IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


කහවතට සුදුස්සා කවුරු ද?

10.පිසහළ කෙලෙස්              මල බිඳහළ පසිඳුරන්                 බල සබවසිනි                         සුනිමල පැවිදි දන කහවතට වෙති       නිල ( දෙව්දත් තෙරුන්  වෙනුවෙනි) සඳැස් ගය- තිලක නවරත්න යමක වග්ගෝ 10.    යෝ ච වන්තකසාව’ස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ දමසච්චේන ස චේ කාසාවමරහති නිදාන කතාව දන් පිදිය යුත්තේ කොහොම ද? සැරියුත් මුගලන් දෑග සව්වන් වහන්සේලා රජගහ නුවර වාසීන් ගේ ඇරියුම්ලැබුවා. දහසක් සඟපිරිස සමඟරජගහනුවරට වැඩම කළාවිසුමට ලැගුම්හල් ඈ පහසුකම් මනාව සලසා දන් පිළිගැන්නුවා. සැරියුත් මහතෙරුන් විසිනු’යි අනුමෙවෙනි බන දෙසුනේ. (1)    දානය දීමෙහි දී කවරකු හෝ අනුන් සහභාගි නොකැරැගෙන තමන් තනි ව ම දන් දෙනවා නම් මතු බවයන්හි ඔවුනට ලැබෙන්නේ බෝග සම්පත් පමණයි.පිරිවර සම්පත්ති නම් ලබන්නේ නෑ. (2)    අනුන් සහභාගි කැරැගෙන අනුන් ලවා ම දන් දෙනවා නම් තමන් ගේ අතින් නොදෙන්නේ නම් ඔවුනට මතු බවයන්හි ලැබෙනුයේ පිරිවර සැප යි. බෝග සැපත් නො ලබයි. (3)    තමන් දෙන්නේත් නැතිනම් අනුන් සම්මාදම් කැරැගන්නේත් නැති නම් මතු බවයන් හි ඔවුනට පිරිස් සැප හෝ බෝග සැප හෝ යන දෙ සැප ම ලැබෙන්නේ නෑ. (4)    තමන් ද දෙනවා නම් අනුනුත් සහභාගි කැරැ ගන්නවා නම් දීමෙහි යෙදෙනවා නම්දීමෙහි යොදවනවා නම් ඔවුන් මතු බවයන් හි බෝග සැපත් ලබනවා. පිරිවර සැපත් ලබනවා. සුවිසල් ව යස ඉසුරු බව බෝග හිමි කරනවා. මේඅනුමෙවෙනි බන ඇසූ රජගහවාසී නුවණැතියෙක් තීරණය කළා බොහෝ දෙනකු සමාදන් කැර දනක් දෙන්නට. සුදුසු තැනක් ද නියම කැරැගත්තා. ලස්සයක්මිල සිවුරක් පිදීම ඉතා සැදැහැති ව රජගහනුවරුන් දන් පිළියෙළ කළා. නොයෙක් දාන මාන පිළියෙළ කැරුණා. එක් පින්වතෙක් සුවඳ කැවූ නූලෙන් වියූ කහ සළුවක් පූජාව පිණිස ගෙනාවා. මේ අගනා ලස්සයක් මිල සිවුර කාට පූජා කරමු දැ යි විමසා කතා බහ කැරුණා. බොහෝ දෙනකු දෙව්දත් තෙරුනට පුදමු’යි යෝජනා කළා. දෙව්දත් හාමුදුරුවන් අපේ මඟුල් අවමඟුල්හිත් යනවා-එනවා. ලෙඩ-දුකේදීත් විමසා බලනවා. ඒ නිසා ‘දෙව්දත් හිමියන් සිවුරින් පුදමු’යි කළ යෝජනාව මුලට ආවා. ඒ කහ සළුව සිවුරක් කැර දෙව්දත් තෙර පෙරැවූවා. එය හැඳ වඩිනු දකින තවත් සැදැහැතියෙක් කියනවා ‘මේ සිවුර දෙව්දත් තෙරුනට ඔබින්නේ නෑ සැරියුත් තෙරුනට නම් අපූරුවට ඔබිනවා.’ දෙපිරිසක් අතර ඇතිවූ මේ වාදුව බුදුරදුනට ද සැළ වුණා. බුදුරදුන්විසින් පෙර අත් බවයෙක දී දෙව්දතුන් වැදි කුලයෙක ඉපිද වන ඇතකු හින්සා කැර මැරූ සැටි වදාළා. පෙරත් බවයෙක දෙව්දත් වැද්දකු ව උපන්නා. වැදිකමින් ම වනයේ විසුවා. වනයේ පසේ බුදුවරයකු වැඩ සිටියා. උන්වහන්සේට ඇත් රැළක් වන්දනා කරනවා. ඒ දැක පසේ බුදුන් ගෙන් ම සිවුරක් සොරා ගෙනැ පොරොවා ඇතුන් වැනසුවා. ඒ නිමිතිකැරැ කෙලෙස් කසට දුරු නොකළ, ඉඳුරන් දමනය නොකළ, ඇත්ත නොකියන තැනැත්තා සිවුරට නුසුදුසු බවත් කෙලෙස් කසට අරුලූ සිල්වත් ඉඳුරන් සංවර කළ තැනැත්තා ම සිවුරට මනා බවත් වදාළා.



අදහස් (0)

කහවතට සුදුස්සා කවුරු ද?

කුමාර Thursday, 31 January 2013 07:55 PM

සාධු.........සාධු.........සාධු.........(දී)

:       0       0

නිත්‍යා Saturday, 12 January 2013 12:37 PM

හරිම වැදගත්. හැමෝම කියවිය යුතුයි වගේම සිතට ගත යුතුයි (ස)

:       0       0

චතුර Monday, 25 June 2012 07:26 PM

සාදු..සාදු..සාදු.. ! වැඩකට නැති දේවලටනම් හොඳට ප්‍රතිචාර වැටෙනවා. කියන්න බැරි තරම් සත්පුරුෂයන් ඒවායේ ප්‍රතිචාර දානවා. ඒත් මිනිස්සුන්ගේ ඇත්ත තත්වය මෙවැනි දහම් කරුණකට වැටෙන ප්‍රතිචාර ප්‍රමාණයෙන් තේරෙනවා.

:       0       0

කුමුදුමලී Friday, 06 July 2012 11:42 AM

මෙය අදටත් මනාවට ගැලපෙනවා....

:       0       0

සිරිනන්ද හිමි Sunday, 11 August 2013 06:34 AM

ඉතාම වටිනා අදහස් ගොන්නක්. බොහොම පින්.(නදී)

:       0       0

ජිනරතන හිමි Saturday, 05 October 2013 10:45 PM

ඉතා අගය කරමි (නි)

:       0       0

සුමිත් Monday, 20 August 2012 08:48 PM

නියම කතාව. (නි)

:       0       0

අජිත් Thursday, 12 July 2012 08:23 AM

චතුරගේ කතාව හරි. හොද දෙයකට හොද කියන්න කව්රුත් නැ.වැඩකට නැති දේවලට නම් හොඳට ප්‍රතිචාර වැටෙනවා. ඔව් ඉතින් බණ අහන්නේ කව්ද ????????????????????

:       0       0

ඉන්ද්‍රා Thursday, 13 December 2012 09:46 AM

නොදන්න දෙයක් දැන ගන්න ලැබීම සතුටක් වගේම ඔබට පින්. තෙරුවන් සරණයි! (දී)

:       0       0

සුජීව කන්නන්ගර Wednesday, 05 October 2011 08:59 AM

හරිම අපූරුයි. ඔබට පින්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ
2025 අප්‍රේල් මස 13 303 0

ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පාර්ලලිමේන්තු පැමිණි ඇතැම් මන්ත්‍රීවරුන් තමා නොහඳුනන බව අමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසීය.


මියන්මාරය යළි සෙලවෙයි
2025 අප්‍රේල් මස 13 385 0

මියන්මාරය යළිත් වරක් ප්‍රබල භූමිකම්පාවකින් කැලැඹිණි. මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.6 ක් ලෙසටය.


මාස තුනට වෙඩිතැබීම් තිහක්:30ක් මරුට
2025 අප්‍රේල් මස 13 137 0

පසුගිය මාස තුනක කාලයේදී වෙඩි තැබීම් තිහක් සිදුවී ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.


සරසවි ඇඳුරන් 13 දෙනෙකුගෙන් කෝටි 9 ක පොල්ලක්
2025 අප්‍රේල් මස 13 279 0

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ 2000වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අධ්‍යයන නිවාඩු ලබා විදේශගතවී ඇති නිලධාරීන් දහතුන් දෙනෙකුගෙන් බැඳුම්කර කඩවීම හේතුවෙන්


අධිවේගයේ දින දෙකක ආදායම කෝටි 10ක්
2025 අප්‍රේල් මස 13 276 0

දක්ෂිණ අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.


අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නෑ
2025 අප්‍රේල් මස 13 159 0

අස්වැසුම ලැබිය යුතුම සියයට පනහකට නොලැබෙන බව පවර්ටි ඇනලිස් ආයතනයෙන් කරන ලද සමීක්ෂණයකදී තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක ස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 67 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 220 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 772 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site