IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


කහවත්තේ තවත් අභිරහස් ඝාතන දෙකක්

කහවත්තේ කොටකෙතන ගමේ තවත් නිවසක ගින්නකින් 63 හැවිරිදි මහළු මව හා 32 හැවිරිදි දියණිය පිළිස්සී මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මීට මාස කිහිපයකට පෙර ද මේ ආකාරයටම මේ ගමේ ගෙයක් ගින්නට හසුවී අක්ක නගෝ දෙදෙනෙක් පිළිස්සී මරුමුවට පත්වූහ. මෙයද තවත් ඝාතනයක් විය හැකියැයි ගම්වැසියෝ කියති. මේ ගමේ දැනට සිදුව ඇති මෙවැනි අභිරහස් මරණ සංඛ්‍යාව 14 කි. මේ ඝාතන රැල්ල ආරම්භ වූයේ තනි තනි කතුන් මරා දැමීමෙනි. කතුන් දෙදෙනා බැගින් මරා දැමුණු තෙවන අවස්ථාව මෙයයි. පසුගියදා අක්ක නගෝ ඝාතනයට ලක්වූ නිවසට කිලෝමීටරයක් ඈතින් මෙම නිවස පිහිටා තිබේ.  

  • 2007 ජුලි 21 දින  ඕපාත වත්තේ පදිංචි සෙල්ලයියා මාරියා (56) කෙළෙසා ගෙළ මිරිකා මැරීම.
  • අඩකම්මලේ ආරියවතී (52)  ගෙළ කපා මැරීම.
  • ‍2010 ජුනි 04 කොටකෙතන ඞී. ඩබ්. බේබිනෝනා (48) කාන්තාව කෙළෙසා මැරීම.
  • 2010 වසරේ දෙසැම්බර් 21 දින ඒ කොටකෙතන දිඹුල්වල සිරිවර්ධන මුදියන්සේලාගේ හින්මැනිකේ කෙළෙසා ගෙළ සිද මැරීම.
  • 2011 අප්‍රේල් 03 දින කොටකෙතනට නුදුරු නිලදුරෙ  ඕපාතගේ කරුණාවති (65) තියුණු ආයුධවලින් කපා  මරා සිරුරට ගිනි තැබීම
  • 2011 මැයි 31 දින කහවත්ත කෙළින් විදියේ ඞී.එම්. හින්මැණිකේ
  • දින දහනවයකට පමණ පසු කොටකෙතන නිලදුර පදිංචි අවිවාහක කාන්තාවක්වු  ඕවිටිගලගේ ජයන්ති (56) නැමැත්තිය ඝාතනය
  • 2012 ජනවාරි 31 හෝ ඊට ආසන්න දිනයක දී කොටකෙතන පදිංචි පිලානගොඩ කන්දගේ නයනා නිල්මිණී (52) මව සහ එස්.එච්. කාවින්ද්‍යා චතුරංගනි සෙල්ලහේවා (19) ඝාතනය.
  • 2012මැයි 31 හෝ ඊට ආසන්න දිනයක දි වරාපිටියේ සිටි සේතුංගගේ දයාවතී (61) වැන්දඹුව සහ ඇගේ නැගණිය වු සේතුංගගේ තිලකාවතී (51) අවිවාහක කාන්තාව ඝාතනය.
  • 2012 ජුලි 19 කහවත්ත පාසල අසල පදිංචිව සිටි එල්.ඒ. පේ‍්‍රමවතී (63) මව සහ දියණිය පුෂ්පා කුමාරි නැමැති තිස් දෙහැවිරිදි අවිවාහක කාන්තාවයි. ඒ 19 දින මරා කාමරයකට දමා නිවසට ගිනිලෑම.
   



අදහස් (0)

කහවත්තේ තවත් අභිරහස් ඝාතන දෙකක්

රෝහණ Thursday, 19 July 2012 10:10 AM

දැන් ඉතින් මේක තමා රටේ නිව්ස් එක වෙන්නේ. ..... ඕක තමයි මේ ඔක්කෝට හෙන.....

:       0       0

වෙනුර Thursday, 19 July 2012 08:48 PM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා........

:       0       0

ජය Friday, 20 July 2012 10:44 AM

පාලකයිනි. ඇස් කණ වෙලා ද , දැන්වත් එල්ලුම් ගහ ගේන්න. (සවි)

:       0       0

සුසන්ත Thursday, 19 July 2012 02:00 PM

නිවන් සුව ලැබේවා !!

:       0       0

සුගා Thursday, 19 July 2012 08:56 PM

දැන් ශ්‍රී ලංකා පොලීසියේ ඉන්නේ ස්කොට්ලන්ඩ්යාඩ් එකේ ලෙස්ට්‍රේඩ් සහ ටෝබියස් ග්‍රෙග්සන් වගේ විහිළුකාරයෝ......ෂර්ලොක් හෝම්ස් කෙනෙක් කවදා බිහිවෙයිද....?

:       0       0

මගියා Thursday, 19 July 2012 09:42 AM

දැන් මිනිස්සු නීතියට භය කරවන්න එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුත්තක්

:       0       0

අලිබබා Thursday, 19 July 2012 03:07 PM

ඒල්ලුමි ගස් ගැන කතා කරලා වැඩක් නෑ. කොල නැති ගහ දැමිමම නීතිගත කරන්නැහැ.

:       0       0

ප්‍රසාද් Thursday, 19 July 2012 10:38 AM

ගොඩක් දුකයි,අපිත් ඉන්නේ බයෙන්.

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Thursday, 19 July 2012 10:46 AM

මේවට කාටවත් බැනල වැඩක් නැහැ ලොකු වෙනසක් විය යුතුයි තද නිති පනවා හරියට ක්‍රියාත්මක විය යුතුයි

:       0       0

ගයාන් Thursday, 19 July 2012 03:29 PM

කහවත්තේ විතරද ගෑනු ඉන්නේ.................?

:       0       0

සගා Thursday, 19 July 2012 03:36 PM

මේවට ආණ්ඩුව වග කියන්න ඕන.. යුද්ධය ඉවර කළාම ඒක කළේ ආණ්ඩුව නම් මේවට ආණ්ඩුව වග කියන්නෙ නැද්ද? රජයට සම්බන්ධ අය මේවගේ වැඩ කරනකොට අනිත් අයත් කරනවා.. අනෝෂිකාගෙ අදහසත් ගොඩක් හොදයි..

:       0       0

සහන් Thursday, 19 July 2012 10:57 AM

ඇයි ඔහොම කහවත්තටම බනින්නේ ? අපරාධ වෙන්නේ කහවත්තේ විතරද??.. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැඩ වලට අනිත් අය මොනවා කරන්නද ???

:       0       0

දමිත Thursday, 19 July 2012 03:37 PM

කෝ අපේ මහදැන මුත්තා.. ආචාර්යය..

:       0       0

රමේෂ් Friday, 20 July 2012 11:42 AM

ලෝක විනාශය යනු මෙයද? (නි)

:       0       0

වසන්ත නාත් බිබිලේ Thursday, 19 July 2012 10:27 AM

මේවා පොලිසියට පමණක් නතර කරන්න බැහැ. ඡනතාව අවදියෙන් ඉන්න ඕනේ. පොලිසියට යන්න කලින් ජනතාව ඒකතු වෙලා දඩුවම් දෙන්න වැඩ පිළිවෙලක් හදාගන්න.

:       0       0

එස්.එල්.ටී.තේ.2004 Thursday, 19 July 2012 03:48 PM

අපේ ආචාර්යතුමා මේගැන මොකද කියන්නේ ?

:       0       0

ශාන් දසනායක Friday, 20 July 2012 09:39 PM

හැමෝම හිතන් ඉන්නේ කහවත්තේ ගෙවල් එකකවත් පිරිමි නෑ කියලද? මේවා වෙන්නේ එක ප්‍රදේශයක විතරයි. මේ හැම දේකටම හේතු කාරණා තියනවා. නැතුව ආවට ගියාට මීනී මරණ අය කහවත්තේ නෑ. කහවත්තේ මිනිස්සු අතර සමගියක් නෑ කියන්න කාටවත් අයිතියක් නෑ. (ත)

:       0       0

පියල් වීරසිංහ Thursday, 19 July 2012 11:08 PM

රටේ වෙන සැම අපරාධයකටම පවතින රජයට දොස් කියන්න එපා .ඕනෑම දේකට පොලිසියට ඇගිලි දික්කරන්න එපා මේවා වෙන්නේ ඇයි කියල හොයල බලන්න ඕනේ

:       0       0

කින් බෙනට් Thursday, 19 July 2012 03:50 PM

මටනම් පෙන්නේ මහා භයානක ලාතක් වගෙයි ... මිනිස්සුත් ඒ වගේමද දන්නේ නැ ?

:       0       0

මේනක Thursday, 19 July 2012 03:50 PM

එල්ලලා මරන්න නිති පනවනවා. එලුලම්ගහ හරියට ක්‍රියාත්මක විය යුතුයි........ ආණ්ඩුවට කියනවා.

:       0       0

පියංජලී Friday, 20 July 2012 12:10 PM

මරණ පිළිබද තොරතුරු සොයාගන්නා ආකාරය ප්‍රසිද්ධියේ අනාවරණය කිරීමෙන් වැළකිය යුතුය යන බවයි මගේ අදහස. එයින් ඒවා සාක්ෂි නැති මරණ බවට පත් කිරිමට මිනීමරුවෝ දැනුවත් වෙති. (නි)

:       0       0

අනූ Thursday, 19 July 2012 03:15 PM

මිනීමරණ එක දැන් විනෝදාංශයක් වෙලා....

:       0       0

තරුෂ Friday, 20 July 2012 12:13 PM

කහවත්තට තාම දක්ෂ පොලිස් නිලධාරිතුමෙක් ඇවිල්ල නෑ වගේ මට නම් පේන්නේ. (නි)

:       0       0

කුමාර Thursday, 19 July 2012 03:16 PM

පැනපු කොටි එක්ක කට්ටිය වැඩ පටන් ගෙනද හොයල බලන්න!!!

:       0       0

රෙජිනෝල්ඩ් Thursday, 19 July 2012 11:25 AM

එන්න එන්නම මේ රජය ඇතුළේ මිනීමැරුම්, දූෂණ, වංචා වැඩි වෙනවනේ.

:       0       0

රජිත මංජුල Thursday, 19 July 2012 04:08 PM

තිස් අවුරුදු යුද්දෙ ඉවරයි කියලා පම්පෝරි ගහනවා.. රටම එකම මළගෙයක්..

:       0       0

මරුසිරා Thursday, 19 July 2012 04:09 PM

කහවත්තේ අයටම මෙහෙම වෙන්නේ....ඔයාලට මොනවා වැඩිද ???? නැත්නම් අඩුද ????

:       0       0

අලිබබා Thursday, 19 July 2012 04:09 PM

ඔක්කොම උනාට පස්සෙබල්ලෙක් දාලා හොයන්න තමයි තියෙන්නෙ බල්ලට ගිය නීතියක් තමයි.

:       0       0

කුෂාන් Thursday, 19 July 2012 11:05 AM

මම කාගේවත් පාත්තක නැහැ. හැබැයි රටේ තරුණයෝ ආයුධ අතට ගන්න කාලයක් එයි වගේ ළගදීම.

:       0       0

කබි Thursday, 19 July 2012 11:09 AM

කඩවත,සබරගමු පැත්තේ ඡන්ද ඉල්ලන අයට බැරිද ඔය පැති වලට හරිහමන් ආරක්ෂාවක් දෙන්න?

:       0       0

චතුල වෙරෝනා Friday, 20 July 2012 01:45 AM

කහවත්තෙ කාන්තාවො ඔක්කොම අපේ ගමට ගෙනත් බාර දෙන්න පොලිසියට බලාගන්න බෑරිනම්.

:       0       0

චමින්ද Thursday, 19 July 2012 12:00 PM

මෙතනනම් මොකක් හරි අභි රහසක් තියෙනව. හරියට උත්සහ කරනවන නම් පොලීසියට හොයාගන්න බැරි වෙන්න විදිහක් නෑ නේ....

:       0       0

නවීන් Friday, 20 July 2012 02:34 AM

සැළසුම්සහගත කොටින්ගෙ වැඩක්වත්ද??

:       0       0

අජිත් Thursday, 19 July 2012 04:47 PM

ඇනෝමිකා ‍ගේ අදහස හරි කියලා මටත් හිතෙනවා දැන්. මෙර්‍චචර දෙයක් වෙද්දී වගකිව යුත්තන් මරනින්දේ..... ර්‍මෙ ගමෙ අය ජීවත් වෙන්නේ භයෙන්....

:       0       0

ප්‍රබා Friday, 20 July 2012 03:46 AM

පළමුවෙන්ම මගේ බලවත් කණගාටුව . මේකේ දැන්වීම් දාන මහා බලගතු මන්ත්‍රචාර්ය වරුටවත් බැරිද මේ ගැන හෝඩුවාවක් වත් දෙන්න

:       0       0

හේමා Thursday, 19 July 2012 04:27 PM

SF ඔබ කොහේද ???

:       0       0

රන්දික රත්නයක Thursday, 19 July 2012 06:54 AM

ඇයි කහවත්තේ ගැහැණු අය මෙච්චර තනිවෙලා ඉන්නේ ?

:       0       0

ආනන්ද Friday, 20 July 2012 06:27 AM

රජයට බණින්නේ නැතුව අපරාධකරුවන් සොයා ගන්න පොලිසියට සහය වෙන්න.

:       0       0

සමන් කුමාර Thursday, 19 July 2012 06:54 AM

ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු!

:       0       0

සිල්වා Thursday, 19 July 2012 12:23 PM

සමන් ඔයා හරි. ඕක දකුණේ වුනා නම් දකුණේ ඉන්නෙ යක්ෂයො වගේ මිනිස්සු කියල දකුණේ ඉන්න මිනිස්සුන්ට බනීවි. රටේ සමහර මිනිස්සු තාමත් අර පහතරට මිනිස්සු ගැන හණමිටි අදහස් නෙ දරන්නෙ

:       0       0

රට වැසියෙක් Thursday, 19 July 2012 06:57 AM

භුමි දෝෂයක් තියෙන්නේ මේ පළාතට.පුදුම විදිහට නේ කාන්තාවන් මැරෙන්නේ මේ පැත්තේ.

:       0       0

ක්වාටි Friday, 20 July 2012 06:34 AM

ඇයි මෙහෙම වෙන්නේ? කට වැඩි අයත් ඉන්නවා තමයි.ඒත් මැරෙන්නේ කට අඩු අයනේ.

:       0       0

දිනුෂ රුවන් Thursday, 19 July 2012 07:02 AM

ඔහොම කට්ටියව එල්ලලා මරන්න ඕනේ

:       0       0

නිරෝෂ Thursday, 19 July 2012 05:37 PM

ඇයි කහවත්ත පැත්තේ කාන්තාවන් කීයක් හරි බිලි දීල ගන්න නිදානයක් වත් තියෙද???????

:       0       0

නිරෝෂ Thursday, 19 July 2012 05:03 PM

ඇයි කහවත්ත පැත්තේ කාන්තාවන් කීයක් හරි බිලි දීල ගන්න නිදානයක් වත් තියෙනවද ???????

:       0       0

අජිත් Thursday, 19 July 2012 07:10 AM

මදුරුවෝ මරනව වගේනේ මිනිස්සු මරන්නේ. ලොකු හේතුවක් ඇති. රටට දෙයියන්ගේම පිහිටයි

:       0       0

හේවගේ Thursday, 19 July 2012 05:48 PM

අදහස් පළ නොකරමි..

:       0       0

සත්ත්‍ය Thursday, 19 July 2012 07:13 AM

ඊලග 1 කි. මි. ඉන්න කට්ටිය ඔන්න ඔයාල තමා පරෙස්සම් වෙන්න ඕනේ තව මාස 2 කින් විතර. හරි ආඩම්බරයි නේ?

:       0       0

ඉන්දිරා Thursday, 19 July 2012 07:14 AM

කට වැඩි ගැණුන්ට ඔහොම වෙනවා . කහවත්තේ ගැණුන්ගේ කට වැඩියි .

:       0       0

අහිංසකය Thursday, 19 July 2012 07:55 AM

මේ ආණ්ඩුවට පෙන්නේ නැද්ද මේවට විසදුම් හොයන්න ....

:       0       0

නීලමනී Thursday, 19 July 2012 07:19 AM

@ඉන්දිරා, ඔය විදිහට කියන්න එපා. ඒ මිනිස්සුන්ට කරදරයක් වෙලා තියෙන්නේ.

:       0       0

සජී Thursday, 19 July 2012 05:22 PM

කියන්න තියෙන ඒවා ඔක්කොම කියලනේ..ඉතින් මොනවා කියන්නද ??

:       0       0

එරන්ද . කෑගල්ලේ Thursday, 19 July 2012 07:59 AM

ඔන්න අශ්චර්ය ! සුබ අනාගතයක් !

:       0       0

එස් කේ Thursday, 19 July 2012 07:22 AM

පෝරකේට නියමවෙච්ච් කට්ටියට කහවත්තෙන් ගෙවල් හදල දුන්නනම් අලුගොසුවන්ට සම්මුඛ පරීක්ෂණ තියන්න ඕනේ නැ

:       0       0

චානක Thursday, 19 July 2012 05:32 PM

භයානක පළාතක් වගේ....

:       0       0

නීලමනී Thursday, 19 July 2012 08:11 AM

පාලකයිනි, මේ වෙන අපරාධ වහාම නවත්වන්න පියවර ගන්න. මේ නැතිවෙන්නේ මනුස්ස ජීවිත

:       0       0

ලක්ෂ්මන් Thursday, 19 July 2012 12:43 PM

මෙවැනි එසැණින් පවුත් පළකරන ලංකාදීප අන්තර්ජාල පිටුවට ස්තුතියි..!!

:       0       0

ජේ.බී. Friday, 20 July 2012 03:02 PM

අපි හැමෝම මැරෙනවා. මේ මැරෙන විදිය ආශ්චර්යයක් නෙවෙයිද ? (සවි)

:       0       0

අජිත් Friday, 20 July 2012 08:38 AM

කහවත්තේ කොන්ද පණ තියන අය නැ. දැන් මිනිස්සු අතර කිසි සමගියක් නැ. මේ රටේ ඉන්න දේසපාලුවෝ මේ රට කාලා ඉවරයි. පරීක්ශන කරලා ඉවර වෙනකොට මුළු කහවත්තම විනාස වෙයි. නීතිය ඉක්මනටම කරන්න.

:       0       0

වරුණ Thursday, 19 July 2012 08:22 AM

මෙහෙම මේ රට ඉදිරියට යන්නේ කොහොමද ???

:       0       0

පී.ඩී.එම්.එස්. Thursday, 19 July 2012 12:30 PM

දැන් කවුරුහරි දේශපාලඥයෙක් හරි උගතෙක් යයි කියාගන්නා පණ්ඩිතයෙක් හරි කියයි මේවාට මාධ්‍යත් වග කියන්න ඕන කියල, මම ඒ අයගෙන් අහන්න කැමතියි මාධ්‍යය නැත්නම් කොහොමද රටේවෙන තොරතුරු දැනගන්නේ කියල? මොනවා උනත් රටේ දරුණු අපරාධ රැල්ලක්නම් තියනවා, ඉක්මන් පියවරක් නොගත්තොත් රට තවත් ඉරාකයක්, ඇෆ්ගනිස්ථානයක් වෙන එක වලක්වන්න බැහැ...

:       0       0

ඉරෝෂි රුවන් Thursday, 19 July 2012 01:09 PM

ඉන්දිරා ඔයා මොනවද මේ කියන්නෙ.. ඔබ ඇත්තටම ගැහැණියක්ද? ලැජ්ජාවෙන්න මේ අදහස්වලට, ලංකාවට මහෙම වෙලා තියෙන්නෙ ඔයාල වගේ අය නිසා තමයි.. මම ඔබේ අදහසට විරුද්ධයි..

:       0       0

නලින් Thursday, 19 July 2012 08:57 AM

කහවත්ත හරියට ගෝල් දේශය වගේ වෙයි....

:       0       0

අප්පු Thursday, 19 July 2012 08:24 AM

අපරාධ 100 % වැඩිවෙලා....අහෝ රටකට ගිය කල

:       0       0

අප්පු Thursday, 19 July 2012 09:03 AM

අහෝ රටේ හෙට දවස ....

:       0       0

ඇනෝමිකා Thursday, 19 July 2012 08:26 AM

මේවා කරන්නේ කහවත්තේ මිනිසුන්ට ගම එපා වෙන්න. මේ වගේ මිනීමැරුම් වෙනකොට මිනිස්සු ඉඩම් ලාබෙට විකුනනවා. නැතිනම් අත ඇරලා යනවා. පස්සේ අවශ්‍ය මිනිස්සු ඒ ඉඩම් අල්ලා ගන්නවා, මැණික් ගරන්න. රට පව්කාරයන්ගෙන් පිරිලා.

:       0       0

විදානගමගේ Tuesday, 24 July 2012 10:02 PM

මේ දේවල් වලට ආණ්ඩුව වගකිව යුතු නැහැ. (නි)

:       0       0

වතිල Thursday, 19 July 2012 06:40 PM

ඔක්කොම ප්‍රතිචාර යන්නෙ කොහෙද මල්ලෙ පොල්...

:       0       0

චන්දන Thursday, 19 July 2012 09:06 AM

අවුරුදු 30 ක යුද්ධය ඉවර කරානම් ඇයි මේ අපරාධ නවත්වන්න බැරි.....

:       0       0

සිසිර Thursday, 19 July 2012 08:38 AM

කොච්චර තව කාන්තාවන් මැරුණත් පොලිසියට බැහැ මෙයාව හොයන්න. අනේ! ආශ්චර්යය...

:       0       0

ප්‍රියදර්ශන Friday, 20 July 2012 09:12 AM

නුවර වගේ කහවත්තෙත් කොල්ලො නෑ වගේ.....

:       0       0

සහන් දසනායක Thursday, 26 July 2012 04:14 PM

කහවත්ත ඔය කියන තරම් නරක නගරයක් නෙමෙයි.. ඡන්දෙත් ළග නිසා අනිවාර්යයෙන්ම හොයනවා.. කලින් අපරාධකරපු අය ඔක්කොමත් ඇල්ලුවනේ..(නු)

:       0       0

ශාන් Thursday, 26 July 2012 04:14 PM

කවුද මේක කෙරැවෙ කියලා ළගදිම අපට දැනගන්න ලැබේවි..!!(නු)

:       0       0

අමිල කටුනායක Thursday, 19 July 2012 07:18 PM

මිනීකන්නන්ගේ පාරාදීසය..

:       0       0

මහේෂ් Thursday, 19 July 2012 09:42 AM

බොරුවට ආණ්ඩුවට බනින්න එපා. මෙතන මොකක් හරි අමුතුම දෙයක් වෙනවා.මේ ගැන පුළුල් පරීක්ෂණයක් කළ යුතුයි.

:       0       0

වික්ස් Friday, 20 July 2012 09:44 AM

ඉන්දිරාවත් එල්ලන්න ඕන කියන කතා වලට ..

:       0       0

නිසංසලා Thursday, 19 July 2012 09:07 AM

දැන් ලංකාව කියන්නේ කාන්තාවන්ට ජීවත් වෙන්න සුදුසු රටක් නොවෙයි

:       0       0

පුබුදු Thursday, 19 July 2012 09:07 AM

දැන් මිනිස්සු නීතියට බය නැහැ. එල්ලුම් ගහ ක්‍රියාත්මක කළා නම් ඉවරනේ

:       0       0

අජිත් Thursday, 19 July 2012 01:07 PM

කහවත්තට මොකක්ද මේ වෙන්න යන්නේ.......? රර්‍ටෙ නිතියේ තියෙන දුර්වල කම තමයි මේ හෙණේට මුල

:       0       0

අමරා Thursday, 19 July 2012 09:13 AM

මම නම් හිතන්නේ ඔය ගමට මොකක් හරි ශාපයක් වැදිලා

:       0       0

සරත් Thursday, 19 July 2012 07:33 PM

කකුළුවා කෙලින් යනවානම් පැටවත් කෙළින් යාවි..??

:       0       0

සුදු පුංචා Thursday, 19 July 2012 01:53 PM

අනේ දෙයියනේ දැන්නම් කහවත්ත කියත්දිත් බයයි............

:       0       0

පිනා Thursday, 19 July 2012 09:16 AM

පොඩ්ඩක් සෝදිසි කරලා බලන්න මේ කිට්ටුව මැණික් පතලක්වත් තියෙනවද කියලා.

:       0       0

සමන් Thursday, 19 July 2012 09:57 AM

මෙව දකුණේ වෙනවා නම් දකුණේ අපිටත් බනියි. ලොක්කොන්ටත් බනියි. දැන් පේනවනෙ.

:       0       0

ඉන්දික තුෂාර Thursday, 19 July 2012 08:13 PM

එල්ලුම්ගහ ගේන්න කාලය හරි නේද?

:       0       0

ඉෂාන් Thursday, 19 July 2012 09:20 AM

වගකිවයුත්තන් නිදිද?

:       0       0

පිලිපිනෝ Friday, 20 July 2012 10:19 AM

බලන්න ඒ ගෙදර හැටි. උඩු ගානේ ඉස්සරහට ජනේලයක්වත් නෑ. මිනිස්සු ඉන්නෙ හැංගිලා වගේ. අත්භ+ත පැත්තක්. ආණ්ඩුවටම බැනල වැඩක් නෑ. මේවා පළාතේ මිනිස්සුන්ගේ වැරදි. (සවි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 82 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1689 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 793 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1014 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 615 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 495 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26036 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site