බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ සංස්කෘතික සංවිධාන මඟින් සංවිධානය කර ඇති සිංහල සහ දෙමල අවුරුදු උත්සව මෙම සති අන්තයේ සිටම පැවැත්වෙයි.
ලබන සඳුදා එංගලන්තයේ නිවාඩු දිනයක් නිසා එදිනට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා ජනහඬ පදනම අවුරුදු උත්සවයක් සංවිධානය කර ඇත. මීට අමතරව වසර තුනක නිහැඬියාවකින් පසුව කින්ග්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මඟින්ද මේ වසරේදී අවුරුදු උත්සවයක් අප්‍රේල් 25 වනදා පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත.
ලන්ඩන් නුවර සිංහල අවුරුදු උත්සවයක් මුල්වරට සංවිධානය කෙරුණේද කින්ග්ස්බරි පන්සල මඟිනි. ඉන් පසුව එම උත්සවය යුරෝපයේ විශාලතම ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සවය බවට පත්වන තරම් ජනප්‍රිය තාවයට පත් විය. අවසානයේ කින්ග්ස්බරි අවුරුදු උත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණෙන අති විශාල ජනකාය සඳහා ආරක්ෂා සහ ඉඩකඩ සැපයීමට හැකි ශාලාවක් කුලියට ගැනීමේදී දැරීමට සිදුවන අතිවිශාල වියදම නිසා එම උත්සවය නවතා දැමීමට සිදුවූ බව විහාරාධිපති අග්ගමහා පණ්ඩිත පුජ්‍ය ගලයායේ පියදස්සි නාහිමියෝ පැවසුහ.
කෙසේවුවද බොහෝදෙනාගේ බලවත් ඉල්ලීම පරිදි විහාරස්ථ දායක සභාව සහ අනුග්‍රාහක බවතුන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන් යලිත් වරක් කින්ස්බරි බක්මහ උළෙල පෙර පරිද්දෙන්ම නැවත වතාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇත.
බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථාන සහ බොහෝ සමිති සමාගම් මඟින්ද අප්‍රේල් මාසයේ සති අන්තයන්හිදී අවුරුදු උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කර ඇත.
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත
පොලිස් නිළධාරීනීයකගේ පාද විඩියෝ කර සමාජ මාධ්‍ය දැමු තරුණයින් දෙදෙනෙකු අද(29) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව හලාවත මුලස්ථාන පොලිසිය කියයි.
බිත්තර මිල පහළ දැමුවද බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහළ දැමීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කොහා කල්තියාම ලන්ඩනයේ