මහාචාර්ය සුනිල් ආරියරත්න කලකට පසු අධ්‍යක්‍ෂණය කළ ”කුස පබා” චිත‍්‍රපටයේ රූගත කිරීම් සම්පූර්ණයෙන්ම නිමාවී ඇති අතර එහි සංස්කරණ කටයුතු මේ දිනවල සිදුකෙරේ. රන්මිහිතැන්නේ සම්පූර්ණයෙන්ම රූපගත කළ එකම චිත‍්‍රපටය වන ”කුසපබා” හි තිරනාටකය හා දෙබස් අභාවප‍්‍රාප්ත ආචාර්ය තිස්ස අබේසේකරගෙනි. මෙම චිත‍්‍රපටය ලබන 2012 වසර ආරම්භයේදීම ඊ.ඒ.පී. ප‍්‍රදර්ශන මණ්ඩලයේ තිරගත කිරීමට නියමිත බව අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න ”රසවින්දන”ට පැවසීය. ”කුසපබා” චිත‍්‍රපටයේ ජැක්සන් ඇන්තනි. පූජා උමාශංකර්, රවීන්ද්‍ර රන්දෙණිය, වීණා ජයකොඩි, චාන්දනී සෙනවිරත්න, පාලිත සිල්වා, කුසුම් රේණු, මහේන්ද්‍ර පෙරේරා, ගාමිණි ජයලත්, මහින්ද පතිරගේ, ආරියරත්න කළුආරච්චි, දිමුතු චින්තක සමග 1000ක් පමණ අතිරේක නළු නිළියෝ රැසක් රංගනයෙන් දායක වූහ. කැමරා කරණයෙන් චන්න දේශප‍්‍රිය, සංගීත අධ්‍යක්‍ෂණයෙන් රෝහණ වීරසිංහද, සංස්කරණයෙන් රවීන්ද්‍ර ගුරුගේද, විශේෂ දෘශ්‍ය ප‍්‍රයෝග නිර්මාණයෙන් බුඞී කීර්තිසේන ද, කලා අධ්‍යක්‍ෂණයෙන් හීනටිගල පේ‍්‍රමදාසද, වස්ත‍්‍රාභරණ නිර්මාණයෙන් වෙනුක වික‍්‍රමාරච්චිද, නැටුම් අධ්‍යක්‍ෂණයෙන් චන්දන වික‍්‍රමසිංහද, වේශ නිරූපණයෙන් අනිල් හා ප‍්‍රතාප් (ඉන්දියානු ජාතික) සමග සමීර කිදෙල්පිටිය, චන්ද්‍රසිරි රාජපක්ෂ හා පේ‍්‍රමලාල් ගුණතිලකද, ප‍්‍රධාන සහාය අධ්‍යක්‍ෂණයෙන් දමින්ද ඞී. මඩවල ද, දෙවැනි සහාය අධ්‍යක්‍ෂණයෙන් සමීර රංගන නාඔටුන් ද, විධායක නිෂ්පාදනයෙන් ආචාර්ය සෝමරත්න දිසානායක ද, රේඛීය නිෂ්පාදනයෙන් රේණුකා බාලසූරිය ද ”කුසපබා”ට දායක වූහ. ”කුසපබා” චිත‍්‍රපටයේ නිෂ්පාදක මඬුල්ල ලෙස ආචාර්ය සෝමරත්න දිසානායක, රේණුකා බාලසූරිය, ධම්මික සිරිවර්ධන, එච්.ඞී. පේ‍්‍රමසිරි, උදයකාන්ත වර්ණසූරිය, සුනිල් ටී. ප‍්‍රනාන්දු, ආරියදාස පීරිස්, තිස්ස නාගොඩවිතාන, රසිත ජිනසේන, ජනිත මාරසිංහ හා ජස්ටින් බෙලගමගේ කටයුතු කළහ.
බලපත්‍රයක් නොමැතිව අනවසරයෙන් පෞද්ගලික ලී මඩුවක් පවත්වා ගෙන ගිය යුද හමුදා භටයින් තිදෙනෙකු , ලී බඩු තොගයක් සහ බඩු උපකරණ සමග අත්අඩංගුවට ගත් බව ප්‍රියංකර
අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස
අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග
අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප
හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්
වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුස පබා
නිත්‍යා Wednesday, 09 January 2013 11:20 AM
පබා ඔයානම් ඇත්තෙන්ම ලස්සනයි (ස)