IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කහටගස්දිගිලිය පොලිසියට කහට පැල්ලමක්

කහටගස්දිගිලිය නගරයේ  යතුරු  පැදියකින්  ගිය ආබාධිතයකුට  කහටගස්දිගිලිය පොලිසියේ  රථවාහන අංශයේ දෙදෙනකු අගහරුවාදා (22) උදෑසන බිම පෙරළාගෙන පහර දී  ඇතැයි  ප්‍රදේශවාසිහු කියති.

එක් පාදයක්  නොමැති  ආබාධියාට  යතුරුපැදිය නවතන ලෙස රතවාහන රාජකාරියේ  නිරතව සිටි දෙදෙනා  අණ කර  ඇත. ඔහු  අණ නොතකා  යතුරුපැදිය ධාවනය කළ බවත් කහටගස්දිගිලිය ප්‍රධාන බස්නැවතුම අසලදී  පහර  දෙන අවස්ථාවේ  ඔහුගේ  බොරු කකුලද ගැලවී  ඔහු පදික වේදිකාවට ඇද වැටී ඇති බවත් ඔහුට පහරදෙන හැටි විශාල පිරිසක් බලා  සිටියත්  ඊට  විරෝධය පළ කිරිමට  ඉදිරිපත් නොවු බවත් කියති.

01[1] 02[1] p_02[1] Snapshot_7[1] Snapshot_11



අදහස් (0)

කහටගස්දිගිලිය පොලිසියට කහට පැල්ලමක්

මනෝජ් Thursday, 24 September 2015 01:21 AM

පොලිසිය අත්අඩංගුවට ගන්න අවම බලය පාවිච්චි කරලා තියෙනවා. ලංකාවේ මිනිස්සු අනුකම්පාවයි. හරිම හැඟුම්බරයි. හරි ඉක්මනට තීන්දු ගන්නවා. කෙටි සිද්ධියක් බලා ලොකු තීරණ ගන්නවා. (නි)

:       0       0

සෑම් Thursday, 24 September 2015 01:31 AM

ලැජ්ජයි ශ්‍රී ලංකා පොලිසිය! (නි)

:       0       0

සෑම් Thursday, 24 September 2015 01:32 AM

ආබාධිතයෙක් වුණාට බලන්න හැසිරෙන හැටි. ඒ වගේ වරදකරුවෙක් අත්අඩංගුවට ගැනීමට විරෝධය පානකොට සාධාරණ බලයක් යොදන්න පොලිස් නිලධාරියෙකුට අපරාධ නඩු විධාන සංග්‍රහයෙන් බලය පැවරිලා තිබෙනවා. මට මේ පොලිස් නිලධාරියාගෙ කිසිම වරදක් පේන්නෙ නැහැ (නි)

:       0       0

තිස්ස Thursday, 24 September 2015 01:37 AM

අහිංසකයෙක් නිසා ගහන්න ඇති (නි)

:       0       0

ශ්‍රීසර Thursday, 24 September 2015 01:56 AM

අදහස් දමන බොහෝ දෙනෙකුට ඇත්තේ වෙන වෙන ප්‍රශ්නය. සමහරුන්ට යහපාලන අවුලක් පෙනෙන අතර, සමහරුන්ට පෙනෙන්නේ ඇමරිකාවේත් සිදුවන බැවින් අවුලක් නැතිබවයි. තව එක් බුද්ධිමතෙකුට පෙනී ගොස් ඇත්තේ ආබාධිතයන් මීට වඩා සංවර විය යුතුබවයි. අබාධිත නොවන අය එසේ හැසිරීමට අවශ්‍ය නැත. රටක් හැදෙන්නේ, වැරදිකරුවන්ට වඩා සාමාන්‍ය සමාජය වෙනස් නම් පමණි. වැරදිකරුවෙකු 'වැරදි' යැයි සම්මත දෙයක් කළ පමණින්, නීතිය සුරකින පොලිස් නිළධාරීන් ඇතුළු සමාජයද ප්‍රතික්‍රියා දක්වන්නේ එවන්ම වූ වැරදි ක්‍රියාවලිකින් නම්, වැරදිකරු සහ සෙසු සමාජය අතර වෙනසක් නැත. (නි)

:       0       0

ඩෝසන් Thursday, 24 September 2015 02:21 AM

5 පාස් වුනාම ඇති පොලිසියට බැදෙන්න නමුත් මේ මුරුගයා 5 තියා 1 වත් පාස් නැතුව ඇති (බ)

:       0       0

ලුම්බිණි Thursday, 24 September 2015 02:46 AM

මෙවැනි දේවල් කරන පොලිස් නිලධාරීන්ට දඬුවම් දිය යුතුයි. (බ)

:       0       0

විපුල Thursday, 24 September 2015 03:18 AM

යහ පාලනය තියෙන්නේ දෙන්නෙක් ගාව විතරයි.(ම)

:       0       0

දිල්ෂාන් Wednesday, 23 September 2015 12:12 PM

කිසිවෙක් වත් එම ක්‍රියාව ගැන විරෝධය පළ කළේ නැත. මෙයින් පෙනෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමී ගතිගුණ. කාට මොනවා වුනත් කට හොල්ලන්නෙ නැහැ. අපිට මොකද කියන පහත් තත්වයක ඉන්නේ. කළුතර පාලමෙන් කුඩා ළමයෙකු ගඟට දැම්ම වෙලාවෙත් මිනිස්සු කළේ වීඩියෝ කරන එක. (බ)

:       0       0

චන්ද්‍රවංශ Wednesday, 23 September 2015 12:17 PM

පේනවා නේද වැඩ .....පොලිසියේ විනයක් නැති උන් කොහොමද රට හදන්නේ ? (බ)

:       0       0

බණ්ඩාර කුවේට් Wednesday, 23 September 2015 12:20 PM

එංගලන්තෙ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ!! (බ)

:       0       0

චන්ද්‍රවංශ Wednesday, 23 September 2015 12:21 PM

මේ වගේ පොලිස් නිලධාරීන් නිසා තමා සමහර සිරකරුවන් පොලිස් සිර මැදිරි වල එල්ලිලා සියදිවි හානි කරගත්ත කියල නිවුස් වලට කියන්නේ ......අනේ අපේ රටේ පොලිසිය ...(බ)

:       0       0

සරත් පර්ත් Thursday, 24 September 2015 03:43 AM

පොලිස්පති තුමනි ඔබතුමා ඒගැන දන්නේ නැහැයි කියල ශේප් වෙන්න බැහැ (ම)

:       0       0

රුවන් Wednesday, 23 September 2015 12:33 PM

බීමතින්... පොලිස් අණ නොතකා ධාවනය කිරීමත් වරදක්... වෙඩි තියන්නත් පුළුවන්. (අ)

:       0       0

සරණපාල Wednesday, 23 September 2015 12:52 PM

ඔව් ඔව් රුවන් මේ මොඩය නීතියට ගරු කලේ නැහැනේ. ගුටි කපු දෙන්. (අ)

:       0       0

ගමගේ Wednesday, 23 September 2015 12:53 PM

අණ නොතකා දාවනය කලාම අල්ලලා දඩ කොලයක් දීම හෝ පොලිස් බාරයට ගැනීම මිස මේ විධියට පාරේ දමාගෙන ගහන්න නීතියක් තියෙන්නේ. මේවගේ පුහු චන්ඩි මෝඩ ය නිසා තම පොලිසිය හැල්ලු වෙලා තියෙන්නේ. චන්ඩි හොර අරක්කු පෙර්න්නෙක් ගාවට ගියාම මෙයාල අම්බානක කාලගෙදර එනවා. කකුල නැති එකට බිම පෙරළන් ගහනවා. වීඩියෝත් තියෙන එක අනිවාර්යෙන් වැඩ තහනමකට ලක් කාල යුතුයි (අ)

:       0       0

වසන්ත Wednesday, 23 September 2015 01:05 PM

අනේ මන්ද අපේ රටේ අපි හැදෙන්නේ නෑ. මට මා ගැනම දුකයි. ඊළඟ ආත්මෙදෙවත් හොඳ තැනක ඉපදේවා. (අ)

:       0       0

පත්මබන්දු Thursday, 24 September 2015 04:14 AM

බලමු අපේ අතිගරු පොලිස්පති තුමා මේකට ගන්න ක්‍රියා මාර්ගය මොකක්ද කියල (බ)

:       0       0

බුද්ධි Thursday, 24 September 2015 04:16 AM

ඔන්න පේනවා නේද ලංකාවේ පොලිසි වල තරම. වැරදි කාරයා නිවැරදි කිරීම, නිවැරදි කාරයා වැරදිකරු කිරීම යන ඕනෑම දේකට හරි දක්ෂයි. අද කාලේ ලැප්ටොප් පරිගණක වල, මොබයිල් දුරකතනවල ඕන තරම් අසභ්‍ය දර්ශන වීඩියෝ පට. එයට ගැහැණු පිරිමි කියල බේදයක් නෑ.අසභ්‍ය දර්ශන ලැප්ටොප් පරිගණකයේ තිබීම හා කොටදෙණියාව දැරියගේ ඝාතනය අතර සම්බන්ධය මොකක්ද? අහිංසක පාසල් දරුවෙකුගේ ජීවිතය මේවිදියට විනාශ කරන්නේ මොවුන්ට දරුවන් නැති නිසාද ? පොලිසි වලට බඳවා ගැනීමේ පටිපාටිය මීට වඩා පුළුල් කළොත් හොඳයි. අධ්‍යාපනය මෙන්ම බුද්ධියටද ප්‍රමුඛස්ථානය ලැබිය යුතුයි. පාසලට එක දවසක් හෝ ගිය පමණින් පොලිසි වලට බඳවා නොගත යුතුයි. (බ)

:       0       0

පර්සි Thursday, 24 September 2015 04:16 AM

උඹලා පොලිසියේ කරන වැඩ අපි නොදන්නවයැ. සැප කල?මුන්ව සැප නෙමේ හම ගහන්න ඕනේ (බ)

:       0       0

ගයාන් Thursday, 24 September 2015 04:20 AM

පොලිස් මැදිවියන් දෙදෙනා සේවයෙන් පන්නා දැමිය යුතුය. ගැලවිල යන්න දෙන්න බෑ. මෙහෙම ගියොත් ඉක්මනටම රටේ ජනතාව නීතිය අතට ගනී. මිනිසුන්ගේ ඉවසීමට සීමාවක් ඇති බව පාලකයන් වටහගත යුතුය. (ම)

:       0       0

ග්‍රේඩ් Wednesday, 23 September 2015 01:35 PM

වසන්ත අපේ රටේ විතරක් නෙවේ පොලිසිය කරන ඔයිට වඩා සිද්ධි ඇමරිකාවේත් වෙනවා පොඩ්ඩක් හොයල බලන්න. (අ)

:       0       0

නිම Thursday, 24 September 2015 04:28 AM

ශ්‍රී සාර ඔබගේ අපක්ෂපාති අදහස් අගය කරමි (ම)

:       0       0

සරත් Wednesday, 23 September 2015 01:39 PM

මනුස්සයත් නිකන් ඉන්නේ නැහැ ඉස්සරවෙලාම චන්ඩි කම් පෙනන්නේ අබාදියතය තමයි .තත්පර 0.02 දී ඒ බව පෙනෙනවා.ඊට පස්සෙත් ඔහු පොලිසියත් එක්ක පැටලෙන්න යන්නේ. තරමක් සාධාරණ පහර දීමක් (අ)

:       0       0

අතුල Wednesday, 23 September 2015 01:41 PM

මේ වගේ පුංචි දේවල් වලට නම් අපේ පොලීසියත් හරිම දක්ෂයෝ කෝ හේමාල් ගුණසේකරට දඩකොල ලියන්න ගිහින් වෙච්දේ , රටේ පැහැදිලිවම නීති දෙකක් නැති බැරි එකාට එක නීතියකුත් බලය තියෙන එකාට තව නීතියකුත් (අ)

:       0       0

චමිල චාන්දනි Wednesday, 23 September 2015 02:29 PM

යහපාලනය හොඳ තමා (අ)

:       0       0

සුමිත් Wednesday, 23 September 2015 02:31 PM

පොලිස්පතිතුමනි මේ අයට දඩුවමක් දෙන්න.කුඩු ගෙන එකෙක් දැක්කනම් සැලුට් ගහනවා (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 24 September 2015 11:12 AM

ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ සිට ඉහළට දේශපාලකයින්ගේ ඇඟිලි ගැසීම් වලට ලක්වූ පොලිසිය දවසින් දෙකෙන් නිවැරදි වෙයි කියලා හිතන්න අමාරුයි. පොලිස් කොමිසම සවිබල ගැන්වූ පසු ප්‍රමාණාත්මක යහපත් වර්ධනයක් බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

ගාමිණි Wednesday, 23 September 2015 02:36 PM

කකුලක් නැති ආබාදිතයෙක්.එසේ වුණත් බීමතින් යතුරු පැදියක් ධාවනය කිරීම වරදක්. එවැනි පුද්ගලයෙක් පොලිස් නිලධරයකුගේ අණට කීකරුව වීම විනය ගරුක සමාජයක ලක්ෂණයක්. මොහු තරම මුරන්ඩුව හැසිරෙන බවක් පේනවා.පොලිස් නිලධාරියෙකුට ඇති බල තල අනුව අවම බලය යොදාගෙන අත්අඩංගුවට ගැනීමක් වෙලා තියෙන්නේ.මේකේ වරදක් මම දකින්නේ නැහැ.(අ)

:       0       0

රත්නායක මුදියන්සේගේ Wednesday, 23 September 2015 02:37 PM

මේක ලංකාවේ වෙන්න බැහැ (අ)

:       0       0

ලසන්ත Thursday, 24 September 2015 05:21 AM

මුස්ලිම් මනුස්සයෙක් කළා නම් පාඩුවේ ඉදියි (බ)

:       0       0

මඩුල්ල Wednesday, 23 September 2015 02:46 PM

මා ආබාධිතය. ලොකු චණ්ඩියෙක් වෙන්නත් පුළුවන් මොනව හරි ලොකු මැරවැඩක් කරන්න ගිහින් කකුල කපා ගත්ත කෙනෙක් පොලිසියට කොකා පෙන්නලා වගේ නේද ආබාධිතයෙක් මීට වඩා සංවර විය යුුතුයි. පාරේ යන අහිංසක මිනිස්සු හප්පලා දාන්නත් බැරි නැහැ (බ)

:       0       0

හර්ෂ Wednesday, 23 September 2015 03:00 PM

අවුලක් නැහැ අැමෙරිකාවත් ඔහොම තමයි, උන් නම් මරනවා. (බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 23 September 2015 03:11 PM

අනේ ඉතින් මේ මනුස්සය කාර් එකක වත් අාවනම් ...පොලිසිය කොච්චර මානුෂික විදියට සලකනවද.....ටික කලකට ඉස්සර ගෑනු පරානයක් ..මහපාරේ රථවාහන පොලිසියත් එක්ක පැටලුනේ.....එ්ත් ඉතින් මෙයා ආබාධිතනේ.....තැලෙන යකඩ උඩ පැනපැන තලන හැටි ලෝකෙටම පේනවා නේද? කිරිවලට ගොම මුසු කරන මෙවන් නිලධාරීන් ගැන දැඩිව කටයුතු නොකළොත් ...මුළු දෙපාර්තමේන්තුවටම කැළලක් .....(බ)

:       0       0

සංජය Thursday, 24 September 2015 05:53 AM

කකුල නැති එකාට බිම ගෙන ගැහුවත් .. කළු වීදුරු දාපු වහනයක් දෙක්කම කාණුවට පැනල සැලියුට් ගහනවා .. (ම)

:       0       0

නන්දසිරි Thursday, 24 September 2015 12:47 PM

මේක පුත්තලමේ.මඩකලපුවේ,යාපනේ වුනානම් මේ නීතියමද .....?? (හේ)

:       0       0

සුසන්ත Wednesday, 23 September 2015 03:39 PM

පොලීසිය මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. අද තිබෙන තාක්ෂණික උපාංග එක්ක මේවාට ලොකු ප්‍රසිද්ධියක් ලැබෙනවා (ම)

:       0       0

සුමුදු Wednesday, 23 September 2015 05:02 PM

මෙහෙමත් පොලිසියක්! (නි)

:       0       0

රූපවතී Wednesday, 23 September 2015 05:17 PM

අපොයි මට නම් බැහැ ඒ වීඩියෝ එක බලන්න.මම හිටියා නම් ඔතන ඒ අසරණයට ගහද්දි ඇත්තමයි හිරේ නෙමෙයි කොහේ ගෙනිච්චත් කමක් නැහැ ගහනවා පොලිසියට. පව්! අසරණ වුණු තරම වත්, වරදක් කළ තරමටවත්, මිනිහෙකුට මේ විදියට අමානුෂික අන්දමින් තඩිබාන්න අයිතියක් නැහැ. (නි)

:       0       0

ඩයස් Wednesday, 23 September 2015 05:18 PM

මා ආබාධිතයාගේ පාර්ශවයේ නොවුණද දකුණු ආසියාතික කාකි ඇඳුම මීට වඩා මානුෂික විය යුතුය. පයක් නැති නිරායුධ පුද්ගලයකු පහරදීමේදී ඔහුට පහරනොදී පාලනය කර ගැනීමට කාකි නිලදරුවන් දෙදෙනෙකුට නොහැකි නම් ඔවුන්ගේ මහජන සේවෙයෙන් වැඩක් නැත. සාමාන්‍ය පුද්ගලයෙකුට වුවද පොලිස් නිලධාරීන් පහරදීම නොකළ යුතුය. (නි)

:       0       0

ධම්මික Thursday, 24 September 2015 07:03 AM

දැන් මේ පොලීසිය කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන එකද එතකොට ? කවුරු හරි කියනවද කොහෙද පොලීසියට මෙහෙම මිනිස්සුන්ට ගහන්න අවසර දීල තීන්නේ කියල. අරාබියේ වුණත් කස පාර දෙන්නේ නඩු අහල. (අ)

:       0       0

ජයසිංහ Thursday, 24 September 2015 02:32 PM

වැඩක් නෑ වැඩක් නෑ (බ)

:       0       0

ගුණවර්ධන Wednesday, 23 September 2015 06:32 PM

නීතියට පටහැනිව කටයුතු කරන පුද්ගලයකු අල්ලා නීතියෙන් කටයුතු කරනවා මිසක පොලිස් පහරදීම තරයේ හෙළා දකිමි. දැන්වත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ පොලිස් පහරදීම වහාම වැළැක්විය යුතු බවයි. නැත්නම් කොහොමද අවිහිංසාවාදයක් ගැන කතා කරන්නේ? (නි)

:       0       0

මාගලී ෆොන්සේකා Wednesday, 23 September 2015 06:43 PM

එයාලට ආරංචි වෙන්නේ හැමදාම අසරණයෝ කරන දේ විතරයි (නි)

:       0       0

කුමාර Wednesday, 23 September 2015 09:39 PM

පොලිසියට කොහෙද අයිතියක් තියෙන්නේ ජනතාවට ගහන්න? මුලින්ම පොලිසියේ විනය හදන්න ඕනෑ. (නි)

:       0       0

ලලිත් Wednesday, 23 September 2015 10:28 PM

කොහොම වුණත් රාළහාමිලා පහරදීපු එක නම් හරි නැහැ. ඒ වරදට දඬුවම් දීම උසාවියට අයිති වැඩක්. (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Thursday, 24 September 2015 07:41 AM

නුසුදුසු පුද්ගලයින් සිවිල් සමාජය සමග වැඩ කරන්ට දැමීමෙන් සිදුවන භයානක ප්‍රතිපල තමයි මේ. (අ)

:       0       0

පුමුදු Thursday, 24 September 2015 07:46 AM

දැන්නම් පොලිසිය ගැනනම් කියන්නම දෙයක් නැහැ (ම)

:       0       0

සිසිර Thursday, 24 September 2015 07:47 AM

පොලිසයේ මේ මහත්මයාට මොළයක් හදවතක් නැති බව පෙනේ (ම)

:       0       0

සත්‍යයා Thursday, 24 September 2015 12:17 AM

වේදනාව ඡන්දය දුන් අයටම පැවරේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 642 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 603 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 131 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 855 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 188 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1083 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site