IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


කහ ඉර පාට මාරු කරයි

මෙරට මාර්ගවල ඇති කහ ඉරි සියල්ල දෙසැම්බර් 3 වැනිදා සිට සුදු පැහැ කිරීමට තීරණය කර ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පාර මාරු වීමේ දී භාවිතා කරන කහ ඉරි ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගැනීම  සඳහා එම ක්‍රියාමාර්ගය ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා සඳහන් කරයි.

‘මෙය වාසිදායක තත්ත්වයක්. සුදු ඉරි හොඳින් දර්ශනය වෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී‘ ඔහු කියයි.

ලංකාවේ සෑම පළාතකම මෙම වැඩසටහන උත්සවශ්‍රීයෙන් සිදුකරන බවත් බස්නාහිර පළාතේ වැඩසටහන දෙසැම්බර් 3 වැනිදා ග්‍රීන්පාත් අසලදී සිදුකැරෙන බවත් කියති.

මෙම ව්‍යාපෘතිය යටතේ වසරකින් සියලු කහ ඉරි සුදු ඉරි බවට පත්කිරීමට නියමිතය.



අදහස් (0)

කහ ඉර පාට මාරු කරයි

ජයන්ත Monday, 21 November 2016 10:44 AM

සෑම්, ලෝකයේ කොහෙවත් එක එක පාට ඉරි වලින් පාර වල් වල මංතීරු හෝ අනිත් සලකුණු අදින්නේ නැහැ.(හේ)

:       0       0

ජයාත් Tuesday, 22 November 2016 01:04 AM

දැන් අර සින්දුවත් අලුතින් ලියන්න වේවි " සුදු ඉරත් රැලි වැටීලා" කියලා (නි)

:       0       0

වෙදගේ Monday, 21 November 2016 10:46 AM

ඔච්චරයි අඩුව තිබුනේ ළමයින්ට පාසලක් හදලා දුන්නා නම් කොපමණ හොඳයිද (හේ)

:       0       0

ලක්ෂිත Tuesday, 22 November 2016 01:05 AM

මේ අදහස මුලින්ම ගෙනාවේ ගරු මර්වින් සිල්වා මැතිඳුන් නේද. ඔහුට මල් පොහොට්ටු පක්ෂයේ නායකත්වය හිමිවේවා!! (නි)

:       0       0

ලාල් Tuesday, 22 November 2016 01:07 AM

උත්සව උත්සව... හැමදේටම මහජන මුදල් නාස්ති කරලා උත්සව. මේ මෑතකදි රටේ ඉහළම නායකයෙකු අතින් කුණු බාල්දි බෙදන්නත් විශාල උත්සවයක් තියලා තිබුනා. අනේද කියන්නේ. (නි)

:       0       0

පිටිගල Tuesday, 22 November 2016 02:21 AM

තීන්ත කොම්පැනියක් එක්ක ඇමති කෙනෙක් ගහපු ඩීල් එකක් කියලයි මට නම් හිතෙන්නේ. මිලියන ගානක තීන්තනේ (නි)

:       0       0

නිහාල් පත්මසිරි Tuesday, 22 November 2016 02:31 AM

පදික මාරුවේ පාට වෙනස් කිරීමට උත්සව? අනේ මෙහෙමත් මහා විහිලු. පදික මාරුවේ සුදු පාට කහ පාට බවට මුලින්ම පත්කළේ 1978 වසරේ අග හෝ 1979 වසරේ. ඔවුන් උත්සව තිබ්බේ නැහැ. මෙවැනි උත්සව වලට කිවයුත්තේ මහජන මුදල් විනාශ කරන මහා විහිලු කියායි. (නි)

:       0       0

චින්තක Monday, 21 November 2016 11:44 AM

වැඩේ නම් හොඳයි.(හේ)

:       0       0

එන් කුමාර Monday, 21 November 2016 11:47 AM

මොන ඉරක්වත් නැතිව අඩි පාරවල් වල ගස් ගල් උඩින් යන මිනිස්සුන්ට පාරක් හදල දෙන එක ඔයිට වඩා හොද නැතිද මහත්තයෝ (බ)

:       0       0

සමන්ත Monday, 21 November 2016 11:56 AM

මේකේ සමහර අදහස් හරිම විහිලු සහගතයි. හැම එකටම කොමෙන්ට් දාන්නේ දැනගෙන නෙවේ. මේ තීරණය ඉතා හොද සහ කාලෝචිත දෙයක්. අර බස් එකට යටවෙලා මැරුන අම්මයි දුවයි දැක්කම එ්ක තේරෙනවා. ලෝකේ හැම රටකම සුදු ඉරි විතරක් නෙමෙයි, බොහෝ භයානක පාර මාරු වෙන තැන වල දැන් නිවෙන දැල්වෙන විදුලි පහන් සහ ශබ්දය ඇහෙන විදියටත් සකස් කරලා තිබෙනවා. අද කාලේ වාහන වැඩි නිසා සාමාන්‍ය පදිකයන්ගේ ආරක්ෂාව සදහා අලුත් ක්‍රම ඕනේ. (බ)

:       0       0

සෑම් Tuesday, 22 November 2016 03:45 AM

ජයන්ත, එතකොට ඔයා කියන්නේ දැනට ගෙනවිත් තියෙන කහ පාට විසිකරලා අලුතින් වියදම් කරලා සුදු පාට අලුතින් අරන් හොඳට තියෙන කහ ඉරි ටික සුදු කරන්න කියලද. මේකද දැනට රටේ තියෙන දැවෙනම ප්‍රශ්නය. මේකට වැයවන අතිරේක මුදල දරන්නේ ඔයාගේ කවුද? (නි)

:       0       0

සරත් කුමාර Tuesday, 22 November 2016 03:55 AM

මොකටද උත්සව (බ)

:       0       0

බන්දුල. Tuesday, 22 November 2016 04:02 AM

ඒ වැඩේනම් ගොඩක් හොඳයි..එ්ත්... බීලා එලවන උන්ට දඩම තමා ඕනේ. උන්ට පාට මතක නැහැනේ.(බ)

:       0       0

බණ්ඩා Monday, 21 November 2016 12:13 PM

කොහොමද යහපාලනේ වැඩ. තව හොඳ ඒවා ඉස්සරහට. ලෝක බැංකුවෙන් තවත් ණයක් ගත්තම පාර දෙපැත්තේ ඉරි ටිකට් වෙනස් කරයි (බ)

:       0       0

සරත් Monday, 21 November 2016 12:15 PM

කහ ඉරේ තැන මාරු කරන්න. බස් හෝල්ට් එක උඩම කහ ඉර බෙන්ඩ් එකක් ගත්ත ගමන් කහ ඉර. කන්දක් නැගපු ගමන් කහ ඉර. (බ)

:       0       0

රූපවතී Monday, 21 November 2016 12:17 PM

මේ ලංකාවේ රියදුරු පුහුණු කරනවිට සහ ලයිසන් එක දෙන විට ..හොද දැනුමක් ඇති රියදුරන්නට පමණක් බලපත් දෙන්න බලධාරීන් කටයුතු කරන්න ? ලංකාවේ මාර්ග නීති දර්ශනය වෙන පරිදි සෑම...තාර දැමු පාරකම පුවරු සවිකරන්න .. ස්පීඩ් ලිමිට් ඇතුළු මාර්ග නීති ලංකාවේ මිනිසුන් කිසිවක් නොදනී (බ)

:       0       0

උපුල් Monday, 21 November 2016 12:19 PM

කොහොමද අපේ ජනපති ගේ සහ අගමැතිගේ යහපාලන නුවන , ජය ශ්‍රී .යහපාලනයෙන් තව ප්‍රශ්නයක් විසඳුනා ඔන්න ? (බ)

:       0       0

ජගත් Tuesday, 22 November 2016 04:48 AM

ලක්ෂිත,මහින්ද මහත්තය වෙන අයට ඉඩ නොදී ජනපති කමේ 3 පාරක් ඉන්න හැදුවා. ඊට පස්සේ අගමැතිකම ගන්න හැදුවා. දැන් මල් පොහොට්ටු පක්ෂේ නායකත්වයත් මර්වින්ට නොදී ඒකත් ගන්න හදයිද දන්නේ නැහැ. (බ)

:       0       0

තෙන්නකෝන් Monday, 21 November 2016 12:48 PM

මෙය ඉතාමත් යහපත් තීරණයක් ,අනිත් රටවල තිබෙන හොඳ දේවල් කිරීම, (හේ)

:       0       0

රොහාන් Monday, 21 November 2016 01:06 PM

අවේනම් අනවශ්‍ය වියදම් කරන්නේ නැහැ කියලා. උත්සවයක් තියලා මේක වෙනස් කරන්න ඕනද? පාරවල් අලුත් වැඩියා කරන ගමන් කරානම් අමතර වියදමක් යන්නෙත් නැහැ.(හේ)

:       0       0

ජගත් ලියනගේ Monday, 21 November 2016 01:55 PM

එක ඉරක් කොළ පාටින් අනිත් ඉර නිල් පාටට මාරුවෙන් මාරුවට දැම්මා නං හොඳ නැත්ද .(බ)

:       0       0

සම්පත් පතිරණ Monday, 21 November 2016 06:56 AM

පාට මාරු කරන කොටත් උත්සව තියනවද ? අපරාදේ ඒ සල්ලි (බ)

:       0       0

රත්නායක Monday, 21 November 2016 02:24 PM

හරියටම හරි .ලොව පිළිගත් පාට සුදු පාරවල් වලට භාවිතා කරන්නේ මෙය පාට. තේරුම් ගැනීම ගැන සතුටුයි (හේ)

:       0       0

නන්ද Monday, 21 November 2016 07:00 AM

එ්ක හොඳයි කහ ඉරි රාත්‍රී කාලයේදී පේන්නේ නෑනේ (බ)

:       0       0

සත්‍යයා Monday, 21 November 2016 02:28 PM

කහ ඉරට වඩා සුදු ඉරි හොඳයි කියන්නේ මෙතන කිහිපදෙනෙක්ම පෙන්වා දුන් පරිදි ආලෝකය පරාවර්තනය වන ආලේපයකින් මේ සුදු තීන්ත නිපදවා ඇති නිසයි. නමුත් මෙහිදී අප සාකච්චා කළ යුත්තේ ප්‍රථම වතාවට මේ ඉරි ලකුණු කරන කොට අදාළ බලධාරීන්ගේ මොළවලට ඒවා නොවැටහුනේ ඇයිද යන්න කියන එක. මහජන මුදල් කාබාසිනියා කරන නිලධාරීන්ව රකින ආණ්ඩු තමයි අපට හැමදාමත් තිබුනේ. තව ටික දවසකින් මේ ඉරි නැවත කහපාට කලත් අප පුදුම වන්නේ නැහැ. (හේ)

:       0       0

ධම්ම Monday, 21 November 2016 07:05 AM

කහ ඉරේ සුදු ගාන්න ඇයි උත්සවයක්? (බ)

:       0       0

මොහමඩ් ඕමාන් Monday, 21 November 2016 07:06 AM

මේවට යන වියදමින් තවත් මාර්ග කීපයක් නඩත්තු කරන්න පුළුවනි. පාට මාරු කිරීමෙන් කහ ඉරි මත සිදුවන අනතුරු වලක්වා ගත හැකිනම් ජාත්‍යයන්තර වීම ජනතාවට සුභ ආරංචියක්. (භ)

:       0       0

සෙන්ජී Monday, 21 November 2016 07:08 AM

සම්පත්, වෙන මොනවට උත්සව තියන්නද? ආයෙත් ඕවා කහ පාට කරනකොට නැවත උත්සවයක් තියමු (නි)

:       0       0

හුසේන් මොහමඩ් Monday, 21 November 2016 07:10 AM

කවුද මේ කොන්ත්‍රාත්තුව ගත්තේ..? රටට, ජනතාවට මොන බයිලා ගැහුවත් ඕව පිටිපස්සේ තියෙන්නේ තනිකරම සල්ලි. සල්ලි. (බ)

:       0       0

පසිදු Monday, 21 November 2016 02:41 PM

සුදට වඩා කහ තමයි අපි දන්නා විදියට රටවල තියෙන්නේ, නියම ඔර්ජිනල් රිෆ්ලෙක්ටෙර් (රාත්‍රී කාලයේ විනිවිද පෙනෙන සුදු හෝ කහ මම නම් ලංකාවේ දැකලා නැහැ,,(හේ)

:       0       0

චන්ද්‍රා Monday, 21 November 2016 02:45 PM

මේක කරන්න උත්සවයක් මොකටද? (හේ)

:       0       0

දහම් Monday, 21 November 2016 07:23 AM

මේ පාට මාරු කිරීමට දී ඇති හේතුවනම්හි ම වැටෙන රටවලලු කහ ඉරි තියෙන්නේ එමනිසා හිමනොවැටෙන අප රටට සුදු ඉරි සුදුසුලු මේවා හිනායන කතා . කහ ඉරි තිබ්බත් සුදු ඉරි තිබ්බත් මිනිසුන්ට අවදානම එහෙමමයි . උත්සව ඉතාමත් අවශ්‍යයි මේ වගේ අනවශ්‍ය වැඩට (බ)

:       0       0

නලින් Monday, 21 November 2016 07:24 AM

හොදට තියන ඒවා එහෙමම තියලා අලුතෙන් අදින ඒවා මේ ජාත්‍යන්තර විදියට කළානම් මොකෝ වෙන්නේ. අය්යෝ සල්ලි. (බ)

:       0       0

රූපවතී Monday, 21 November 2016 07:24 AM

අැයි මොකටද අනේ උත්සව ..? මේ සේරම දේශපාලකයින්ගේ උප්පරවැට්ටි ..ප්‍රාදේශීය මට්ටමින් ..ප්‍රාදේශීය සභාවලට හොදට ගසාකන්න පුළුවන් අර උත්සවේට කෝටි මෙච්චරක් ගියා, මේ උත්සවේට කෝටි 3ක් ගියා කියල ..(බ)

:       0       0

පාලිත Monday, 21 November 2016 07:25 AM

උත්සවය තියලා සුදු ඉරෙන් පදිකයෙකුට මාරුවෙන්න කියලා පුද්ගලික බස් රියදුරෙකුට ඒ වෙලාවට එන්න කියමු.... (නි)

:       0       0

ටිකිරි Monday, 21 November 2016 07:27 AM

ඔය මුදල් මීටවඩා වැදගත් දේකට යෙදෙව්වොත් නරකද? (නි)

:       0       0

රත්නායක Monday, 21 November 2016 03:19 PM

මේ කරන්න යන වැඩෙන් යහපතක් වෙන්න පුලුවන්. හැබැයි ඒකට රටපුරා උත්සව තියල සල්ලි නාස්ති කරන එක කොහෙත්ම අනුමත කරන්න බෑ.ගිය අාණ්ඩුවටත් මේ අයම මේ චෝදනාවම එල්ල කරා නේද.මේ අය කරපු වැඩකුත් නැතිඑකේ මේවගේ දෙයක් මහා ලොකු සංවර්ධන වැඩක් කියලා රටට පෙන්නලා මිනිස්සු රවට්ටන්න හදනවද දන්නෑ.(හේ)

:       0       0

ශෂික Monday, 21 November 2016 03:29 PM

වර්ණයට වඩා තීන්ත වර්ගයේ ප්‍රමිතියයි වැදගත්.උත්සව වලට මාර විරෝධයක්නේ තියෙන්නේ.මේ කේතුමතී පුරවරයේ හැමදාම උත්සව කලාට මොකද වෙන්නේ...? අපිට මොනවයින් අඩුවක්ද...ඔහොම හිතලනම් ජාත්‍යන්තරේ දිනන්න බැරිවෙයි.(හේ)

:       0       0

ඩී.උපුල් Monday, 21 November 2016 07:34 AM

මෙය රිෆ්ලෙක්ටිව් වර්ගයේ විශේෂිත තීන්ත වර්ගයක්. (ම)

:       0       0

සෑම් Monday, 21 November 2016 07:39 AM

මෙහෙමත් නාඩගම් ගැන අහන්න තරම් ලංකාවේ අපි අවසානාවන්ත වුණානේ (ම).

:       0       0

සලීම් Monday, 21 November 2016 03:55 PM

කොටියා කැලැ මාරු කලාට පුල්ලී වෙනස් වෙන්නේ නෑ කහ ඉරි සුදු ඉරි කියා අනතුරැ අඩු කරන්නට බැරි රියදුරන්ගේ සහා පදිකයන්ගේ නොසැලකිල්ලයි මමත් කහ ඉරක් අසල සිටින්නේ පදිකයන්ගෙන් 50% වැඩි පිරිසක් වාහාන දැක දැකත් කහ ඉරෙන් මාරැ වීමෙන් අනතුරු සිදු වෙන්නේ ! කලබලයට උත්සව තබා පාට මාරැ කරලා ජාතික දනය විනාස කරන්නේ නැතුව නැවත අලුක් වැඩියා කිරිමෙීදී පාට මාරු කරන්න (හේ)

:       0       0

ලාංකික වෘත්තිකයෙක් Monday, 21 November 2016 07:45 AM

රාත්‍රියට පාර පෙන්නේ වර්ණයෙන් නොවේ. එම විශේෂ තීන්ත වර්ගයේ ඇති ආලෝක පරාවර්තන හැකියාව නිසා. පළමුව ඔබගේ ආයතනයේ ප්‍රමිතීන් පිළිබඳ පොත් තිබේදැයි බලන්න. ඒවාට අනුකූලව ක්‍රියාවේ යොදවන්න. (ම)

:       0       0

ප්‍රීති Monday, 21 November 2016 04:01 PM

ඔය ඉරි කොළ පාටිනුයි, නිල් පාටිනුයි දැම්මා නම් අපේ රටේ මිනිසුන් මීටවඩා ගොඩක් සතුටු වෙනවනේ. අනතුරු වුණාම මොකද තමන් කැමති පාට මහපාරේ තියනවා නම්. අපේ මිනිසුන්ට ඒ හොඳටම ඇතිනේ ... (නි)

:       0       0

තුවාන් Monday, 21 November 2016 07:46 AM

පළමුවෙන්ම ලංකාවේ යල්පැනපු රියදුරු පාසල් නවීකරණය කළ යුතුයි (ම)

:       0       0

කෝනාර Monday, 21 November 2016 07:48 AM

කහ ඉරේ පාට මාරු කරන්න මොන උත්සවද? මේවා ජනාධිපතිතුමා, අගමැතිතුමා දකින්නේ නැද්ද? (ම)

:       0       0

ඉන්දික Monday, 21 November 2016 07:48 AM

ඉරි වල පට මාරු කරන්න වෙන් කරපු සල්ලි වලින් පාරවල් ටික පිළිවෙලකට හැදුවොත් නරකද ?(ම)

:       0       0

රුපාවති Monday, 21 November 2016 07:59 AM

පාට මාරුකරලා කවදාවත් අනතුරු වළක්වන්න බැහැ..? ජාත්‍යන්තරය කවදාවත් පාට මාරුකලා කියල අනතුරු අඩු වෙලා නැහැ ..? (ම)

:       0       0

ලාල් Monday, 21 November 2016 04:37 PM

පාට මාරු කළාට වැඩක් නැහැ. කහ ඉර පොඩ්ඩක් පාර මට්ටමින් උස්සන්න ඕනෑ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 21 November 2016 08:14 AM

මීට වඩා හොඳා ඉස්පිරිතාලවලට පුළුන් ටිකක් බෙහෙත් ටිකක් හරියට දුන්නානම්, \"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ\" (ම)

:       0       0

ඉසුරන්දි Monday, 21 November 2016 08:15 AM

කරන දෙයක් දුරදිග බලලා කරන්න.නැතිනම් ආණ්ඩුවෙන් ආණ්ඩුවට ඕවා වෙනස් කරන්න බලයි. (ම)

:       0       0

සමන්ති Monday, 21 November 2016 05:12 PM

දැන් මේකද රටේ තිබෙන ලොකුම ප්‍රශ්නය? (නි)

:       0       0

ලංකා Monday, 21 November 2016 08:27 AM

ඕක උත්සවශ්‍රීයෙන් කරන්න දෙයක් නෙවෙයි, මහජනතාව දැනුවත් කරන්න පාට මාරු කිරීම ගැන. අන්තර්ජාතික සංකේත පාවිච්චිය හොඳ දෙයක්. (ම)

:       0       0

නිරු Monday, 21 November 2016 08:27 AM

ඒක හොඳයි. නමුත් ඉර කහ උනත් සුදු උනත් රියදුරන්ගෙයි පදිකයන්ගෙයි ආකල්ප වෙනස් වෙන්නේ නැහැ. (ම)

:       0       0

රසික Monday, 21 November 2016 08:33 AM

ඕන පාටක් මාරු කරන්න. ඕවට උත්සව එහෙම අපේ සල්ලි වලින් තියනවා නෙමයෙි. (ම)

:       0       0

ඉරාන් Monday, 21 November 2016 05:58 PM

හිසරදයට කොට්ටය මාරු කිරීමක් (නි)

:       0       0

නිහාල් Monday, 21 November 2016 08:34 AM

උත්සව පවත්වන්න ඕනෑ නෑ මේවාගේ දේවල් වලට බොරු වියදම් (ම)

:       0       0

ඉර්ෆාන් Monday, 21 November 2016 05:58 PM

කහ ඉරේ පාට මාරු කිරීමට පෙර එයට ඉස්සරහින් තිබෙන බස් හෝල්ට් මාරු කරන්න... (නි)

:       0       0

ජයන්ත Monday, 21 November 2016 08:37 AM

මෙම ක්‍රියාව මා දකින්නේ නිවැරදි දෙයක් හැටියටයි. අද පාර මංතීරු වල පා ගමනින් යන්නෝ සැහෙන දෙනෙක් මරු මුවට පත් වෙනවා. රාත්‍රී අන්දකාරේ පාරේ යන වාහන වලට සුදු ඉරි කහ ඉරි වලට වඩා පේනවා. මින් අනතුරු අඩු කිරීමට හැකියාවක් ඇති බව මට පේනවා. එම නිසා සෑම දෙයක්ම විවේචන නොකරන්න. (ම)

:       0       0

අයන්ත Monday, 21 November 2016 06:35 PM

කහ ඉරි සුදු ඉරි කරන එක නම් හොඳයි. සුදු ඉරි රාත්‍රියේදී හොඳට පේනවනේ. එ්ත් එකට උත්සවත් ඕනෑද. විකාර සහ බොරු වියදම්. හොඳ ප්‍රමිතියකින් යුතු තීන්ත දාලා කරන දේ හරියට කළා නම් හොඳටම ඇති. (නි)

:       0       0

යහම්පත් නලින් Monday, 21 November 2016 07:08 PM

කොටියාගේ පුල්ලි මාරු කළාට, කොටියා කොටියාමයි. ඒ වගේම කහ ඉර සුදු ඉර කළත් රථ වාහන පදවන්නේ අපේ ලාංකිකයන්. විශ්ෂයෙන් මැති ඇමතිවරු නීතිය බහුලව කඩකරන නිසා ඔවුන්ට යම් නීති මාලාවක් ගෙන ආයුතුය (නි)

:       0       0

දේවින්ද Monday, 21 November 2016 07:09 PM

කහ ඉර සුදු කරන එකෙ වරදක් නැහැ. ලොකු වියදම් යන වැඩක් නොවේ. නමුත් මේ වගේ ද‍ේවලට උත්සව පවත්වන එක නම් විකාරයක් ... (නි)

:       0       0

ඩිල්ෂාන් Monday, 21 November 2016 07:45 PM

බස් හෝල්ට් ළඟ තිබෙන ඉරි නම් බසයේම සළකුණු කළත් වැඩක් වෙන එකක් නැහැ (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Monday, 21 November 2016 08:06 PM

කරන හැම මහජන කටයුත්තකදී කාගේ කාගේත් අතමිට සරුවෙන විදියට තමා උත්සව පවත්වමින් ඒවා කරන්නේ. නොදන්නා අපි අත්පොළසන් දෙනකොට අයියලා එකතුවෙලා අපිටම හිනාවෙලා ගානක් කපාගන්නවා (නි)

:       0       0

සමන් Monday, 21 November 2016 09:02 AM

ලෝකයේ බොහෝරටවල පදික මාරුවල භාවිත වන්නේ රාත්‍රියට හොදින්පෙනෙන ආකාරයේ සුදු වර්ණ සහිත පදික මාරු. ලංකාවේ කහ ඉර මත සිදුවන අධික අනතුරු ද සළකා මෙම මාරුව යහපත් බව හිතේ. (ම)

:       0       0

මහින්ද Monday, 21 November 2016 10:12 PM

මොන පාට මාරුකළත් පලක් නැහැ රියදුරන් විනයගරුක නැත්නම් (නි)

:       0       0

සිරිබිරිස් Monday, 21 November 2016 10:46 PM

මේ උත්සවයට ජනපති හා අගමැති ඇතුළු මුළු කැබිනට් එකම සහභාගි වුණොත් නේද හොඳ? (නි)

:       0       0

සැම් Monday, 21 November 2016 09:24 AM

ඔය කහ ඉරි ටික ඔහොම තියල, අලුතින් අඳින ඒවා සුදුපාට කරන්ඩ. දැනට තියෙනෙ ඉරි මැකෙන කාලෙට ඒවා සුදු පාටින් අඳින්න. දැනට ඉතිරි වෙලා තියෙන කහ පාට තීන්ත ඉවර වුණාට පස්සේ සුදු පාට අලුතින් ඇනවුම් කරන්ඩ. මුළු ලංකාවම දවස් දෙක තුනකින් සුදු කරන්ඩ හදන්නේ මොකද කියල මුළු රටම දන්නවා. (ම)

:       0       0

සුසන්ත Monday, 21 November 2016 10:57 PM

තුවාන් හරියට හරි. අපේ කිසිම රියදුරු පාසලක් ජාත්‍යන්තර තත්වයට නැහැ (නි)

:       0       0

ඩිලාන් Monday, 21 November 2016 11:58 PM

පාට මාරු කරන්න උත්සවශ්‍රීයක් අවශ්‍ය නැහැ. මොන විකාරයක්ද ඉරි වල පාට මාරු කරන්නත් උත්සව පවත්වන්නේ. කීයක්හරි ගහගන්න වැඩක් වගෙයි අපිට නම් පෙනෙන්නේ. උත්සව පවත්වන්න හේතු නැතුවට හොඳයි. (නි)

:       0       0

ලයනල් Monday, 21 November 2016 11:59 PM

කරන උත්සවයක් ඇමතිගෙ හරි අදාළ නිලධාරියාගෙ හරි පුද්ගලික වියදමින් කරන්න. ජනතාවට අවශ්‍ය නැහැ අපේ බදු සල්ලි වලින් කරන බොරු උත්සව. (නි)

:       0       0

කුමාරි Tuesday, 22 November 2016 12:04 AM

මේ උත්සව වලින් අනතුරුව කෝටිපතියො කිහිප දෙනෙක් හරි රටට බිහිවෙයිනේ. ඒ ගැන හිතලා සතුටුවෙන්න ජනතාවට බැරි ඇයි? (නි)

:       0       0

පුමා Monday, 21 November 2016 10:07 AM

මොකටද උත්සව පාට මාරු කරනවට..හොද වැඩක් සමග බොරු වියදමක්...(ම)

:       0       0

අශේන් Tuesday, 22 November 2016 12:25 AM

වෙන මොකටද අනේ කීයක්හරි හම්බ කරගන්න මිසක්. අයවැට හිඟය කෝටි ගණනක්. ඉරේ පාට මාරු කරන්නත් රටපුරා උත්සව. (නි)

:       0       0

රුවන් Tuesday, 22 November 2016 12:34 AM

පසිදු, ඒක කරන්න තව උත්සව මාලාවක් කරන්න පුළුවන්නේ. සල්ලි අපේනේ. කාටවත් අමාරුවක් නැහැ (නි)

:       0       0

චන්න ප්‍රසන්න Tuesday, 22 November 2016 12:36 AM

ඒ වියදම් කරන සල්ලි වලින් ඉස්සර වගේ අර අහවල් කෙනාගේ පුතාගේ නමින් තවත් චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කළා නම් මම හිතන්නේ ගොඩක් දෙනෙක් කැමති වේවි. (නි)

:       0       0

සෙනරත් Tuesday, 22 November 2016 12:45 AM

රටට විශාල සංවර්ධනයක් කරන්න පටන්ගන්නා විට උත්සවයක් නැතුව කොහොමද නේද? (නි)

:       0       0

ජයරත්න Monday, 21 November 2016 10:41 AM

රුපොවති අක්කගේ කතාවනම් මමත් අනුමත කරනවා , මොන පාටින් ඉරිඅන්දත් වැඩක් නැහැ මාර්ග නීති අනුගමනය නොකරනවා නම් (හේ)

:       0       0

ශාන් Monday, 21 November 2016 10:43 AM

ඕක මාරු කලාට අපේ රටේ ඉන්න රියදුරන් මිනිස්සු යට කරන එක නවතින්නේ නෑ (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1512 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 161 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 115 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 64 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 52 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39978 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25935 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 217 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1296 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site