.

:       0       0

බන්ඩාර Thursday, 22 September 2022 10:50 AM

මේ යකා ඇමතියා වුන දවසේ ඉදන් ඕක මන්තරයක් වාගෙ කියවනවා ඉවරයක් නෑ. කවුරුත් එපාකියන්නේ නැහැනේ. කරලා පෙන්නන්නකෝ. මම දන්නාවොදිහට කාබන්ඩයොක්සයිඩ් නිස්සාරන බාවිතා කරන පුද්ගලික ආයතනය දෙකක් ලන්කාවේ දැනට තියෙනවා චන්දිම essential oil නිස්සාරනය කරන.හැබැයි කන්සා වලට,පුලුවන්ද දන්නේ නැහැ.

:       0       1

podi mole Thursday, 22 September 2022 11:30 AM

යකෝ ගම්මිරිස් වවලා රට යවපල්ලාකෝ. නිකම් ගංජා ගහන්න යන්නේ නැතුව.

:       0       1

podi mole Thursday, 22 September 2022 11:31 AM

සෞඛ්‍ය ඇමතිටත් පැණි පොවපු එකානේ.

:       0       1

ganegoda Thursday, 22 September 2022 12:26 PM

කංසා වගාකරන්න පුළුවන් රටවල් කෙපමණ තිබුණද, ඒ රටවල්වල ජනතාවගේ සෞඛ්‍ය සුබසාධනය නිසා කංසා වගාකිරීම තහනම් කර ඇත...!

:       1       0

fairoos Thursday, 22 September 2022 01:05 PM

මෙ කාලකන්නින් රට තවත් අගාදයට එදා දමන්නයි යන්නෙ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1356 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2827 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 676 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 448 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1437 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 414 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site