IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කහපාට ගෑම ලේසි නෑ

පාසල් ළමයින් ගෙන යන වාහනවල රජයේ නියමය අනුව කහ වර්ණ ආලේප කිරීමට රුපියල් ලක්ෂයක පමණ මුදලක් වැය වන බවත්, එවැනි මුදලක් තමනට වැය කළ නොහැකි බවත් බස්නාහිර පළාත් පාසල් ළමයින් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය කියයි.

එම සංගමයේ සභාපති ජයන්ත පෙරේරා මහතා පැවසුවේ වාහන නඩත්තු වියදම්, බලපත් ගාස්තු ආදියට විශාල වියදමක් යන බවයි. බස්නාහිර පළාතේ ආදායම් බලපත් ගාස්තුව ද මෑතක දී සියයට 10කින් වැඩි කළ බව ද, කහ වර්ණ ආලේප කළ හොත් තම වාහන පෞද්ගලික වැඩකට යොදා ගත නොහැකි වන බව ද හෙතෙම පවසයි.

 පාසල් වෑන් රථ හිමියන් කිහිප දෙනකුම පැවසුවේ තීන්ත ආලේප කිරීමට අඩු තරමේ සති දෙකක්වත් යන බවයි.

පාසල් නිවාඩු දිනවල තම වාහනය වෙනත් ගමන් බිමන් සඳහා යොදවන බවත්, කහ වර්ණ ආලේප කළහොත් එවැනි ගමන් සඳහා වෑන්රිය යොදවා ගත නොහැකි වන බවත්, ඒ නිසා ගැටළු රාශියකට තමන් මුහුණ දෙන්නට සිදු වනු ඇති බවත් පාසල් වෑන් හිමියෝ කියති.

පාසල් ළමයින් ගෙන යන බව පෙන්වීමට ස්ටිකරයක් ඇලවීමට තමන් කැමති බවත්, විශාල අමතර වියදමක් දරා තින්ත අලේප කරනවාට වඩා එය පහසු බවත් ඔවුහු කියති.

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් කිත්සිරි අමරසිංහ මහතා පැවසුවේ වෑන් රථ කහපාට කරන්නැයි දුන් නියෝගයෙන් තම සාමාජිකයන් කබලෙන් ලිපට වැටී ඇති බවයි.

පාසල් ළමයින් ප්‍රවාහනය කිරීමේ සේවාවට නීතිමය තත්ත්වයක් ලබාදී ප්‍රමිති කරණයක් ඇති කර සහන ලබා දෙන ලෙසටත්, පාසල් අවසන් වන තෙක් එම වාහන නවතා තැබීමට ස්ථාන ලබා දෙන ලෙසට පළාත් පාලන ආයතන දැනුවත් කරන ලෙසටත්, එම සේවාවට වෙනම ආයතනයක් බවත් කරන ලෙසටත් තමන් බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇති බව කී අමරසිංහ මහතා කහ වර්ණ ආලේප කිරීමේ නව නීතිය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින බව ද කියයි.



අදහස් (0)

කහපාට ගෑම ලේසි නෑ

චතුල වෙරෝනා Monday, 13 May 2013 06:18 PM

මේ අය දක්වා තියෙන අපහසුකම් තනිකරම බොරු. බලෙන් හෝ මේ කාර්ය්‍ය කළ යුතුමයි. විදෙස් රට වල මෙම ක්‍රමය තුලින් විශාල රෑකවරනයක් දරුවන්ට ලැබේ. (නි)

:       0       0

දිසානායක Tuesday, 14 May 2013 08:02 AM

පාසල් සේවය සදහා ලියාපදිංචි දැනට පසැල්සේවය කරන අය සදහා බදු අය නොකර වාහනයක් ගෙන්වා ගැනීමට පර්ම්ට් ලබා දෙනවානම් ආරක්ෂාකාරිව හොද පාසැල් සේවයක් ලංකාවේ පවත්වාගෙන යාහැකිය. පාරේ දුවන වාහන 60% පමණ අබලන් වාහන නිසා සිසුන් හැමදාම අපහසුතාවයට පත් වෙනවා. පර්මිට් දීමෙන් පසු ඔය නීති දැම්මට කමක් නැහැ ගරු ජනාදිපති තුමාගේ අවදානය යොමුවෙත්වා.(නදී)

:       0       0

රකිත් Tuesday, 14 May 2013 08:04 AM

කවුරුහරි බලවතෙක් කහ පාට තීන්ත ජාතියක් ආනයනය කලාද දන්නේ නැහැ. මට මතකයි එක වරක් මෝටර් සයිකල් හෙල්මට් අනිවාර්ය කලා විකුණ ගන්න. හැබැයි, සුදු වෑන් හිමිකරුවන්ටනම් තියෙනවා මා ගාව විසඳුමක්. එහෙට මෙහෙට හයර් ටිකක් දාලා, මාසයක් විතර හෝදන්නේ නැතුව ඉඳල කියන්න, කහ පාට කියල හිතන් ගෑවා නමුත් දුඹුරු පාට වුණා කියලා.(නදී)

:       0       0

ප්‍රසන්න Monday, 13 May 2013 06:45 PM

මොනවා හරි නීතියක් දාපු ගමන් සංගම් ඇවිස්සෙනවා. ඒත් ගණන් වැඩි කරනකොට කවුරුත් නැහැ (නි)

:       0       0

ප්‍රනීත් Monday, 13 May 2013 06:45 PM

චතුල ඇත්තටම මොලේ නැද්ද? පාසැල් වෑන් වලට ගොඩක් වෙලාවට ගන්නේ පෞද්ගලික වෑන් රථ. ඒවා කහපාට ගහලා කැතකරගන්ඩ මිනිස්සු ආසද? ඔයාටත් මේ තත්වෙට මුහුණ දෙන්න වුනානම් මේකේ තියෙන බරපතලකම තේරෙයි. වෑන් එකක් පින්තාරු කරන්න ගැලෙව්වහම රුපියල් ල්කෂයක් විතර වැය වෙනවා. අනික ළමයිනගේ ආරක්ෂාවට වාහන පින්තාරු කළාම හරිද? මුලන්ම රජයට කියන්ඩ රජයේ රෝහල්වල තියෙන ඇම්බියුලන්ස් රතුයි සුදුවි කරන්ඩ කියලා.(නදී)

:       0       0

දිලීත Monday, 13 May 2013 06:52 PM

අනිවාර්යෙන්ම කළ යුතු හොද වැඩක්. (නි)

:       0       0

මොහොමඩ් Monday, 13 May 2013 06:54 PM

චතුල වෙරෝනා පවසන විදියට , විදෙස් රටවල පාසල් ළමුන් ගෙනයන වාහන පාවිච්චි කරන්නේ පාසල් සේවයට පමණි. ඒ උනාට ලංකාවේ මේ ක්‍රමය අරියන්නේ නෙහැ, පාසල් නිවාඩු දවස්වල වාහන හිමියන්ට වෙනත් හයර් යන්ඩ බෙරිවේවි. එවිට කව්ද ඒ පාඩුව දෙන්නේ? නෙත්නම් ස්ටිකර් ක්‍රමය හොදයී නේද? ලක්ෂ ගණන් වියදම් කරලා පාසල් හයර් විතරක් දුවයිද? (නදී)

:       0       0

චානක Monday, 13 May 2013 06:59 PM

පට මාරු කලා කියල ප්‍රශ්ණ විසදෙයිද? (නදී)

:       0       0

පවන් Monday, 13 May 2013 07:10 PM

රටකට නීතියක් තිබිය යුතුයි. මේක ඉතාම හොද වැඩක්. ගොඩක් රටවලත් කෙරෙන වැඩක්. (නි)

:       0       0

ශිරළ් Monday, 13 May 2013 07:14 PM

හොද දෙයක් නේ. මේක කරන්න තිබුණේ තව ඉස්සර. එතකොට තමයි එය අවශ්‍ය පුද්ගලයා පමණක් ඒ සදහා යොමුවන්නේ. නැත්නම් වෑන් එකක් තිබුණු පලියට ඔක්කොම හයර් දුවන්න යනවා. ඒ වගේම ත්‍රී වීල් වලටත් නීතියක් ගෙනාවොත් හොදයි. රැකියාවක් ලෙස කරනවා නම් එයට නිසි පිළිවෙලක් තිබිය යුතුයි. (නි)

:       0       0

කරුණාජීව Monday, 13 May 2013 07:15 PM

හිසරදයට කෝට්ටේ මාරු කරනවා වගේ වැඩක්. වාහනය නැවත විකුනන්න වුනොත් මොකද කරන්නේ ? දුරදිග නොබලා ගන්න තීරණ නේද මේ? (නි)

:       0       0

වසන්ති Tuesday, 14 May 2013 09:14 AM

මේ නීතිය ඉතා හොඳ වැඩක්. කහ පාට ගෑම අනිවාර්ය කල යුතුයි. දාවනය නුසුදුසු පරණ වාහනත් පාරෙන් අයින් කල යුතුයි. එවිට අනතුරු අඩු කල හැකියි.(නදී)

:       0       0

අකිල Tuesday, 14 May 2013 09:16 AM

අපි පිට රට වැඩ කරන අය. අපිට වෑන් එකක් ගෙන්වන්න ෆ්‍රී පර්මිට් එකක් දෙන්ඩ. අපි මෙය පාසල් සිසුන් ප්‍රවාහනය සදහා යොදවන්නම්. කහ පාටත් ගාන්නම්.(නදී)

:       0       0

පහන් Monday, 13 May 2013 07:57 PM

ප්ලාස්ටික් කූඩ කතාවේ දෙවෙනි කොටස. අනිවාර්යයෙන්ම ඕක කෙරෙන්නේ නැහැ. (නි)

:       0       0

සෝමහිමි Monday, 13 May 2013 07:59 PM

යමි නීතියකට යටත්ව තම රැකියාවන්හි නිරතවීම සමාජයටත් තමාටත් රටටත් යහපතක් වනවා සේම එම ජනතාවගේ සුභ සිද්ධිය තකා සම්පාදනය කරන ලද නීතින්ද සාමාන්‍යය ජනතාවට කොතරම් දුරට ගෝචරදැයි සොයා කටයුතු කිරීම බලධාරීගේ වගකීමක් වනු ඇත. (නි)

:       0       0

ෂෙහාර් Monday, 13 May 2013 08:02 PM

අනිවාර්යයෙන්ම ගාන්න ඕනෑ. කෝකටත් පිළිවෙළක් තියෙන්න ඕනෑ තමයි (නි)

:       0       0

චන්ද්‍රා Monday, 13 May 2013 08:12 PM

වෙන වෙන රටවල කරනවා කියලා හැමදෙයම බදාගෙන පලක් නොමැත. අපට වැරදුනේ එතනයි. මෙය බොරු වැඩකි. රියදුරාගේ නම් කහපාට ගෑවොත් පලක් වෙයි (නි)

:       0       0

සංජීව Monday, 13 May 2013 08:18 PM

වාහන සම්පුර්ණයෙන්ම කහපාට කරන්න පුලුවන් නම් ගොඩක් හොඳ දෙයක්. නමුත් ලංකාවේ තියෙන වාතාවරණය අනුව එක පාරටම එහෙම දෙයක් කරන්න පුලුවන්ද කියන එක ප්‍රශ්නයක්. වාහනය වටේටම දුවන කහපාට ඉරි දෙකක් වගේ දෙයක් පටන්ගත්තා නම් වාහන හිමිකරුවන්ටත් පොඩි සහනයක් කියලා මම හිතනවා. එතකොට පේන්ට් නොකර ස්ටිකර් වලින් අලවන්න පුළුවන්. වාහනය විකුනන අවස්ථාවක ඒවා ගලවලා විකුනන්න පුළුවන්. (නි)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Tuesday, 14 May 2013 02:41 PM

මට මතකයි ඉස්සර කාලයක් ටැක්ෂි වලත් වහලයේ පමණක් කහ පාට ගාලා දිව්වා. දැන් කෝ? (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 14 May 2013 10:20 AM

මෙය හොඳයි කියන අය බලපොරෝතුවෙන දෙය මොකක්ද? චතුල වෙරෝනා කියන ක්‍රමයට පාට ගාලා පමණක් හරිද? (ස)

:       0       0

තරංග Tuesday, 14 May 2013 10:22 AM

මෙකනම් මහ පිස්සු අදහසක්. ආන්ඩුවෙ තව්ත් පිස්සු වැඩක්. මිනිස්සුන්ගෙ අසරන කමින් ප්‍රයොජන ගන්නව​.දැන් පිටරට වගෙ ලන්කාවෙ කරන්න බැ. අපි යන්නෙ දැන් වල පල්ලට. අපරාදෙ රට. (ස)

:       0       0

වෝල්ටර් Monday, 13 May 2013 08:52 PM

චතුල වෙරෝනාට පිස්සු. පාසල් සේවා වෑන් වල කහ පාට ගෑවම මොකක්ද අමුතුවෙන් හම්බ වෙන්නෙ? පාසැල් සේවා කරන අය තමා දන්නේ දැනටත් කොපමණ අමාරුවෙන්ද කරන්නේ කියලා . කවුරුහරි කහ පාට වාහන තීන්ත නැවක් ආනයනය කරලා ඇති මගේ හිතේ. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 14 May 2013 10:52 AM

පළමුවෙන් කරන්න තියෙන්නේ පාසල් ළමුන් ගෙනයන වාහනවල රියදුරන්ට විනීත භාවය ඉගැන්වීම, ඔහුන්ගෙන් බහුතරය උදේටත් මත්පැන් පානයකරලා රථය පදවන්නේ, කුඩා දරුවන් කෙළසීම අපරික්ෂාකාරී ලෙස රථය පැදවීම, වර්ණය මාරුකිරීමට පෙර ඔහුන්ව දැනුවත් කිරීම බලධාරීන්ගේ යුතුකමකි. (ස)

:       0       0

සේරම් පැරිස් Monday, 13 May 2013 09:37 PM

ඔය පාටවල් ආණ්ඩු වෙනස් වෙන පාරට වෙනස් වෙනවද දන්නේ නැහැ? කොලපාට නිල්පාට රතු පාට වගේ. පාසල් වාහන අඳුනා ගැනිමට හොඳ ක්‍රමයක්. ඒත් ලංකාවේ ඕවා කොහෙන් කෙලවර වේද දන්නේ නැහැ (නි)

:       0       0

අමිල Monday, 13 May 2013 10:08 PM

මම ඉන්න රටෙත් , ඉස්කෝල වාහන වලට කහපාට ගාලා තමයි තියෙන්නේ. හැබැයි ඒවා ඔක්කොම ඉස්කෝලෙට අයිති වාහන. (නි)

:       0       0

නහිත Monday, 13 May 2013 10:13 PM

නමුත් මේක අනිවාර්යයෙන්ම කළ යුතුයි (නි)

:       0       0

අමිල Monday, 13 May 2013 10:14 PM

පාසල් වාහන වල කහපාට ගාන එක හොඳයි. (නි)

:       0       0

රොෂාන් Monday, 13 May 2013 11:29 PM

මාසෙකට තියන වියදම් බැලුවහම ෆිනෑන්ස් ගෙවාගෙන ගෝලයන්ට පඩි ගෙවාගෙන අමාරුවෙන් කරගෙන යන්නේ. කහපාට ගාන්නම ඕනෑ නම් මම මගේ වාහනේ ස්කූල් සර්විස් නතර කරලා දානවා. මොකද මට පේන්ට් එකකට ඒ තරම් වියදම් කරන්න අමාරුයි. අනික මම වාහනය දෙන්න ඉන්නේ. (නි)

:       0       0

හේරත් Tuesday, 14 May 2013 11:43 AM

පාසල් ළමුන්ගේ ආරක්ෂාවට මේ වැඩේ හොඳයි. බාලාපරාධ, ළමයින්ගේ ආරක්ෂාව, හඳුනා ගැනීමේ ලකුණක් හැටියට කහපාට වැදගත්. හැම දේටම නීතියක් තියෙනවා නම් පැවැත්ම උදෙසා නීතිය ක්‍රියාත්මක විය යුතුයි. දේසපාලනේ ගා ගන්නේ නැතුව. (ස)

:       0       0

කැනඩා දිසා Tuesday, 14 May 2013 03:22 AM

අපේ ඇමතිතුමා ඇතුළු කැබිනෙට් එක කියෙන එක තමයි අපිට නම් හරි (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 14 May 2013 12:07 PM

වාහනවල පාට අතුල්ලලා හරියන්නේ නැහැ. ඒවායේ තත්වයයි, සාධාරණ ගාස්තු ක්‍රමයක් ගැනයි සොයා බලන්න. අන්තිමට වාහනවල තීන්ත ගාන්න යන මුදලුත් අපිටම ගෙවන්න වෙන වැඩක් වෙයි මේකත්. (නි)

:       0       0

සීලිය Tuesday, 14 May 2013 12:09 PM

මේක කරන්න බැරිකමකුත් නැහැ. මොකද කවදාහරි මොනවා හරි පාටක් ගාන්න එපැයි (නි)

:       0       0

සෙලනිකස් Tuesday, 14 May 2013 05:08 AM

මුලින්ම එක එක දේශපාලක මට්ටම් වල (ඇමති, මන්ත්‍රී, පළාත්සභා, නගරසභා ) දේශපාලකයින්ගේ වාහනවලට වෙන වෙනම පාට ගාල පෙන්නුවා නම් හොඳයි නේද? ඒකත් ඒ අයගේ පෞද්ගලික වියදෙමෙන්ම කළ යුතුයි (නි)

:       0       0

රංජිත් Tuesday, 14 May 2013 06:48 AM

අනේ අපේ ඇමතිතුමාලගේ ටිකිරි මොලේ . සී ටී බී බස් ටිකකට කහ පාට ගාල දැම්මා නම් ඉවරයි නේද ? (නි)

:       0       0

සේනක Tuesday, 14 May 2013 06:59 AM

බස් එකේ කහපාට ගාන්න කලින් පාසල් ඉස්සරහ කහ ඉරි ටික ඇඳලා ඉවර කළා නම් හොදයි නේද ? බස් වලින් එන්නේ සල්ලි තියෙන ළමයි විතරයි. ගොඩක් අය එන්නේ පයින් . (නි)

:       0       0

අතුල කොලොන්න Tuesday, 14 May 2013 07:16 AM

මගේ ඔෆිස් වැන් එකට නම් ඕවා එපා හොඳේ (නි)

:       0       0

වරුණ Tuesday, 14 May 2013 07:24 AM

පාලකයන් මෝඩ තීරණ ගන්න එකේ ඉවරයක් නැහැ. එක පාරට මනුස්සයෙක් කොහොමද හොදට තියෙන වාහනයක පාට වෙනස් කරන්නේ? විශාල පිරිවැයක් දරන්න ඕනා. ඒකට රජයෙන් අඩුම ගානෙ බඩු ටිකවත් අරන් දෙනවනම් කමක් නැහැ. මේක ප්ලාස්ටික් කූඩ සෙල්ලමට හපන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 83 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2152 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 313 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 399 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1613 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1583 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site