IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


කෙහෙළියගෙන් අභියෝගයක්

යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම ආදී කරුණුවලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පොරොන්දු වූ බව ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (7) කීවේය. 

බැන්  කි මූන් මහතා 2009 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී රජයත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාත් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ අවස්ථාවේදී යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම, මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් සොයා බලන බවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පොරොන්දු වූ බවට අගමැති රනිල් වික්‍රමසිංහ හා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහත්වරුන් ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව කරන චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බව ද රඹුක්වැල්ල මහතා පැවසීය. 

වත්මන් දේශපාලන තත්ත්වය දැනුම් දීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (7) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම කරුණු කීය.

යුද්ධය අවසන් වී දින දෙකකට පසු 2009 වසරේ මැයි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් මෙරට සංචාරයක නිරත වූ බවත් එහිදි ඔහු පෙන්වාදුන් දුන් කරුණු කෙරෙහි අවධානය යොමු කරන බව කීවද යුද අපරාධ අධිකරණයක් පිහිටුවන බවට කිසිදු අවස්ථාවකදී පොරොන්දු නොවූ බව ද රඹුක්වැල්ල මහතා  පැවැසීය. 

රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තීරණ ගැනීමට හෝ අදහස් දැක්වීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට අයිතියක් නැතැයි ද ඔහු එහිදි පෙන්වාදුන්නේය. 

 



අදහස් (0)

කෙහෙළියගෙන් අභියෝගයක්

නිරාන් Thursday, 08 September 2016 07:51 AM

අමුතුවෙන් අස්වෙන්න දෙයක් නැහැ. ජනතාව අස්කරලා ඉවරයි (නි)

:       0       0

ප්‍රියාන් Thursday, 08 September 2016 03:02 AM

ඔය කව්රු කව්රුත් පිටරටවල ඉන්න බෑන්කි මූන්ලා වගේ අයට කඩේ යන්නේ නැතුව ලංකාවේ ඉන්න දේශප්‍රේමී කාටහරි එකතුවෙලා කඩේ ගිහින් හරි අපිට ඉතුරුවෙලා තියෙන කොටසවත් බේරාගන්න බලන්න. නැත්නම් අපිට ශාප කරන්නේ අපේ මතු පරපුර. (නි)

:       0       0

අන්වර් Thursday, 08 September 2016 08:00 AM

නියමයි. ඔහොම යමුකෝ (නි)

:       0       0

අංගොඩ ලාල් Thursday, 08 September 2016 08:16 AM

අස්වෙන්න අවශ්‍ය නැහැ . ඊළඟ මැතිවරණයේදී ජනතාව ඒ යුතුකම ඉෂ්ට කරාවි. ඇත්තටම අර ඕස්ට්‍රේලියාවේදී වැටුනට පස්සේ තිබුනනේ අස්වෙන්න. (නි)

:       0       0

සමන්ත Wednesday, 07 September 2016 01:51 PM

දිසානායක මහත්තයෝ, මොනවද මේ කතා කරන්නේ. දැන් මම ඉල්ලා අස්වෙන්න , එක එකට වචනයක් නෙමෙයි 2009 අත්සන් කරපු ගිවිසු මෙම තියෙනවනේ. හොදින් බැලුවා නම් පෙනෙයි.බොරු කයිය ගහන්න එපා. (අ)

:       0       0

චතුරි Wednesday, 07 September 2016 02:45 PM

අනේ මේ විදියට කීදෙනෙක් නම් මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වෙනවා කිව්වද? කවුද අස්වුණේ? දොළ පිදේනිය අත්ඇරලා කවුරුත් යන්නේ නැහැ. හොරකම් ඔප්පු වුණොත් බඩ කපා ගන්නවා කිව්වා හිටපු අය. කපා ගත්තද? (නි)

:       0       0

විජේ Thursday, 08 September 2016 09:16 AM

මෙයාලා කියන දේවල් ගණන් ගන්න එපා. එදා ඕස්ට්‍රේලියාවේ ගිහින් වුණ සිද්ධියට හරිනම් ඉල්ලා අස්වෙන්න තිබුනේ. ඕස්ට්‍රේලියාවේ මන්ත්‍රීවරයෙක් නම් එදාම අස්වෙන්නේ ඒ වගේ වැඩ වලට (නි)

:       0       0

ශාන් Thursday, 08 September 2016 06:23 AM

අර ඕස්ට්‍රේලියාවේ සිද්ධිය වෙලාවෙදියි අස්වෙන්න තිබුනේ. අනේ මේ වගේ අය! (නි)

:       0       0

බමුණු Thursday, 08 September 2016 06:55 AM

මහින්ද යුද්ධය දිනා ගන්න නොයකුත් දේ පොරොන්දු වුනා මොකක්ද ප්ලස් ප්ලස් එකකුත් දෙනවා කීව නමුත් දීපු ලබු ගෙඩියක් නැහැ එ්කයි ද්‍රවිඩයින් තරහ. පිට පට ගහගෙන සිටිය ප්ලස් ප්ලස් ගන්න (බ)

:       0       0

සඳුන් - එංගලන්තය Thursday, 08 September 2016 12:19 AM

බෑන් කී මූන් මහත්මයා 2009 දී ඇවිල්ලා යන්න යන මොහොතේදී හිටපු ජනාධිපතිට දුන්නා නේද යම්කිසි ලියවිල්ලක් අත්සන් කරන්න. අන්න ඒ කොළයේ තමයි අපිටත් ගැටළුව තියෙන්නේ (නි)

:       0       0

නිමල් Thursday, 08 September 2016 01:33 AM

මේ බොරුවට කෑගහන්නේ නැතුව ඉන්න. අපි ඡන්දදායකයෝ ඔයාලට වැඩිය බුද්ධිමත්. (නි)

:       0       0

රොඩ්නි Thursday, 08 September 2016 01:33 AM

මෙයාලගේ කතා අපිට හොඳට පුරුදුයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 08 September 2016 01:47 AM

අපේ රටේ කිසිම ආණ්ඩුවක් ,වෙනත් රාජ්‍යයක් සමඟ අත්සන් කරන ගිවිසුම්වල තොරතුරු ජනතාවට ලබානොදීම ප්‍රජාතන්ත්‍රවිරෝධී කාර්යයක් කියලයි මම නම් හිතන්නේ. මහින්ද මහත්තයා අත්සන් කරපු ලියවිල්ලත් එහෙම එකක්. මේවා සඟවන එක ජනතාද්‍රෝහී නොවේද? (නි)

:       0       0

රත්නායක Thursday, 08 September 2016 02:16 AM

මහින්ද ඒ මොනවා අත්සන් කළත් ඒවා ක්‍රියාත්මක කරන්න මේතරම් දැඟලුවේ නැහැ නේද? (නි)

:       0       0

ගමගේ Thursday, 08 September 2016 02:31 AM

ඔබතුමා අර බැල්කනියෙන් වැටිච්ච් වෙලාවේ එපායැ අස්වෙන්න. දැන් මොනවටද? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 08 September 2016 02:34 AM

අපේ ඡන්දදායකයෝ ඔයාලට වැඩිය බුද්ධිමත්. අපි පිළිගන්නවා යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම ආදී කරුණු වලට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ සන්ධාන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පොරොන්දු වූ බව. එ්කද දැන් මේ කියන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 18 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 630 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1248 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2875 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3256 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 379 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25665 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1136 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site