IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කහානි 2 - දුර්ගා රාණි සිං

2012 වසරේ ප්‍රදර්ශනය වූ "කහානි" චිත්‍රපටයේ දෙවැනි කොටස රැගත් චිත්‍රපටය මේ දිනවල බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් පවතින චිත්‍රපටයකි. ත්‍රාසය, භීතිය හා කුතුහලයෙන් පිරි මෙම චිත්‍රපටය මේ වනවිට ආදායම් උපයා ගැනීම අතින් අතිසාර්ථක චිත්‍රපටයක් වී ඇත.

 

නළුනිළියන්

2016-12-08-ent-25පළමු "කහානි" චිත්‍රපටයේ රඟපෑ විද්‍යා බාලන් මෙවරද සුපුරුදු පරිදි "දුර්ගා රාණි සිං" හා "විද්‍යා සිං" චරිතයට පණ පොවයි. ඉන්ස්පැක්ටර් ඉන්ද්‍රජිත් සිං ලෙස ජනප්‍රිය බොලිවුඩ් නළු අර්ජුන් රම්පාල් රංගනයෙන් දායවෙයි. ඔවුන්ට අමතරව නයිෂා ඛන්නා, තුනිෂා ෂර්මා, ජුගල් හන්ස්රාජ්, ටෝටා රෝයිචෞද්‍ර්රි, කාරජ් මුඛර්ජි, තවුෂික් සෙන්, මානිනි චන්ද්‍රා සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙති.

 

සෙසු සහයකයන්

"කහානි 2 - දුර්ගා රාණි සිං" චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ සුජෝයි ගෝෂිය. ඔහු විසින් මෙහි තිර රචනය, දෙබස් හා කතාව රචනා කර ඇත. චිත්‍රපට අධ්‍යක්ෂවරයා විසින් මෙහි නිෂ්පාදනය කටයුතු සිදුකර ඇති අතර, ඔහුට සහය වෙමින් ජයන්තිලාල් ගෝඩා, කෞශාල් ගෝඩා, ආකාෂ් ගෝඩා තිදෙනා සම නිෂ්පාදනයට දායක වී තිබේ. කැමරාකරණයෙන් ටාපන් බාසු, සංස්කරණයෙන් නම්රතා රාඕ, ඇඳුම් නිර්මාණයෙන් දර්ශන් ජාලන්ද දායක වී ඇත.

 

කතාව

විද්‍යා සිංහ (විද්‍යා බාලන්) මධ්‍යම පාන්තික ජීවිතයක් ගත කරන තැනැත්තියකි. ඇයට දියණියක් සිටියි. එහෙත්, අනතුරක් නිසාවෙන් ඇය රෝද පුටුවකට පමණක් සීමා වී සිටියි. නමුත්, විද්‍යා සිංගේ බලාපොරොත්තුව කවදා හෝ සිය දියණිය ඇවිදිනු දැකීමය. දියණියට අවශ්‍ය ප්‍රතිකාර සඳහා ඇය වෙහෙස මහන්සි වී මුදල් සොයයි. අවාසනාවන්ත ලෙස විද්‍යා දිනකදී අනතුරකට මුහුණ දෙයි. ඇගේ දියණියද අතුරුදහන් වෙයි. රෝහල්ගත කරන විට ඇය මියගිය බවට තොරතුරු වාර්තා වුවද, පසුව ඇය කෝමා තත්ත්වයෙන් සිහිසුන්ව සිටින බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවේ. පොලිස් පරීක්ෂණ ඉන්ද්‍රජිත් සිං (අර්ජුන් රාම්පාල්), විද්‍යා සිංගේ අනතුර පරික්ෂා කිරීමට යොදවයි. නමුත්, සිදුවන්නේ අනතුර පත්කළ පුද්ගලයා විසින් මෙහි වරද විද්‍යාට පවරන්නට උත්සාහ කිරීමය. චිත්‍රපටයේ අවසානයේ විද්‍යා සියලු දෙනාගෙන්ම පළිගන්නට උත්සාහ කරයි.

 

රූපගත කිරීම්

"කහානි2 - දුර්ගා රාණි සිං" චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් සිදු කොට ඇත්තේ ඉන්දියාවේදීය. කොල්කොටා නගරයේ, දකුණු බෙංගාලයේ හා රාජස්ථාන් නගරවලදී මෙහි රූපගත කිරීම් සිදු කර තිබේ. %කහානි^ පළමු චිත්‍රපටයේද සියලු රූපගත කිරීම් කටයුතු මෙම ප්‍රදේශවල සිදු කර තිබුණි.

 

විශේෂත්වය

"කහානි" පළමු චිත්‍රපටයේ විද්‍යා බාලන් හැරෙන්නට රඟපෑ අනෙකුත් සියලුම නළුනිළියන් මෙම චිත්‍රපටයේ දකින්නට නොලැබීම විශේෂත්වයකි. එමෙන්ම විද්‍යා මේ වසරේ රංගනයෙන් දායක වන දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය මෙය වන අතර, අර්ජුන් රාම්පාල්ද මේ වසරේ රඟන දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය මෙය වෙයි. කෙසේ වෙතත්, විද්‍යා මේ වසරේ රඟපෑ "ටීන්3" චිත්‍රපටයත්, අර්ජුන් රාම්පාල් රඟපෑ "රොක් ඔන්" දෙවැනි චිත්‍රපටයටත් අසාර්ථක ඒවා විය. "කහානි 2 - දුර්ගා රාණි සිං" චිත්‍රපටය "කහානි" පළමු චිත්‍රපටයට වඩා අඩු නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කළ චිත්‍රපටයක් වීම විශේෂත්වයකි.

 

නළුනිළියන් තෝරා ගැනීම

පළමු %කහානි^ චිත්‍රපටයේ රඟපෑ විද්‍යා බාලන් මෙම චිත්‍රපටයේද රඟපෑමට මුලින්ම තෝරා ගෙන තිබුණ අතර, අර්ජුන් රාම්පාල් පෙනී සිටින පොලිස් පරික්ෂණ ඉන්ද්‍රජිත් සිං චරිතයට නම් කිහිපයක් යෝජනා විය. ජෝන් ඒබ්‍ර්හිම්, එම්රාන් හෂිම්, නානා පාටේකාර්ද මේ චරිතය සඳහා මුලින් යෝජනා වී තිබුණ බොලිවුඩ් නළුවෝ වෙති.

 

සංගීතය

"කහානි 2 - දුර්ගා රාණි සිං" චිත්‍රපටයේ ඇතුළත් ගීත ප්‍රමාණය 3කි. මෙහි සංගීත අධ්‍යක්ෂණයෙන් ක්ලින්ටන් සර්ජියෝ දායක වී ඇති අතර, පසුබිම් ගීත ගායනයෙන් අර්ජිත් සිං, සුනායිදි චෞහාන් හා පලක් මච්චල් දායක වී ඇත. මෙහි ඇතුළත් අර්ජිත් සිං ගායනා කරන "මෙහෙරාම්" ගීතය මේ වනවිට බොලිවුඩ් චිත්‍රපට ගීත දර්ශක කිහිපයක පළමු ගීත 10 අතරට පැමිණීමට සමත්ව ඇත.

 

නිෂ්පාදන දායකත්වය

විනාඩි 113ක් පුරා විකාශය වන මෙම චිත්‍රපටයේ නිෂ්පාදන බර පැන සඳහා වියදම්ව ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 11කි. චිත්‍රපට අධ්‍යක්ෂක සුජෝයි ජෝෂි හා ජයන්තිලාල් ගෝඩා, කෞශාල් ගෝඩා, ආකාෂ් ගෝඩා පිරිස සම නිෂ්පාදනයෙන් දායක වී තිබේ. චිත්‍රපටයේ සියලු බෙදාහැරීම් කටයුතු සිදු කොට ඇත්තේ ෆෙන් ඉන්දියා ලිමිටඩ් ආයතනය විසිනි.

 

තිරගත කිරීම්

"කහානි 2 - දුර්ගා රාණි සිං" චිත්‍රපටයේ පසුගිය දෙසැම්බර් 02 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක් ප්‍රදර්ශනය ආරම්භ විය. මේ වනවිට ඉන්දියාවේ සිනමා ශාලා 271ක් තුළදී මෙන්ම විදෙස් රටවල්හි සිනමාශාලා 112කද මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වෙමින් තිබේ. චිත්‍රපටය තිරගත වූ පළමු දිනයේදීම උපයාගත් මුදල ඉන්දීය රුපියල් කෝටි 4.25කි.

 

 



අදහස් (0)

කහානි 2 - දුර්ගා රාණි සිං

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 49 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 122 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 102 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 80 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 312 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 70 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site