(ටෝනි කරුණානායක)
කුසට ආහාරක් හෝ ඇඳිවතවත් නොමැතිව ඉතා අනාරක්ෂිත තත්ත්වයේ සිටි බාලවයස්කාර දරුවන් තිදෙනකු සිය බාරයට ගත් බව මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.
12 හැවිරිදි විශේෂ අවශ්‍යතා ඇති දැරියක සහ ඇයගේ අවුරුදු 7ක් සහ 8ක් වයසැති සොහොයුරන් දෙදෙනකු ඔවුන්ගේ ආරක්ෂාව පතා මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දරු තිදෙනා ගේ පියා මියගොස් ඇති බව පොලිසිය කියයි. මව රෝගී තත්වයෙන් ප්‍රතිකාර නොලබා මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ නිවස තුළ බිම වැතිරී සිටියදී රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ.
පිරිමි දරු දෙදෙනා කලකට පෙර පාසල් ගොස් ඇති බවත් පවතින අගහිඟකම් මධ්‍යයේ පාසල් ගමන අතහැර ගොස් ඇති බව පොලිසිය කීය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් සම්බන්ධ නිලධාරිනිය පොලීසියට කළ දැනුම්දීමක් මත මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම්. කේ. රමනි මහත්මිය විසින් දරු තිදෙනා ඔවුන් බාරයට ගෙන මව රෝහල් ගත කිරීමට කටයුතු කළ පොලිසිය සඳහන් කළේය.
අනාරක්ෂිත තත්ත්වයේ සිටින දරු තිදෙනාව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර සුදුසු භාරකාරත්වයට පත් කරන ලෙසට ඉල්ලා සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.
මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට
අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි
මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කුස ගින්නේ සිටි දරුවන් තිදෙනෙක් පොලිස් බාරයට
Bunny Preena Tuesday, 16 May 2023 04:37 PM
මේවගේ දේවල් වලට අපි සැමදෙනාම තමන්ට හැකි අයුරින් ආධාර උපකාර ලබා දිය යුතුයි .ළමයින්ට උගත් කම දීලා ඒගොල්ලොන්ගේ නෙත් පාදනවා කියන්නේ ලොකුම ලොකු පින්කමක්
Lishan Tuesday, 16 May 2023 05:14 PM
කණගාටු දායක තත්වයක්
C.K.Lankaputhra Tuesday, 16 May 2023 06:28 PM
මේ තමයි රාජපක්ෂ දේශපාලනය රටට අත්කර දුන් විනාශය.
බද්රානි Tuesday, 16 May 2023 06:35 PM
බල්ලෝ බළල්ලු වගේ දරුවන්ව ජාතක කරලා මහපාරට ඇදලා දාන්න නම්, මේ අමන සිංහලයෝ හරිම හපන්නු... ඇත්තටම මෙවුන් දරුවෙක් ගැනවත් සානුකම්පිත හැගීමක් නැති තිරිසන් ජාතියක්.
නිහාල් Tuesday, 16 May 2023 07:05 PM
රට පුරා කිසිදා සාදා නිම කල නොහැකි පන්සල් හදනවාට වඩා මේ වගේ ලමයින්ට දායකත්වයක් දිය හැකි නම් එය කොතරම් වටී ද.
Malaka Bandara Tuesday, 16 May 2023 07:58 PM
ධාන්‍ය වගාකොට සිරිලක මේ පෙරදිග කෙත කරවා, අරපිරිමැස්මට පුරුදුවෙලා, බිඳලව් දුක සංකා... පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමිතලේ ලංකා...
Priyan.... Tuesday, 16 May 2023 08:44 PM
මිනුවන්ගොඩ ?ලොරි ටෝක් දෙන බොහොම ප්‍රසිද්ධ දේශපාලුවෝ ඉන් පලාතක් නේද?කප්පම් කාරයෝ ..මාරයෝ ..කුඩු රජාලා එක්ක ඩීල් විතරයි ඔය සක්කිලින්ට තියෙන්නේ .කතාව නම් තමන්ගේ මැතිවරණ කොට්ඨාශය සර්ව සම්පූර්ණ ගානට තමා
chandima Tuesday, 16 May 2023 10:21 PM
කලකට පෙර අර නෙළුම් කුළුණු හදපු කාලෙද? නැතිනම් කුමාරවරු ලැම්බෝගිනි කුමාරවරු රේස් පැදපු කාලෙද? නැතිනම් ඒ උත්තමයෝ චන්ද්‍රිකා යවපු කාලෙද? එහෙම නැතිනම් අර්ජුන් මහේන්ද්‍රන්ට කෝටි ගණන් පඩි ගෙවලා රස්සාවකුත් දීලා බැංකුවටත් විදලා යන්න ගිය කාලෙද?
chandima Wednesday, 17 May 2023 01:22 AM
එතකොට අර ළමා ආරක්ෂක දෙපාර්තමේන්තු ,සමාජ සේවා දෙපාර්තමේන්තු අරවා මේවා කියන දෙපාර්තමේන්තු වල උන් බුදිද ?නැතිනම් මොකටද හැම එකාම පොලිසියට කියන්නේ?එක්කෝ ඒ දෙපාර්තමේන්තු වහලා දාන්න ඕන
Ahmed (Gulf) Wednesday, 17 May 2023 01:38 AM
රනිල්හේ ආශ්චර්ය දෝරේ ගලනවා