(*** සුජිත් හේවාජුලිගේ)
වීදුරු හා උඳු මුවාවෙන් ගෙන්වූ රුපියල් කෝටි 11 කට වැඩි වටිනා කහ කිලෝ 33,000 ක කන්ටේනර් පෙට්ටි තුනක් රේගුවෙන් පිට කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන රේගු අධීකාරිවරු දෙදෙනෙක් හා වාප්පු ලිපිකරුවෙක් බ්ලූමැන්ඩල් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔරුගොඩවත්ත රේගු අංගණයේදී පෙරේදා (19) අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ සැකකරුවන් තිදෙනා අධිකරණයට අද (21) ඉදිරිපත් කිරීමට නියමිතය.
රේගුවෙන් නීති විරෝධීව පිටකර ගෙන තිබූ මෙම කහ තොගය අඩංගු කන්ටේනර් තුන බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබී බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 17 වැනිදාය.
මේ ජාවාරම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු දස දෙනෙක්ද මුලින්ම අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකාර රේගු නිලධාරීන් දෙදෙනා හා වාප්පු ලිපිකරු පිළිබඳව තොරතුරු හෙළිවී යැයි බ්ලූමැන්ඩල් පොලීසියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
කහ ආනයනය රජය විසින් තහනම් කරනු ලැබ තිබෙන අතර එසේ තහනම් කර තිබියදී වීදුරු හා උඳු මුවවෙන් මේ කහ තොගය ගෙනැවිත් හොර රහසේ මෙසේ පිටකර ගෙන තිබූ බව පොලිස් පරීක්ෂණවලදී තොරතුරු හෙළිවී තිබිණ.
වීදුරු හා උඳුවලට යටින් කහ තොගය සූක්ෂම ලෙස සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.
බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සුදත් නාගහමුල්ල, කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි නෙරංජන් අබේවර්ධන සහ සහකාර පොලිස් අධිකාරි අනුරාධ මහින්දසිරි මහත්වරුන්ගේ උපදෙස් මත බ්ලූමැන්ඩල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පද්මලාල් මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂකවරුන්වන ලියනගේ හා රංජිත්, පොලිස් සැරයන් පීරිස්, පොලිස් කොස්තාපල්වරුන් වන සිරිවර්ධන හා චතුරංග ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම කර වැඩිදුර පරීක්ෂණ පවත්වති.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කහ කිලෝ 33,000 ක් පිටකළාට රේගුවේ 3ක් අත්අඩංගුවට
නිල්මිණි Monday, 21 September 2020 09:37 AM
දේශබන්දුගේ සෙල්ලම් ..කමක් නෑ ..එන්න අපි පොලිසියේ සහ රේගුවේ බබාලට කිරි පොවමු. එයාලා මුකුත්ම දන්නේ නෑ.
MangalaMonday, 21 September 2020 12:35 PM
නිල්මිණී, යන්නේ කොහෙද මල්ලේ පොල්. 111 දෙනෙක් ලයික් දාලා. මේකේ තියෙන සෙල්ලම මොකක්ද?
නිල්මිණි Monday, 21 September 2020 04:20 PM
ඔයා වගේ වහලුන්ට නොතේරෙන දේවල් ලයික් කරපු අයට තේරෙනවා. දේශබන්දුගේ සෙල්ලම් දැනගන්න පුලුවන් පොලිසියේ කාගෙන්ම හරි ඇහුවා නම්... රාජපක්ෂ වලව්වේ කටුලොවන මේ වගේ බත් බැලයින් තව ඉන්නවා.
banda Monday, 21 September 2020 02:31 PM
අහිංසක මිනිස්සුන්ට කන්න ගෙනාපු කහ ටික අල්ලන්න පුළුවන් වුණාට කුඩු කන්ටේනර් පිටින් වරායෙන් එළියට ගියා... ගෙනාපු අයත් නැහැ. නිදහස් කළ අයත් නැහැ. ලංකාවට මාර වැඩේ වුණේ.
ප්‍රියා Tuesday, 22 September 2020 03:21 AM
මිනිසුන්ට ආහාර සහ ඖෂධ සඳහා කහ අවශ්‍ය වේ. පාරිභෝගික අධිකාරියෙන් පාලන මිලක් දැම්මා කහ කිලෝව රු. 750.00යි කියලා. නමුත් අද ලංකාවේ කහ කිලෝව 750.00ට ගන්න කිසිම තැනක් නැහැ. කහ කුඩු කිලෝවක් රු 3000.00 සිට ඉහළ මිල ගණන් වලට විකුණයි. මේවාද හොඳ කහකුඩුද නොවේ. මේවා ඇල්ලීමට පාරිභෝගික අධිකාරියද නැත...