කවුන්සිලේ ඉන්න එක්තරා මහත්තයකුට කවුන්සිල් සගයො විසින්ම අපුරැ නමක් දාලය කියලා ආරංචියි...
මේ නමේ අයිතිකාරය සෑහෙන තරමේ ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් පට්ටමක් තියන වැඩිය උස නැති ඒ වුණාට මහත දෙහෙත පොරක්ලු. නියෝජනය කරන්නේ ඈත තරමක් සීතල පළාතක්ලු.
කවුන්සිලේදීත් පිටස්තර උත්සව වලදිත් නිතර නිතර නිදාගන්න මුන්නැහේ නියෝජනේ කරන්නෙ බුලත් කොළේ.
ඉතින් මුන්නැහේ කොහේ මන්ත්‍රි වුණත් වැඩිපුර ඉන්නෙ කොළඹ තමයි... ඒ වගේම වියපත් බඹරෙක් වගේ හැම තැනම කැරකෙන... ලලනා වාසනා ඇති පොරක් බවත් තතුදත් අය කියනව...
දියවන්නා කවුන්සිලේ කාර්ය මණ්ඩලේ ඉන්න නෝනල එක්කත් වගේම කවුන්සිලේට පත්වෙලා ඉන්න නෝනල එක්කත් බොහෝම ඇඟෑළුකම් පාන්න යන මුන්නැහේටත් අරව හැට හතරක් විතර තියන බව සමහරැ කියන්නෙ තරහට වෙන්න ඇතිය කියලත් හිතෙනව අප්පා...
කොහොම හරි මුන්නැහේට අපි කියන අපුරැ නම දාල තියෙන්නෙ කවුන්සිල් නෝනල කස්ටියක් කියන එකයි අපට ආරංචි... ඒ වුණත් මෙතුමා ජ්‍යෙෂ්ඨ කළුකෝට්කාර පොරක් නිසා ඔය නම් ඇහෙන්න කියන්න නම් කාටවත් හයියක් නැහැ.
කවුන්සිල් නෝනල සභාව පටන් ගන්න තුරැ ලොබියෙ කතා කර කර ඉන්න කොට බැරිවෙලාවත් මුන්නැහේ ඒ පැත්තෙන් යන්න ආවොත් ඈත ඉඳන් කතාව පටන් අරන් ටික ටික ළඟට ඇවිල්ල සමහරවිට උඩරට පළාතෙ කවුන්සිල් නෝනලගෙ අත අල්ලලා සුබ පතන්නත් හරිම උනන්දුයිලු... සමහරැන්ට මේ සුබ පැතිල්ලත් ඊට පස්සෙ සිද්ධ වෙන කතා බහත් වාතයක් වෙලා කියලත් ආරංචියි...
ඒ නිසා උන්නැහේ හෙමින් හෙමින් ඈත ඉඳල රෝල් වෙවී එනකොටම ඔන්න "කොහොල්ලෑ බබා" එනව කියා කවුන්සිල් නෝනල එකපාරටම විසිරිලා යනවලු.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොහොල්ලෑ බබා