IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘කොහාගේ හඬ පරදා ෆෙඩරල් හඬ මතුවුණා‘

‘සිංහල දෙමළ ජනතාව අතර සංස්කෘතික බැඳීම් ශක්තිමත් කරන සංහිඳියාව ගොඩනගන සිංහල අලූත් අවුරුද්ද උදාවත් සමග කොහාගේ හඬ පරදවා උතුරෙන් ෆෙඩරල් හඬ මතුවුණා. ෆෙඩරල් කියන්නේ රට බෙදනවා කියන එකයි. රටෙන් කොටසක් ඉල්ලා පැවති ත‍්‍රස්තවාදය යුධමය වශයෙන් හා මතවාදිමය වශයෙන් පරාජය කර වසර හතක් ඉක්ම ගොස් තිබියදී නැවතත් මේ මතවාදය මතුව ඒම ගැටළුවක්‘ යැයි ජාතික හෙළ උරුමයේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (20) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ෆෙඩරල් ක‍්‍රමයක් හැමදාමත් ඉල්ලා සිටින්නේ දෙමළ ජාතිවාදී දේශපාලන නායකයොයි. නිදහසින් පසුව වගේම නිදහසට පෙරත් ජී. ජී. පොන්නම්බලම්, අමිර්තලිංගම්, චෙල්වනායගම් වැනි නායකයින් ෆෙඩරල් පාලනයක් ඇති කිරිමට උත්සාහ කළා. මේ දෙමළ නායකයින් තමයි දෙමළ ජනතාව අතර වෙනම රාජ්‍යයක් පිළිබඳ අදහස් වැපිරුවේ. ඔවුන් කියපු දේ ලබාදෙන්න බැරිවුණ නිසා තමයි දෙමළ තරුණ තරුණියන් ආයුධ අතට ගත්තේ. නමුත් එයින් ඇතිවුණ ප‍්‍රතිඵලය කුමක්ද? වසර තිහක යුද්ධයකින් පසුව දෙමළ ජනතාවට ඉතිරිවුණේ අමුසොහොනක් පමණයි.‘ යැයි කී වර්ණසිංහ මහතා ආර්. සම්බන්ධන් ඇතුළු දෙමළ සන්ධානය පෙනී සිටියේ කොටි සංවිධානයේ අවශ්‍යතාවය අනුව බවත් ඔවුන් පාර්ලිමේන්තුවේ කතා කළේ කොටි ඉල්ලීම් බවත් දැන් ඒ අයට නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලැබී තිබෙන නමුත් නැවත මේ කොහාටද රට ගෙන යන්න හදන්නේ යැයි විමසන බවත් කීවේය.

nisha_2016420



අදහස් (0)

‘කොහාගේ හඬ පරදා ෆෙඩරල් හඬ මතුවුණා‘

නුවන් Wednesday, 20 April 2016 11:06 AM

කැලේ මාරුවුණත් කොටියා කොටියාමයි කියනවනේ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 April 2016 11:33 PM

සුජීව, ප්‍රශ්නය කවදා මතක් වුණත් කතාව ඇත්ත. එමනිසා ඒ ගැන හිතන්න. අපේ මිනිස්සු යම් මතයක් ගෙනෙන මිනිසාගේ පැටිගිරිය සොයනවා මිස අදාල මතය ගැන කතාකරන්නේ නැත. ද්‍රවිඩයින් වෙනම රටක් එළිපිටම ඉල්ලනවා. එසේ ඉල්ලන ද්‍රවිඩයින් ගැන කතා නැහැ. ඊට විරුද්ධව මහජන මතයක් ගොඩනගන්න හදන සිංහලයාව විවේචනය කරනවා. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 April 2016 11:43 PM

නිම්මි, දකුණේ මිනිස්සු මේ රට කවදාවත් බෙදන්න දෙන්නේ නැහැ නොවෙයි, නිකම්ම රට බෙදෙනවා. පාමංකඩ සහ නුගේගොඩ ප්‍රදේශයට දැන් මොකද වෙලා තිබෙන්නේ? සිංහල මිනිස්සු නැතිවේගන යනවා. ඊයේ මම ඉඩමක් සම්බන්ධව කටයුතුකළ එම ප්‍රදේශයේ සිංහල මිනිස්සු ගේ දොර දෙමළ අයට විකුණලා යනවා. ඔන්න ඔහොමයි දකුණ දෙමළ වෙන්නේ. කියනවා නම් තව බොහෝ දේ කිවහැකියි. නමුත් ඕවා තේරුම් ගන්න තරම් සමහර සිංහලයෝ බුද්ධිමත් නැහැ. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 April 2016 11:46 PM

නිම්මි, සමගිය ගැන රැවටෙන්න එපා. ඔය අවස්ථාව එනතුරු තිබෙන සමගියක් ලෙසයි අපි දකින්නේ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 April 2016 11:47 PM

සුජීව, මහින්ද රට කරනකොට ද්‍රවිඩ නායකයින් වෙනම රටක් ඕනෑ කියලා එළිපිට කතාකළේ නැහැ (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 April 2016 11:49 PM

නිමල්ලලිත්, අපේ මිනිස්සු තවම ජාතිවාදය හඳුනා ගන්නේ කොහොමද? ඒ ගැන කතාකරන මිනිහගේ පැටිකිරිය සොයන එකනෙ කරන්නේ. (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 20 April 2016 11:59 PM

මහත්වරුනි, ද්‍රවිඩයන්ට මේ රටේ ඉඩක් දීම හරියට කෙනෙකුට බස් එකේ සීට් එකේ කොනක ඉඩදීම වගේ. මොකද බසය පැද්දෙන සෙලවෙන හැමවිටම ටික ටික සීට් එක අල්ලාගන්නවා. ඉඩදුන් කෙනාට ඉඩ නැතුව හිරවෙන්න වෙනවා. සමහර වෙලාවට ඔහෙම වාඩිවෙන්න කියා ඉඩදීපු මිනිහා නැගිටිනවා. එමනිසා පොඩි ඉඩක් හෝ දීම භයානකයි (නි)

:       0       0

සුසන්ත Wednesday, 20 April 2016 12:28 PM

එයාල ඒ ඔක්කොම කරන ගමන් සිංහලයින්ට අන්තවාදීන් කියනවා, එයාල සහජිවකයෝලු! රටේ ජනපති කියන්නෙත් දකුණ අන්තවාදී බව. හැබැයි ඔයාලගේ පක්ෂේ අර ඇමතිගේ කටනම් දැන් වැහිලා වගේ! (බ)

:       0       0

මුණසිංහ Thursday, 21 April 2016 02:39 AM

ෆෙඩරල් දුන්නත් මේ ආණ්ඩුව නම් අතාරින්නෙ නැහැ කියලා තමයි තවමත් සමහරු හිතාගෙන ඉන්නේ (නි)

:       0       0

සුජිත් Wednesday, 20 April 2016 12:55 PM

පහුගිය ඡන්දවලදී ඒ අය එක්ක දීග කෑව නේද. දැන් මොකද බොරුවට කෑ ගහන්නේ. (අ)

:       0       0

බමුණු ආරච්චි Thursday, 21 April 2016 02:56 AM

පෙරේරා, මේක සිංහලයාගේ රට. ඒක මතක තියාගෙන කතාකරන්න (නි)

:       0       0

ප්‍රේමරත්න Thursday, 21 April 2016 02:59 AM

සමහරුන්ගේ අදහස් දැක්කහම රටේ අනාගතය ගැන දුක හිතෙනවා (නි)

:       0       0

නිමල්ලලිත් Wednesday, 20 April 2016 01:36 PM

නායකයන් පෙඩරල් ඉල්ලනවා. සාමාන්‍ය දෙමල ජනයා ඔවුන් ජග්‍රහණය කරවා එය අනුමත කරනවා. තවම දෙමල ජාතිවාදය හඳුනා ගන්න බැරි වුණාද ?(අ)

:       0       0

සුජීව Wednesday, 20 April 2016 02:48 PM

වර්ණසිංහට පෙඩරල් මතක් වුනේ ඇමති කමින් දොට්ට දාපුවම විතරද? හෙට මහින්ද රට කරනකොට මේ ප්‍රශ්න ඔක්කොම විසඳයි (බ)

:       0       0

නිම්මි Wednesday, 20 April 2016 02:52 PM

දකුණේ අපි සමගියෙන් ඉන්නවනම් උතුරේ අයට ඉන්න බැරි මොකද? තමුන්ගේ ජාතිය නිකම් විනාශ කර ගන්නවා. දකුණේ මිනිස්සු මේ රට කවදාවත් බෙදන්න දෙන්නේ නැහැ. තාම මට්ටු වෙලා නැහැ. (බ)

:       0       0

නිමල් Thursday, 21 April 2016 01:24 PM

මේ දේවල් දැන් අහලාම එපා වෙලා.(හේ)

:       0       0

විල්ෆ්‍රඩ් සිරිවර්ධන Wednesday, 20 April 2016 04:02 PM

ඔයාල කරගෙන යන්න. අපි එළියේදී විරුද්ධ වෙන්නම්. මෙහෙම කතාවක් මතක මට විතරද? (බ)

:       0       0

පෙරේරා Wednesday, 20 April 2016 07:02 PM

ෆෙඩරල් කියන්නේ බෙදුන රටක් නම් ෆෙඩරල් ක්‍රමවේදයන් තිබෙන ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, ස්විස්ටර්ලන්තය, ඉන්දියාවත් බෙදුන රටවල්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 76 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2029 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 302 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 379 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1583 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1560 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site