ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 19 වැනි සිනමා දිගහැරුම වන ‘කුස පබා’ හි රූගත කිරීම් මේ වනවිට අවසන් කොට තිබෙනවා. පන්සිය පනස් ජාතක පොතෙහි සුවිශේෂී ජාතක කතාවක් වන කුස ජාතකය ඇසුරින් නිර්මාණය කරන ලද ‘කුස පබා’ මෙරට සිනමා ක්‍ෂේත‍්‍රයට නවමු අසිරියක් ගෙන දෙන සිනමා නිර්මාණයක් වනු ඇතැයි බොහෝ විචාරකයන් පවසා සිටිනවා. ”පන්සිය පනස් ජාත පොතේ එන ජාතක කතා අතර, ඉතාම ජනප‍්‍රිය ජාතක කතා අතළොස්ස අතරින් එකක් තමයි කුස ජාතකය කියන්නෙ. කුස ජාතකය සිනමාවට නැඟීමේ අදහස මා තුළ තිබුණේ මීට වසර 15 කට පමණ පෙර සිටයි. කව්සිළුමිණ හා කුසදා කව යන පැරණි කාව්‍ය කියවූ දා පටන්ම කුස ජාතකය සිනමාවට නැඟීමේ සිහිනය දැක්කා. ඒ සිහිනය දැක වසර පහකට පමණ පසුව තිස්ස අබේසේකර ලවා මෙහි තිර නාටකය ලියවා ගත්තා. එයිනුත් වසර පහකට පමණ පසුව තමයි මෙය නිෂ්පාදනය කරන්න ලැබුණේ. මේක දැවැන්ත නිෂ්පාදනයක්. මේ චිත‍්‍රපටය සඳහා නිෂ්පාදන මඬුල්ලක් ඉන්නවා. ධම්මික සිරිවර්ධන, සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, උදයකාන්ත වර්ණසූරිය, එච්.ඞී. පේ‍්‍රමසිරි, සුනිල් ටී. ප‍්‍රනාන්දු, තිස්ස නාගොඩවිතාන, ආරියදාස පීරිස්, ජනිත මාරසිංහ, රසික ජිනදාස, ජස්ටින් බෙලගමගේ ඒ නිෂ්පාදක පිරිසයි. සිනමාස්කෝප් ප‍්‍රමාණයේ චිත‍්‍රපටයක් ලෙස EAP මණ්ඩලයේ සිනමාහල් වල ජනවාරි මාසයේ සිට මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කිරීමට නියමිතයි” යනුවෙන් චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියා. ‘කුස පබා’ සිනමා නිර්මාණ දින 40 ක කාලයක් පුරා රන්මිණිතැන්න මහින්ද රාජපක්‍ෂ සිනමා ගම්මානයේ සහ දඹුල්ල, සීගිරිය, අනුරාධපුර යන ප‍්‍රදේශවල රූගත කොට තිබෙනවා. ‘කුස පබා’ චිත‍්‍රපටය නිර්මාණය කිරීමේදී සුවිශේෂීම සිදුවීම බවට පත්ව තිබුණේ කුස රජුගේ විරූපී මුහුණ සැකසීමයි. මේ සඳහා ඉන්දියානු වේෂ නිරූපණ ශිල්පීන් ගෙන්වා ගැනීමට සිදුවූ බව පැවසෙනවා. මේ සඳහා ඉන්දියානු වේෂ නිරූපණ ශිල්පීන් ගෙන්වූයේ ලංකාවේ වේෂ නිරූපණ ශිල්පීන්ට එම කටයුත්ත කළ නොහැකි නිසාදැයි අප චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වන සුනිල් ආරියරත්නයන්ගෙන් විමසා සිටියා. ”මේ චිත‍්‍රපටයේ ප‍්‍රධානම කරුණ වූයේ කුස රජුගේ නාසය නිර්මාණය කිරීමයි. මේ සඳහා දේශීය වේෂ නිරූපණ ශිල්පීන් සමග උත්සාහයන් කිහිපයක් දැරුවත් එය අසාර්ථක වුණා. එවන් පසුබිමක තමයි අපට ඉන්දියාවේ ප‍්‍රධාන පෙළේ වෙස් ගැන්වීම් ශිල්පියෙකු වන අනිල් සහ ප‍්‍රතාප් යන දෙදෙනා සම්බන්ධ කරගන්න සිදුවුණේ. ඔවුන් කමලහසන්ගේ චිත‍්‍රපට රැසක වේෂ නිරූපණ ශිල්පීන් ලෙස කටයුතු කළ අයයි. අප ඔවුන් දෙදෙනා සමග කළ අත්හදා බැලීම් සාර්ථක වූ නිසා මේ චිත‍්‍රපටය සඳහා ඔවුන් එක්කර ගත්තා. කුස රජුගේ නහය සඳහා ඉන්දියාවේ සිට නාසයන් 30 ක් ගෙන්වන්න සිදුවුණා. මොකද එම නාසයන් දිනක රූගත කිරීම් වලට යොදාගත්තට පස්සෙ යළි භාවිත කරන්න බැහැ. මෙවැනි අභියෝගාත්මක තත්ත්වයන්ට අපට මුහුණ දෙන්න වුණේ එකී ඉන්දීය ශිල්පීන් සමගයි” මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සෙසු සිනමා කෘති මෙන් ඔහුගේ 19 වැනි සිනමා කෘතිය වන ‘කුස පබා’ කෙරෙහිද පේ‍්‍රක්‍ෂක අවධානය තදින් යොමුවී, නිර්මාණාත්මක සංවාදයන් ගොඩනැංවීමට සමත්වනු ඇතැයි දැනටමත් මත පළව තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ සඵල වී ඇති කුස ජාතක සිහිනයේ අවසන් ඵලය කෙසේ වේදැයි අපි ජනවාරි මාසයේ දී දැක ගනිමු. අධ්‍යක්‍ෂණය : මහාචාර්ය සුනිල් ආරියරත්න තිර රචනය හා දෙබස් : ආචාර්ය තිස්ස අබේසේකර ඉදිරිපත් කිරීම : ශී‍්‍ර ලංකා සිනමා නිර්මාණ සංසදය කැමරා අධ්‍යක්‍ෂණය : චන්න දේශප‍්‍රිය සහය අධ්‍යක්‍ෂණය : දමින්ද මඩවල සංස්කරණය : රවින්ද්‍ර ගුරුගේ කලා අධ්‍යක්‍ෂණය : හීනටිගල පේ‍්‍රමදාස වේෂ නිරූපණය : අනිල්, ප‍්‍රතාප් ඇතුළු ඉන්දීය පිරිස හා සමීර, චන්ද්‍රසිරි ඇතුළු පිරිස වස්ත‍්‍ර නිර්මාණය : දෙනුක වික‍්‍රමාදර සංගීතය : රෝහණ වීරසිංහ සංගීත සංයෝජනය : සුරේෂ් මාලියද්ද නර්තන නිර්මාණය : චන්දන වික‍්‍රමසිංහ විධායක නිෂ්පාදනය : සෝමරත්න දිසානායක රේඛීය නිෂ්පාදනය : රේණුකා බාලසූරිය රංගනය : ජැක්සන් ඇන්තනි, පූජා උමාශංකර්, රවින්ද්‍ර රන්දෙනිය, චාන්දනී සෙනෙවිරත්න, පාලිත පෙරේරා, කුසුම් රේණු, මහේන්ද්‍ර පෙරේරා, මහින්ද පතිරණගේ සටහන
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුස පබා
නිත්‍යා Wednesday, 09 January 2013 10:56 AM
විශිෂ්ඨයි (ස)